ගීතාවලිය 2:6 - Sinhala New Revised Version 2018 මාගේ ශුද්ධ සියොන් ගිර මත්තෙහි මා රජිඳු හට කිරුළු පළඳවා රජකම දුන්නෙමි. Sinhala New Revised Version මාගේ ශුද්ධ සියොන් ගිර මත්තෙහි මා රජිඳු හට කිරුළු පළඳවා රජකම දුන්නෙමි. Sinhala Revised Old Version මම සියොන්නම් මාගේ පිරිසිදු කන්ද මතුයෙහි මාගේ රජ්ජුරුවන් පිහිටුවීමියි කියනසේක. |
ඔහු මාගේ කුලුඳුල් පුතණුවන් කොට ද මිහි පිට රජුන් අතර අග රජු කොට ද මම ඔහු පත් කරන්නෙමි.
දාවිත්, ජාතීන්ගේ ප්‍රධානියෙකු ද ආඥාපතියෙකු ද කෙළෙමි. මාගේ සෙනඟට ඔහු මාගේ සාක්ෂිකාරයෙකු කරමි.
මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: “උස් වූ කිහිරි ගස් මුදුනෙන් මම ම රිකිල්ලක් ගෙන එය සිටුවන්නෙමි. එහි මුදුන් රිකිලිවලින් ළපටි රිකිල්ලක් කඩාගෙන උසට උසේ ඇති කන්දක් මුදුනේ සිටුවන්නෙමි.
ජෙරුසලමෙහි සියොන් කන්දට ආපසු පැමිණ මම එහි වැඩ වාසය කරන්නෙමි. ජෙරුසලම විශ්වාසවන්ත නගරය වශයෙන් ද සියලු බලැති දෙවියන් වහන්සේගේ කන්ද ශුද්ධ කන්ද වශයෙන් ද ප්‍රසිද්ධ වන්නේ ය.
ජේසුස් වහන්සේ ඔවුන් වෙතට අවුත් කතා කොට, “ස්වර්ගයෙහි ද පොළොවෙහි ද සියලු බලය මට පවරා තිබේ.
දෙවියන් වහන්සේ සියලු දේ ක්‍රිස්තුන් වහන්සේගේ පාදවලට යටත් කර, උන් වහන්සේ සභාවේ මහේශාක්‍ය නායකයාණන් කොට පත් කළ සේක.
එහෙත් ඔබ ළඟා වී සිටින්නේ සියොන් කන්දට ය; ජීවමාන දෙවියන් වහන්සේගේ නගරය වූ ස්වර්ගීය ජෙරුසලමට ය; කෝටි සංබ්‍යාත දේව දූත සේනාවන්ගෙන් යුත් මහා රැස්වීමට ය;
තවද, බැටළු පෝතකයාණන් ද, උන් වහන්සේ සමඟ එක් ලක්ෂ සතළිස් සාර දහස් දෙනෙකුන් ද සියොන් කන්ද මත සිටිනු දිටිමි. ඔවුන්ගේ නළල්වල උන් වහන්සේගේ නාමය ද, උන් වහන්සේගේ පියාණන්ගේ නාමය ද ලියා තිබිණි.