තිගේ ළදරුවන් රැගෙන ගලේ ගසන මිනිසා වාසනාවන්ත ය.
නුඹේ ළදරුවන් රැගෙන ගලේ ගසන තැනැත්තේ වාසනාවන්තවන්නේය.
එවිට හසායෙල්, “මාගේ ස්වාමියා අඬන්නේ කුමක් නිසා දැ”යි ඇසී ය. ඔහු උත්තර දෙමින්, “ඔබ ඉශ්රායෙල් ජනයාට කරන්න යන නපුර මා දන්න නිසා ය. ඔබ ඔවුන්ගේ බලකොටු ගිනිලා, ඔවුන්ගේ යෞවනයන් කඩුවෙන් නසා, ඔවුන්ගේ දරුවන් බිම ගසා මරා, ඔවුන්ගේ ගර්භණීන් දෙපළුකර දමන්නෙහි ය”යි කී ය.
ඔවුන් බලා සිටිය දී ඔවුන්ගේ ළදරුවෝ බිම ගසා මරනු ලබන්නෝ ය. ඔවුන්ගේ ගෙවල් කොල්ලකනු ලබන්නේ ය. ඔවුන්ගේ භාර්යාවෝ දූෂණය කරනු ලබන්නෝ ය.
එබැවින් නුඹලාගේ සෙනඟ පිට යුද්ධය පැමිණෙන්නේ ය; නුඹලාගේ සියලු බලකොටු විනාශ වන්නේ ය. ඒ දවස ෂල්මාන් රජු විසින් යුද්ධයේ දී බෙත්-අර්බේල් නගරය විනාශ කරනු ලැබූ, මවුවරුන් ද දරුවන් ද දරුණු ලෙස මරනු ලබන දවසට සමාන වන්නේ ය.
දෙවියන් වහන්සේට විරුද්ධ ව කැරලි ගසා ඇති බැවින් සමාරිය දඬුවම් ලබන්නී ය. සමාරිය වැසියෝ යුද්ධයේ දී විනාශ වන්නාහ. අත දරුවෝ බිම ගසා මරනු ලබන්නෝ ය. ගර්භණීන් ඉරාදමනු ඇත.”
එහෙත්, තීබ්ස් රටේ ජනයා විප්‍රවාසගත කරනු ලැබ, වහල්කමට ගෙනයනු ලැබූ හ. ඇගේ බිළිඳු දරුවෝ හැම මංසන්ධියක ම බිම ගසා මරනු ලැබුවෝ ය. ඇගේ වැදගත් සෙනඟ උදෙසා දාදු දමන ලදී. බලවත් අය දම්වැල්වලින් බැඳගෙන යනු ලැබූ හ.