ගීතාවලිය 128:1 - Sinhala New Revised Version 2018 සමිඳාණන් වහන්සේ කෙරෙහි ගරුබිය ඇති, එතුමාණන්ගේ මාර්ගයෙහි හැසිරෙන සියල්ලෝ භාග්‍යවන්තයෝ ය. Sinhala New Revised Version සමිඳුන් කෙරෙහි ගරුබිය ඇති, එතුමන්ගේ මාර්ගයෙහි හැසිරෙන සියල්ලෝ භාග්‍යවන්තයෝ ය. Sinhala Revised Old Version ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවන්නාවූ, උන්වහන්සේගේ මාර්ගවල හැසිරෙන්නාවූ සියල්ලෝම භාග්‍යවන්තයෝය. |
පියෙකු දරුවන්ට අනුකම්පා කරන සේ සමිඳාණෝ, තමන් කෙරෙහි ගරුබිය ඇත්තන්ට අනුකම්පා කරන සේක.
සමිඳාණන් වහන්සේ පසසන්න, සමිඳුන් වෙත ගරුබිය ඇති ව සිටින්නා ද එතුමාණන්ගේ ආඥාවලට බොහෝ සේ ප්‍රිය වන්නා ද භාග්‍යවන්ත ය.
නිදොස් දිවියක් ගත කරන අය, සමිඳාණන් වහන්සේගේ ව්‍යවස්ථාව අනුව හැසිරෙන අය භාග්‍යවන්ත ය.
සමිඳාණෝ ගෙය නොසාදන සේක් නම්, එය ඉදි කරන්නෝ නිකරුණේ වෙහෙසෙති. සමිඳාණෝ නගරය රැක බලා නොගන්න සේක් නම්, මුරකරුවෝ නිකරුණේ පිබිද සිටිති.
එහෙත් සමිඳාණෝ, තමන් කෙරෙහි ගරුබිය ඇත්තන්ට, තමන්ගේ ප්‍රේමය පතන්නන්ට, ප්‍රසන්න වන සේක.
මේ යුවල සමිඳාණන් වහන්සේගේ සියලු ආඥා හා නියෝග නිවැරදි ව පිළිපදිමින් දෙවියන් වහන්සේ අබිමුවෙහි දැහැමින් විසූ හ.
මෙසේ මුළු ජුදයෙහි ද ගලීලයෙහි ද සමාරියෙහි ද සභාවට සාමයේ කාලයක් ඇති විය. සභාව ශක්තිසම්පන්න ව, දේව ගෞරවයෙහි ද ශුද්ධාත්ම වරප්‍රසාදයෙහි ද පවතිමින් වැඩි වර්ධනය වූවා ය.
“ඔබේ නගරයේ දී ඔබ ආශීර්වාද ලද්දෝ වන්නහු ය. ඔබේ කෙත්වතුවල දී ඔබ ආශීර්වාද ලද්දෝ වන්නහු ය.
සහෝදරවරුනි, දෙවියන් වහන්සේ ප්‍රසන්න කිරීමට කෙසේ හැසිරිය යුතු දැ යි ඔබ අපගෙන් ඉගෙනගත්තහු ය. ඔබ එසේ හැසිරෙන්නහු ය. එහෙත් ඔබ වැඩි වැඩියෙන් එසේ කරන ලෙස, අපි සහකාර කිතුනුවන් වශයෙන් ඔබගෙන් ඉල්ලා අවවාද කරමු.