ගීතාවලිය 135:6 - Sinhala New Revised Version 2018 සමිඳාණෝ, යමක් කරන්නට කැමැති සේක් නම්, අහසෙහි ද පොළොවෙහි ද මුහුදුවල සහ හැම ගැඹුරු තැන්වල ද එය ඉටු කරන සේක. Sinhala New Revised Version සමිඳාණෝ, යමක් කරන්නට කැමැති සේක් නම්, අහසෙහි ද පොළොවෙහි ද මුහුදුවල සහ හැම ගැඹුරු තැන්වල ද එය ඉටු කරන සේක. Sinhala Revised Old Version ස්වාමීන්වහන්සේ යමකට කැමතිවූසේක්ද එය අහසෙහිද පොළොවෙහිද මුහුදුවල සහ හැම ගැඹුරු තැන්හිද ඉෂ්ටකළසේක. |
අවසානය තෙක් කුමක් වන්නේ දැ යි පටන්ගැන්මේ සිට ම මම කීවෙමි. සිදු වන්න යන දේ පුරාණයේ සිට ම මම ප්‍රකාශ කෙළෙමි. මා අදහස් කළ දේ නොවරදින බවත්, මා ඉටාගත් හැම දේ ඉටු කරන බවත් මම කීවෙමි.
උන් වහන්සේ වනාහි, කඳු සාදන, සුළං මවන, සිය සිතුවිලි මිනිසා හට පාන, උදයත් රැයත් දෙක ම මවන, මුළු ලොවට ම අධිපති වන තැනැන් වහන්සේ ය. උන් වහන්සේගේ ගරු නාමය සියලු බලැති දෙවි සමිඳු ය.
සගලොව සිය විමන ද නර ලොව උඩින් අහස් වියන ද මවන්නේ සමිඳාණෝ ය. මුහුදේ ජලයට හඬගසා පොළොවේ වගුරුවා යවන සේක. එතුමන්ගේ නාමය සමිඳාණෝ ය.”
ජේසුස් වහන්සේ ඔවුන් වෙතට අවුත් කතා කොට, “ස්වර්ගයෙහි ද පොළොවෙහි ද සියලු බලය මට පවරා තිබේ.