ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගීතාවලිය 28:5 - Sinhala New Revised Version 2018

ඔවුන් සමිඳුන්ගේ ක්‍රියා හෝ එතුමාණන්ගේ නිර්මාණ හෝ නොසලකන බැවින්, එතුමාණෝ ඔවුන් සදහට ම සුණු විසුණු කරන සේක; යළි නොපිහිටුවන සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඔවුන් සමිඳුන්ගේ ක්‍රියා හෝ එතුමන්ගේ නිර්මාණ හෝ නොසලකන බැවින්, එතුමාණෝ ඔවුන් සදහට ම සුණු විසුණු කරන සේක; යළි නොපිහිටුවන සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඔවුන් ස්වාමීන්ගේ ක්‍රියා හෝ උන්වහන්සේගේ හස්තකර්ම හෝ නොසලකන බැවින් උන්වහන්සේ ඔවුන් බිඳ දමනසේක, ගොඩ නොනගනසේක.

පරිච්ඡේදය බලන්න



ගීතාවලිය 28:5
26 හුවමාරු යොමු  

ඔහු ම මාගේ නාමයට මාලිගාවක් ගොඩනඟන්නේ ය. ඔහුගේ රාජ්‍යයේ සිංහාසනය ද සදහට ම ස්ථිර කරන්නෙමි.


මන්ද, ඉශ්රායෙල්වරුන්ගේ දෙවි වන සියලු බලැති සමිඳාණන් වහන්ස, ඔබ කතා කොට, ‘මම නුඹට වංශයක් සාදා දෙන්නෙමි’යි ඔබේ මෙහෙකරුවාට එළිදරව් කළ සේක. එබැවින් මේ යාච්ඤාව ඔබට ඔප්පු කරන්නට ඔබේ මෙහෙකරුවා ධෛර්ය ගත්තේ ය.


මාගේ මෙහෙකරු වූ දාවිත් කළ පරිදි නුඹ මාගේ ආඥා හා පනත් රක්ෂා කරමින්, මා නුඹට අණ කරන සියල්ලට ඇහුම්කන් දී, මාගේ මාර්ගවල හැසිර මාගේ ඇස් හමුයෙහි හරි දේ කරන්නෙහි නම්, මම නුඹ සමඟ සිට දාවිත්ට ස්ථීර වූ පෙළපතක් ගොඩනඟා දුන් ලෙස නුඹටත් ගොඩනඟා දී ඉශ්රායෙල්වරුන් නුඹට භාර දෙන්නෙමි.


ඒ මිනිසා සැම විට ම සව් ඉසුරෙන් වැජඹෙනු ඇත. ඉහළින් එන දෙව් නියමය ගැන නම් කිසි දැනුමක් ඔහුට නැත. සිය සතුරන්ට ඔහු නිගා කරයි.


සමිඳුනි, ඔබේ කර්මාන්ත කොපමණ විවිධාකාර ද? ඔබ සියල්ල ප්‍රඥාවෙන් මැවූ සේක. පොළොව ඔබ මැවූ සතුන්ගෙන් පිරී ඇත;


සිය’තින් ඔබ නිම කළ අහස් තලය ද ඔබ පිහිටෙවූ සඳ මඬල ද තරු වැල් ද මා නරඹන කල්හි,


පරණ පොකුණෙන් ගලා එන වතුර රඳවා ගැනීමට නුඹලා බිත්ති දෙක අතර ජලාශයක් තනාගත්තහු ය. එහෙත්, නුඹලා මේ සියල්ල මීට බොහෝ කලකට පෙර සකස්කර, ඒ අයුරින් සිදු වන්න සැලැස්වූ දෙවියන් වහන්සේ සැලකුවේ නැත.


අහස දෙස බලන්න, ඔබට පෙනෙන ග්‍රහ තාරකා මැවුවේ කවරෙක් ද? හමුදාවන් මෙන් ඒවා ගෙන යන්නේ, ඒවායේ ගණන දැන සිටින්නේ, නම් වශයෙන් ඒවා හඳුනන්නේ දෙවිඳාණෝ ය. එතුමන්ගේ බලයේ මහත්කම නිසා ද එතුමන්ගේ ශක්තියේ බලවත්කම නිසා ද එයින් එකක් වත් නැති නොවේ.


