ඉන්පසු දෙවියන් වහන්සේ, “ජලය ස්ථාන දෙකක වෙන් වෙන් ව පවතින පිණිස එය වෙන් කරන අහස් කුස වේ වා!”යි වදාළ සේක. එසේ ම විය.
ගීතාවලිය 19:2 - Sinhala New Revised Version 2018 එක් දිනක් තව දිනකට මෙපුවත කියන්නේ ය; එක් රැයක් තව රැයකට එය ම පවසන්නේ ය. Sinhala New Revised Version එක් දිනක් තව දිනකට මෙපුවත කියන්නේ ය; එක් රැයක් තව රැයකට එය ම පවසන්නේ ය. Sinhala Revised Old Version දවාල දවාලට කථාකරයි, රාත්‍රිය රාත්‍රියට ඥානය දක්වයි. |
ඉන්පසු දෙවියන් වහන්සේ, “ජලය ස්ථාන දෙකක වෙන් වෙන් ව පවතින පිණිස එය වෙන් කරන අහස් කුස වේ වා!”යි වදාළ සේක. එසේ ම විය.
පොළොව පවතින තෙක්, වැපිරීම හා කැපීම ද ශීත හා උණුසුම ද සිසිර හා ගිම්හානය ද දවාල හා රාත්‍රිය ද නොකඩවා පවතිනු ඇත.”
සමිඳාණන් වහන්සේ පසසන්න. දෙවිඳුන්ගේ ශුද්ධ ස්ථානයෙහි දී එතුමාණෝ පසසන්න. එතුමාණන්ගේ බලය පවත්නා අහස් තලයෙහි එතුමාණෝ පසසන්න.
ඔබ මිනිසා ගැන සිතන්නට තරම් ඔහු කවරෙක් ද? ඔබ මිනිසා ගැන සලකන්නට තරම් ඔහුගේ අගය කුමක් දැ යි මට සිතෙන්නේ ය.
මා ඔබට දැන් ප්‍රශංසා කරන්නාක් මෙන් ඔබට ප්‍රශංසා කරන්නේ ජීවතුන් අතර සිටින අය ම ය. ඔබේ විශ්වාසවන්තකම ගැන පියවරු සිය දරුවන්ට කියති.