සමිඳුනි, ආදියේ සිට පැවති ඔබේ විනිසුම් සිහි කොට සැනසීම ලබා ගතිමි.
ස්වාමිනි, පුරාණයේ සිට තිබුණ ඔබගේ විනිශ්චයන් සිහිකොට සැනසීම ලබාගතිමි.
එතුමාණන්ගේ ගිවිසුම රක්ෂා කරන්නන්ටත්, එතුමාණන්ගේ ශික්ෂාවන් ඉටු කිරීමට ඒවා මෙනෙහි කරන්නන්ටත්, එතුමාණන්ගේ දමිටුකම පරපුරෙන් පරපුරට පවත්නේ ය.
එතුමාණන්ගේ මෙහෙකරුන් වූ ඉශ්රායෙල් වංශයෙනි, එතුමාණෝ තෝරාගත් ජාකොබ්ගේ දරුවෙනි, එතුමාණෝ කළ පුදුම ක්‍රියා ද එතුමාණන්ගේ ආශ්චර්යයන් ද එතුමාණෝ දුන් විනිශ්චයයන් ද සිහි කරන්න.
යටගිය දවස් මම සිහි කරමි; ඔබේ සියලු ක්‍රියා ගැන භාවනා කරමි; ඔබ කළ දේ ගැන මෙනෙහි කරමි.
යටගිය දවස් ගැන මම කල්පනා කරන්නෙමි; ගෙවී ගිය අවුරුදු සිහිපත් කරන්නෙමි.