Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




එසකියෙල් 17:22 - Sinhala New Revised Version 2018

22 මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: “උස් වූ කිහිරි ගස් මුදුනෙන් මම ම රිකිල්ලක් ගෙන එය සිටුවන්නෙමි. එහි මුදුන් රිකිලිවලින් ළපටි රිකිල්ලක් කඩාගෙන උසට උසේ ඇති කන්දක් මුදුනේ සිටුවන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: “උස් වූ කිහිරි ගස් මුදුනෙන් මම ම රිකිල්ලක් ගෙන එය සිටුවන්නෙමි. එහි මුදුන් රිකිලිවලින් ළපටි රිකිල්ලක් කඩාගෙන උසට උසේ ඇති කන්දක් මුදුනේ සිටුවන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

22 ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: මමත් උස්වූ කිහිරි ගසේ මුදුනෙන් කෑල්ලක් ගෙන හිටවන්නෙමි; එහි මුදුන් රිකිලිවලින් ළපටි එකක් කඩාගෙන උසස්ව තිබෙන උස්වූ කන්දක් උඩ හිටවන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 17:22
19 හුවමාරු යොමු  

මාගේ ශුද්ධ සියොන් ගිර මත්තෙහි මා රජිඳු හට කිරුළු පළඳවා රජකම දුන්නෙමි.


කඳු මත ගොයම් ලෙළ දේ වා! ධාන්‍ය බහුල ව ඉතිරේ වා! ලෙබනොන්හි මෙන් පලදාව සරුසාර වේ වා! කෙතේ තණ මෙන් වැසියන්ගෙන් නගර සපිරේ වා!


ඔබේ දකුණතින් රෝපණය කළ දේ සැලකුව මැනව; ඔබට ම සවිමත් කරගත් දේ බැලුව මැනව.


සමිඳාණන් වහන්සේගේ අංකුරය අලංකාර ව හා සරුසාර ව වැඩෙන කාලයක් පැමිණෙන්නේ ය. ඉශ්රායෙල්හි ඉතිරි ව සිටින සෙනඟ භූමියෙන් හටගන්න අස්වැන්න ගැන ආඩම්බර වෙති. ප්‍රීති වෙති.


මාගේ සේවකයාණෝ වැඩෙන පැළෑටියක් සේ ද වියළි බිමෙන් මතු වන අංකුරයක් සේ ද සමිඳුන් අබියස වැඩුණෝ ය. එතුමන්ට රූපවත්කමක් හෝ පැහැපත්කමක් හෝ නැත; මන පිනවන ශෝභමානකමක් ද නැත;


මක්නිසා ද, උස් වූ ඉශ්රායෙල් කන්ද වන මාගේ ශුද්ධ කන්දේ දී මුළු ඉශ්රායෙල් වංශය වසන දේශයෙහි සිටින ඔවුන් සියල්ලන් මට සේවය කරනු ඇතැ”යි දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක. “එහි දී මම ඔවුන් පිළිගන්නෙමි. එහි දී මම නුඹලාගේ පඬුරු ද නුඹලා ඔප්පු කරන ඉස්තරම් දීමනා ද නුඹලාගේ ශුද්ධ පූජා සමඟ මට පුදන්න නියම කරන්නෙමි.


මම ඔවුන්ට සශ්‍රීක වතු පිටි උපදවන්නෙමි. ඔව්හු තවත් දේශයේ සාගතයෙන් විනාශ නොවන්නෝ ය. විජාතීන්ගේ නින්දාවට ලක් නොවන්නෝ ය.


මම දේශයෙහි ඉශ්රායෙල් කඳු පිට ඔවුන් එක ජාතියක් කරන්නෙමි. එක රජෙක් ද ඔවුන් සියල්ලන්ට ම රජ වන්නේ ය. ඔව්හු තවත් ජාති දෙකක් නොවන්නෝ ය. තවත් රාජ්‍යයන් දෙකකට නොබෙදෙන්නෝ ය.


දෙවියන් වහන්සේගේ දර්ශන මඟින් ඉශ්රායෙල් දේශයට මා පමුණුවා, ඉතා උස් වූ කන්දක් මත මා සිටෙවූ සේක. ඒ කන්ද පිට නුවරක් වැනි නිර්මාණයක් මා ඉදිරියෙහි තිබිණි.


“මතු දවස, සමිඳුන්ගේ මාලිගාව පිහිටි කන්ද ඉතා ම උස කන්ද මෙන් ද සියලු කඳු හෙල්වලට වඩා ඉහළින් ද පිහිටුවනු ලබන්නේ ය. ජනයෝ එයට වැල නොකැඩී එන්නෝ ය.


ජෝෂුවා, උත්තම පූජක වන නුඹ ද සහකාර පූජකයන් වන නුඹලා ද සවන් දෙන්න. නුඹලා වනාහි මංගල පෙර නිමිති ය. ‘පැළෑටිය’ වන මාගේ මෙහෙකරුවා පැමිණෙන්නට සලස්වන්නෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්