පොළොව නිර්මාණය කෙළේ මම ය; ඒ පිට මිනිසුන් මැව්වේ මම ය; අහස විදහා පෑවේ මම ය; ආකාශ වස්තූන් හසුරුවන්නේත් මම ය,


සගලෝ මැවූ, පොළොව සාදා එය නිම කළ, පාළු ඉඩමක් ලෙස නොව, විසුමට තැනක් ලෙස පොළොව මැවූ එක ම දෙවි වන සමිඳාණෝ මෙලෙස වදාරන සේක: “මම සමිඳුන් වෙමි; හුදෙක් මා හැර අන් දෙවි කෙනෙක් නැත.


එම්බා අහස් තලය! වැසි වලාකුළක් මෙන් දැහැමිකම වස්වන්න. ගැළවීම හටගන්න පිණිස පොළොව විවර වේ වා! විමුක්තියේ මල් ද එහි පිබිදේ වා! ස්වාමීන් වන මම මෙය සිදු වන්න සලස්වන්නෙමි.”


ඔබේ උත්සවවල වීණා ද කුඩා වීණා ද රබන් ද නළා ද මත්පැන් ද ඇත; එහෙත්, සමිඳුන් කරන දේ ඔබ ගණන් ගන්නේ නැත; එතුමන්ගේ ක්‍රියා ගැන කල්පනා කරන්නේ වත් නැත.


එම්බා ඉශ්රායෙල් ජාතිය! මම නැවත නුඹ ගොඩනඟන්නෙමි. එවිට නුඹලා ගොඩනඟනු ලබන්නහු ය. නුඹලා නැවත නුඹලාගේ කිකිණි රබන් රැගෙන විනෝද වන්නන් සමඟ ප්‍රීතියෙන් නටන්නහු ය.


මෙහි ලියා ඇති දේ ප්‍රඥාවන්තයෝ තේරුම්ගනිත් වා! බුද්ධිමත්තු දැනගනිත් වා! සමිඳාණන් වහන්සේගේ මාර්ගය සෘජු ය; ධර්මිෂ්ඨයෝ ඒ මාර්ගයෙහි ගමන් කරති. එහෙත්, පව්කාරයෝ එහි පැකිළ වැටෙති.


ජාකොබ්ට එරෙහි ව අනවින නැත. ඉශ්රායෙල්ට එරෙහි ව පේන කීමක් ද නැත. ජාකොබ් පෙළපත, ඉශ්රායෙල් පරපුර අමතා, ‘දෙවිඳුන් කෙළේ කුමක් ද’ කියා අසනු ඇත.


උන් වහන්සේ ඔවුන් ඉදිරියේ එපමණ හාස්කම් සිදු කළ නමුදු, ඔවුන් උන් වහන්සේ අදහාගත්තේ නැත.


ලෝකය මැවූ තැන් සිට, ඇසට නොපෙනෙන උන් වහන්සේගේ දිව්‍ය ලක්ෂණ වන උන් වහන්සේගේ සදාතන බල මහිමයත් දේවත්වයත් ඔවුන්ගේ මනසට පෙනී යන පරිදි උන් වහන්සේගේ මැවිලිවලින් ප්‍රකාශ කර ඇත. එබැවින් ඔවුන්ගේ නිදහසට ඉදිරිපත් කළ හැකි කරුණු කිසිවක් නැත.


තවද ඔවුන් සිය බුද්ධියෙහි දෙවියන් වහන්සේට තැනක් දීම නුසුදුසු යයි සිතූ බැවින්, නුසුදුසු දේ කරන පිණිස තමන්ගේ ම දූෂිත චේතනාවන්ට ගොදුරු වීමට දෙවියන් වහන්සේ ඉඩ හැරිය සේක.