Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




යෙසායා 13:16 - Sinhala New Revised Version 2018

16 ඔවුන් බලා සිටිය දී ඔවුන්ගේ ළදරුවෝ බිම ගසා මරනු ලබන්නෝ ය. ඔවුන්ගේ ගෙවල් කොල්ලකනු ලබන්නේ ය. ඔවුන්ගේ භාර්යාවෝ දූෂණය කරනු ලබන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 ඔවුන් බලා සිටිය දී ඔවුන්ගේ ළදරුවෝ බිම ගසා මරනු ලබන්නෝ ය. ඔවුන්ගේ ගෙවල් කොල්ලකනු ලබන්නේ ය. ඔවුන්ගේ භාර්යාවෝ දූෂණය කරනු ලබන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

16 ඔවුන්ගේ ළදරුවෝද ඔවුන්ගේ ඇස් ඉදිරියේදී බිම ගසා මරනු ලබන්නෝය; ඔවුන්ගේ ගෙවල් කොල්ලකනු ලබන්නේය, ඔවුන්ගේ භාර්යාවෝ අවමන්කරනු ලබන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 13:16
9 හුවමාරු යොමු  

ඔව්හු දුනුවලින් යෞවනයන් කැබලි කරන්නෝ ය; දරුවන්ට අනුකම්පා නොකරන්නෝ ය; ළමුන්ට කරුණාව නොදක්වන්නෝ ය.


ඝාතනය ආරම්භ වේ වා! මේ රජ්ජුරුවන්ගේ දරුවෝ සිය මුතුන්මිත්තන්ගේ පව් නිසා මරනු ලබන්නෝ ය. ඔවුන්ගෙන් කිසිවෙකුත් ලෝකය පාලනය කරන්නේ වත්, ලොව පුරා නගර පිහිටුවන්නේ වත් නැත.”


මේ කරුණු දෙක ම එනම්, දරුවන් නැති වීම ද වැන්දඹුවක වීම ද එක දවසේ හදිසියේ ම නුඹට පැමිණෙන්නේ ය. එය වැළැක්වීමට නුඹේ යන්ත්‍ර මන්ත්‍රවලින් හා සිව් සැට මායම්වලින් වැඩක් වන්නේ නැත.


ස්ත්‍රීන් හා පුරුෂයන් ද බාල හා මහලු සියල්ලන් ද විනාශ කරමි. තරුණ තරුණියන් ද නැති කරදමමි.


සියොන්හි ස්ත්‍රීහුත්, ජුදාහි නගරවල කන්‍යාවෝත් බලහත්කාරකම් කරනු ලැබූ හ.


එබැවින් නුඹලාගේ සෙනඟ පිට යුද්ධය පැමිණෙන්නේ ය; නුඹලාගේ සියලු බලකොටු විනාශ වන්නේ ය. ඒ දවස ෂල්මාන් රජු විසින් යුද්ධයේ දී බෙත්-අර්බේල් නගරය විනාශ කරනු ලැබූ, මවුවරුන් ද දරුවන් ද දරුණු ලෙස මරනු ලබන දවසට සමාන වන්නේ ය.


එහෙත්, තීබ්ස් රටේ ජනයා විප්‍රවාසගත කරනු ලැබ, වහල්කමට ගෙනයනු ලැබූ හ. ඇගේ බිළිඳු දරුවෝ හැම මංසන්ධියක ම බිම ගසා මරනු ලැබුවෝ ය. ඇගේ වැදගත් සෙනඟ උදෙසා දාදු දමන ලදී. බලවත් අය දම්වැල්වලින් බැඳගෙන යනු ලැබූ හ.


ජෙරුසලමට විරුද්ධ ව යුද්ධ කරන පිණිස සමිඳාණන් වහන්සේ සියලු ජාතීන් එක්රැස් කරන සේක. නගරය අල්ලාගනු ලැබේ; ගෙවල් කොල්ලකනු ලැබේ; ස්ත්‍රීහු දූෂණය කරනු ලබති; සෙනඟගෙන් දෙකෙන් කොටසක් වහල්කමට ගෙනයනු ලබන අතර, ඉතිරි කොටස නුවරින් පිටත ගෙනයනු නොලබති.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්