ගීතාවලිය 145:5 - Sinhala New Revised Version 2018 මම ඔබේ රජ සිරි තෙද මහිමයත්, ඔබේ අරුමපුදුම ක්‍රියාත් මෙනෙහි කරන්නෙමි. Sinhala New Revised Version මම ඔබේ රජ සිරි තෙද මහිමයත්, ඔබේ අරුමපුදුම ක්‍රියාත් මෙනෙහි කරන්නෙමි. Sinhala Revised Old Version මම ඔබගේ ගෞරවයේ තේජෝමහිමයත් ඔබගේ පුදුම ක්‍රියාත් මෙනෙහිකරන්නෙමි. |
දවස පුරා මම ඔබේ දැහැමි ක්‍රියා ගැන කතා කරන්නෙමි. මන්ද, මාගේ විනාශය සොයන්නන් ලජ්ජාවටත්, වියවුලටත් පත් කර ඇත.
ඉශ්රායෙල්වරුන්ගේ දෙවිඳුන් හට, දෙවි සමිඳුන් හට, පැසසුම් වේ වා! අරුමපුදුම දේ කරන්නේ එතුමාණෝ පමණක් ය.
විජාතීන් අතර එතුමාණන්ගේ මහිමය ප්‍රකාශ කරන්න; ජනතාවන් අතර එතුමාණන්ගේ ප්‍රබල ක්‍රියා පවසන්න.
ඒ දවසේ දී සෙනඟ මෙසේ පැසසුම් ගී ගයන්නෝ ය: “සමිඳුන්ට තුති පුදන්න; එතුමන්ගේ නම පවසා අයැදින්න. එතුමන්ගේ ක්‍රියා ජාතීන් අතර පවසන්න. එතුමන්ගේ නාමයේ ශ්‍රේෂ්ඨත්වය ප්‍රකාශ කරන්න.