එසේ කරන්නේ, ජාතීන් කෙරෙහි පළිගැනීම පිණිස ය; මිනිස් වර්ගයන් කෙරෙහි දඬුවම් පමුණුවන පිණිස ය;
කුමටදයත්, ජාතීන් කෙරෙහි පළිගැනීම හා මනුෂ්‍ය වර්ගයන් කෙරෙහි දඬුවම් පමුණුවන පිණිසත්,
මම නුඹලාගේ රටේ ඇති අෂේරා කප් කණු බිඳ හෙළා නුඹලාගේ නගර විනාශ කරන්නෙමි.
ඉන්පසු ජෝෂුවා ඔවුන්ට පහර දී ඔවුන් මරා ගස් පහක එල්ලුවේ ය. ඔව්හු ඔවුන් සවස දක්වා ගස්වල එල්ලා තැබුවෝ ය.
‘සමිඳුන්ගේ උදව්වට සතුරන්ට විරෝධය පා ඉදිරියට නා බැවින් මෙරොස්හි වැසියන්ට සාප වේවා’යි සමිඳුන්ගේ දූතයා කී ය.