Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 69:13 - Sinhala New Revised Version 2018

13 එහෙත් සමිඳුනි, මාගේ අයැදුම ඔබට ය. අනේ දෙවිඳුනි! ඔබ රිසි වේලාවක මට පිළිතුරු දුන මැනව! ඔබේ අධික ප්‍රේමයෙන් ඔබ දුන් ගැළවීමේ පොරොන්දුව ඉටු කරන නිසා, මට උත්තර දුන මැනව!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 එහෙත් සමිඳුනි, මාගේ අයැදුම ඔබට ය. අනේ දෙවිඳුනි! ඔබ රිසි වේලාවක මට පිළිතුරු දුන මැනව! ඔබේ අධික ප්‍රේමයෙන් ඔබ දුන් ගැළවීමේ පොරොන්දුව ඉටු කරන නිසා, මට උත්තර දුන මැනව!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

13 එහෙත් ස්වාමිනි, මම වනාහි පිළිගන්නා කාලයකදී මාගේ යාච්ඤාව ඔබට පුදමි. දෙවියන්වහන්ස, ඔබගේ අධික දයාවෙන්, ඔබගේ ගැළවීමේ සැබෑකමින් මට උත්තරදුන මැනව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 69:13
24 හුවමාරු යොමු  

මන්ද, “ප්‍රසාදජනක කාලයේ දී මම ඔබට සවන් දුනිමි, ගැළවීමේ දවසේ දී මම ඔබට පිහිට වුණෙමි”යි දෙවියන් වහන්සේ වදාරන සේක. මෙය ප්‍රසාදජනක කාලය යි. මෙය ගැළවීමේ දවස යි.


සමිඳාණෝ මෙසේ වදාළ සේක: “සුදුසු කාලයේ දී මම නුඹට පිළිතුරු දී, ගැළවීමේ දවසේ දී නුඹට උපකාර කරන්නෙමි. මම නුඹ ආරක්ෂාකර, නුඹ මඟින් සියලු මිනිසුන් සමඟ ගිවිසුමක් කරන්නෙමි. දැනට පාළු වී ඇති නුඹේ දේශය නැවත උරුම කරගන්න මම නුඹට දෙන්නෙමි.


ඔහු මට අයැදින්නේ නම්, මම පිළිතුරු දෙන්නෙමි. දුකේ දී ඔහු සමඟ සිට ඔහු මුදා මම ඔහුට ගරු කරන්නෙමි.


ඒ ඔබේ සේවකයන්ගෙන් ඔබ විමසුවොත් ඔවුන් ඒ බව ඔබට කියනු ඇත. ඒ නිසා අපට ඔබ ඉදිරියෙහි කරුණාව ලැබේ වා! මන්ද, අපි මංගල අවස්ථාවකට එළඹ සිටිමු. මෙහෙකරුවන්ටත්, ඔබේ පුත් දාවිත්ටත් ඔබට පුළුවන් දෙයක් දෙන ලෙස ඉල්ලමු’යි කියන්න.”


උන් වහන්සේට නින්දා කරනු ලැබූ කල, නින්දා නොකළ සේක. වද වින්ද කල තර්ජනය නොකර, දැහැමි ලෙස විනිශ්චය කරන තැනැන් වහන්සේට තමන් ම භාර දුන් සේක.


ක්‍රිස්තුන් වහන්සේ මිනිසත්බව ගෙන සිටිය දී තමන් මරණයෙන් ගළවන්නට පිළිවන් වූ තැනැන් වහන්සේට බලවත් හැඬීමෙනුත් කඳුළු සැලීමෙනුත්, යාච්ඤා ද කන්නලවු ද ඔප්පු කළ සේක. උන් වහන්සේගේ දේව ගරුබිය නිසා, දෙවියන් වහන්සේ එයට සවන් දුන් සේක.


හමු විය හැකි බැවින් සමිඳුන් සොයා යන්න; ළඟ ම සිටිය දී එතුමන් අයැදින්න.


“මාගේ ස්වාමියා වන ආබ්‍රහම්ගේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා වේ වා! උන් වහන්සේ තම කරුණාවත්, යහපත්කමත් ඔහු වෙතින් ඉවත් නොකළ සේක. ඔහුගේ සහෝදරයාගේ ම ගෙදරට කෙළින් ම මා ගෙන ආ සේකැ”යි කී ය.


උන් වහන්සේ දැඩි සිත් වේදනාවෙන් පෙළුණු සේක්, වඩාත් ඕනෑකමින් යාච්ඤා කළ සේක. උන් වහන්සේගේ ඩාදිය ලේ බින්දු මෙ‍න් බිම වැටිණි.


එතුමාණෝ ඉශ්රායෙල් වංශය කෙරෙහි එතුමාණන්ගේ ප්‍රේමයත්, විශ්වාසවන්තකමත් සිහි කළ සේක. මිහි පිට සියලු දෙන අප දෙවිඳුන්ගේ ජයග්‍රහණය දුටුවෝ ය.


දෙවිඳුනි, ඔබේ දයා කරුණාවෙන් මට අනුකම්පා කළ මැනව; ඔබේ විපුල දයාවෙන් මාගේ අපරාධ මකාදැමුව මැනව.


එබැවින් ඔබේ සැදැහැවත්තු විපතේ දී ඔබට යාච්ඤා කරත් වා! ඉවුරු තළා නඟින මහ ජලධාරා මෙන් විපත්ති පැමිණියත්, ඒවා ඔවුන් අසලටවත් නොපැමිණෙයි.


මෙ‍සේ, අප පියවරුන්ට කළ දයා-පොරොන්දුව ඉටු කර, සිය ශුද්ධ ගිවිසුම සිහි කළ සේක.


දුරාතීතයේ සිට අප පියවරුන්ට දිවුළාක් මෙන් ජාකොබ්ට විශ්වාසකමත්, ආබ්‍රහම්ට තිරසර පෙමත් දක්වන සේක.


ඔවුන් වාඩි වී සිටියත්, සිටගෙන සිටියත් ඔවුන්ගේ උපහාසයට මම ලක් වී සිටිමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්