ගීතාවලිය 49:4 - Sinhala New Revised Version 2018 මම හිතෝපදේශවලට අවධානය යොමු කරමි; වීණාව වයමින් ඒවායේ විසඳුම පහදා දෙන්නෙමි. Sinhala New Revised Version මම හිතෝපදේශවලට අවධානය යොමු කරමි; වීණාව වයමින් ඒවායේ විසඳුම පහදා දෙන්නෙමි. Sinhala Revised Old Version උපමාවකට කන යොමුකරන්නෙමි. මාගේ ගාම්භීර වාක්‍ය වීණාවෙන් එළිදරව්කරන්නෙමි. |
බුද්ධිමතුන්ගේ කියුම් ද ප්‍රහේලිකා ද තේරුම්ගනු වස් නුවණැතියෝ ඒවාට සවන් දී දැනුම දියුණු කරගන්නෝ ය; ප්‍රාඥයෝ උපදෙස් ලබාගන්නෝ ය.
එහෙත්, මම කතා කොට, “මහෝත්තම දෙවි ස්වාමීන් වහන්ස, එසේ කරන්න මට නොසැලැස්සුව මැනව; මා ප්‍රහේලිකා මඟින් කතා කරති යි සියලු දෙනා දැනට ම පැමිණිලි කරති”යි කීවෙමි.
මම ඔහු සමඟ මුහුණට මුහුණ ලා කතා කරමි, ගුප්ත වදනින් නොව, පැහැදිලි ව, කතා කරමි. ඔහු සමිඳුන්ගේ රූපය දකිනු ඇත. එබැවින් මාගේ සේවක මෝසෙස්ට විරුද්ධ ව කතා කිරීමට නුඹලා එඩිතර වූයේ කෙසේ දැ’යි ඇසූ සේක.
එවිට බාලාම් මේ අනාවැකිය කී ය: “මෝවබ්හි භූපති බාලාක් මා කැඳවූයේ, ආරාම් රටිනි, පෙරදිග කඳුකරයෙනි, ඔහු මා ඇමතූයේ, ‘ එන්න, මා වෙනුවෙන් ඉශ්රායෙල් ජනයාට සාප කරන්න. එන්න, ඉශ්රායෙල් ජනයා හට දෙස් කියන්න’ කියා ය.
මෙසේ වූයේ: “මම උපමා මඟින් කතා කරමි, ලෝකයේ මුල සිට ම රහස් ව තිබුණු දේ හෙළි කරන්නෙමි”යි දිවැසිවරයන් ලවා පවසන ලද කරුණු ඉටු වන පිණිස ය.
එබැවින් ඔබ අඳුරෙහි පැවසූ දේ එළියෙහි අසන්න ලැබේ; ඇතුළු ගබඩා වල දී කනට කොඳුරන ලද දෙය පියසි මුදුනෙන් පළ කරනු ලැබේ.”