ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගීතාවලිය 109:26 - Sinhala New Revised Version 2018

මාගේ දෙවි සමිඳුනි, මට පිහිට වුව මැනව; ඔබේ තිර පෙම ප්‍රකාරයට මා ගැළෙවුව මැනව.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

මාගේ දෙවි සමිඳුනි, මට පිහිට වුව මැනව; ඔබේ තිර පෙම ප්‍රකාරයට මා ගැළෙවුව මැනව.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මාගේ දෙවිවූ ස්වාමිනි, මට පිහිටවුව මැනව; ඔබගේ කරුණාව ප්‍රකාර මා ගැළෙවුව මැනව.

පරිච්ඡේදය බලන්න



ගීතාවලිය 109:26
6 හුවමාරු යොමු  

ඔබේ ආඥා සියල්ල විශ්වාස කටයුතු ය. මිනිස්සු අයුතු ලෙස මට පීඩා කරති. මට පිහිට වුව මැනව.


මම දහස් ගණන් උවදුරින් වට වී සිටිමි. හිස එසවීමට බැරි තරම් මාගේ පව් මා පිට පැමිණ ඇත. ඒවා මාගේ හිසකේවලට වඩා වැඩි ය. මාගේ සිතට දිරියක් නැත.


මට අනුකම්පා කළ මැනව; අහෝ දෙවිඳුනි! මට අනුකම්පා කළ මැනව. මම ඔබ සරණ පතමි; විපත් කුණාටුව පහ වී යන තෙක්, ඔබ පියාපත් සෙවණෙහි මම රැකවරණය පතමි.


එහෙත් සමිඳුනි, මාගේ අයැදුම ඔබට ය. අනේ දෙවිඳුනි! ඔබ රිසි වේලාවක මට පිළිතුරු දුන මැනව! ඔබේ අධික ප්‍රේමයෙන් ඔබ දුන් ගැළවීමේ පොරොන්දුව ඉටු කරන නිසා, මට උත්තර දුන මැනව!


සමිඳුනි, ඔබේ තිර පෙම යහපත් බැවින් මට පිළිතුර දුන මැනව! ඔබේ ඉමහත් දයාව අනුව ඔබේ මුහුණ මා වෙත හැරෙව්ව මැනව!


ක්‍රිස්තුන් වහන්සේ මිනිසත්බව ගෙන සිටිය දී තමන් මරණයෙන් ගළවන්නට පිළිවන් වූ තැනැන් වහන්සේට බලවත් හැඬීමෙනුත් කඳුළු සැලීමෙනුත්, යාච්ඤා ද කන්නලවු ද ඔප්පු කළ සේක. උන් වහන්සේගේ දේව ගරුබිය නිසා, දෙවියන් වහන්සේ එයට සවන් දුන් සේක.