තවද, දාවිත් කතා කොට, “ඉශ්රායෙල්ගේ දෙවි සමිඳාණන් වහන්සේ තමන්ගේ සෙනඟට සාමදානය දී තිබේ ය”යි ද, “උන් වහන්සේ ජෙරුසලමෙහි සෑම කල්හි ම වාසය කරන සේකැ”යි ද,
ගීතාවලිය 135:21 - Sinhala New Revised Version 2018 සියොන්හි, ජෙරුසලමෙහි වැඩ වසන සමිඳාණෝ ප්‍රශංසා ලබන සේක් වා! සමිඳුන්ට ප්‍රශංසා කරන්න. Sinhala New Revised Version සියොන්හි, ජෙරුසලමෙහි වැඩ වසන සමිඳාණෝ ප්‍රශංසා ලබන සේක් වා! සමිඳුන්ට ප්‍රශංසා කරන්න. Sinhala Revised Old Version යෙරුසලමෙහි වසන ස්වාමීන්වහන්සේ සියොන්හි සිට ප්‍රශංසා ලබනසේක්වා. ස්වාමීන්ට ප්‍රශංසාකරව්. |
තවද, දාවිත් කතා කොට, “ඉශ්රායෙල්ගේ දෙවි සමිඳාණන් වහන්සේ තමන්ගේ සෙනඟට සාමදානය දී තිබේ ය”යි ද, “උන් වහන්සේ ජෙරුසලමෙහි සෑම කල්හි ම වාසය කරන සේකැ”යි ද,
එහෙත්, මාගේ නාමයේ ගෞරවය රක්ෂා කරන ලෙස ජෙරුසලම ද මාගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ගේ ප්‍රධානියා වන පිණිස දාවිත් ද තෝරා ගතිමි’යි වදාරා ස්වකීය හස්තයෙන් එය ඉෂ්ට කළ සේක.
ඒ සමඟ මුළු බබිලෝනි ප්‍රදේශයේ ඔබට සොයා ගත හැකි රන් රිදී සියල්ල ද ජෙරුසලමෙහි ඇති, තමන්ගේ දෙවියන් වහන්සේගේ මාලිගාව උදෙසා සෙනඟ සහ පූජකයන් සිය කැමැත්තෙන් දෙන පඬුරු ද ඔබ ගෙන යා යුතු ය.
සමිඳාණෝ සියොන්හි සිට ඔබට ආශීර්වාද කරන සේක් වා! ඔබේ මුළු ජීවිත කාලයේ දී ජෙරුසලමේ සුබ සෙත ඔබට දක්නට ලැබේ වා!
සමිඳාණෝ, එසේ ය, අහසත් පොළොවත් මැවූ තැනැන් වහන්සේ, සියොන් සිට ඔබට ආශීර්වාද කරන සේක් වා!
අප දෙව් නුවර වන එතුමාණන්ගේ ශුද්ධ කන්දෙහි හිමිතුමාණෝ උදාර ය. විපුල පැසසුම් ලද යුතු ය.
උතුරු දෙසින් වන, මහ රජුගේ නුවර වූ සියොන් කන්ද උස මහතින් මනරම් ය; මුළු පොළොවට පියකරු ය.
සියොන් වැසි සියල්ලෙනි, මොරගසා ගී ගයන්න; ඉශ්රායෙල් ශුද්ධ දෙවිඳාණන් උතුම් වන බැවින් ද සිය සෙනඟ අතරේ වැඩ සිටින බැවින් ද සතුටින් හඬ නඟා ගී ගයන්න.”
ජාකොබ් පෙළපතෙහි නපුරක් එතුමන්ට නොපෙනේ. ඉශ්රායෙල් පරපුරෙහි දූෂ්‍යකමක් එතුමාණෝ නුදුටු සේක. දෙවි සමිඳාණෝ ඔවුන් සමඟ ය. එතුමාණන් සිය රජු බව ඔව්හු පවසති.