ගීතාවලිය 119:33 - Sinhala New Revised Version 2018 සමිඳුනි, ඔබේ ශික්ෂා මාර්ගය මට ඉගැන්නුව මැනව. එය දිවි හිමියෙන් මම පිළිපදින්නෙමි. Sinhala New Revised Version සමිඳුනි, ඔබේ ශික්ෂා මාර්ගය මට ඉගැන්නුව මැනව. එය දිවි හිමියෙන් මම පිළිපදින්නෙමි. Sinhala Revised Old Version ස්වාමිනි, ඔබගේ ව්‍යවස්ථා මාර්ගය මට ඉගැන්නුව මැනව; එය කෙළවර දක්වා පවත්වන්නෙමි. |
මම වචනයක් වත් නොකීමි; හොඳ දෙයක් කීමෙන් පවා වැළකුණෙමි. එහෙත්, මාගේ ශෝකය තවත් උග්‍ර විය;
මාගේ නාමය නිසා සියල්ලන් ඔබට වෛර කරනු ඇත. එහෙත්, අන්තිම දක්වා ස්ථීර ව සිටින්නා ගැළවෙන්නේ ය.
‘සියල්ලෝ ම දෙවියන් වහන්සේ විසින් උගන්වනු ලබති’යි දිවැසාවලියෙහි ලියා ඇත. දෙවියන් වහන්සේට සවන් දී, උන් වහන්සේගෙන් ඉගෙනගත් සියල්ලෝ ම මා වෙත එති.
ඔබ තුළ යහපත් කාර්යයක් ඇරඹු උන් වහන්සේ, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ පැමිණීමේ දවස දක්වා එය සම්පූර්ණ කරනු ඇතැ යි මම ඒකාන්තයෙන් ම විශ්වාස කරමි.
උන් වහන්සේගෙන් ලැබූ ආලේපය ඔබ තුළ පවතින හෙයින් ඔබට ඉගැන්වීමට අන් කිසිවෙක් වුවමනා නැත. උන් වහන්සේගේ ඒ ආලේපය ඔබට සියල්ල උගන්වනු ඇත. එය සත්‍යම ය; අසත්‍යයක් නොවේ. ඒ ආලේපය ඔබට ඉගැන්වූ පරිදි, උන් වහන්සේ තුළ පැවතී සිටින්න.
අග දක්වා මාගේ ක්‍රියා නොපිරිහෙළා ඉටු කරන ජයග්‍රාහකයාට පියාණන් වහන්සේගෙන් මා ලැබූ ලෙස, ජාතීන් කෙරෙහි බලය පවරා දෙන්නෙමි,