ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගීතාවලිය 1:5 - Sinhala New Revised Version 2018

විනිසය එන දා දුදනන්ට නම් වරද පැවරේ; දමිටුන් සමඟ ඔවුන්ට ගැවසුම් නැත්තේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

විනිසය එන දා දුදනන්ට නම් වරද පැවරේ; දමිටුන් සමඟ ඔවුන්ට ගැවසුම් නැත්තේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

එබැවින් දුෂ්ටයෝ විනිශ්චයෙහිද පව්කාරයෝ ධර්මිෂ්ඨයන්ගේ සමාගමෙහිද නොසිටින්නෝය.

පරිච්ඡේදය බලන්න



ගීතාවලිය 1:5
12 හුවමාරු යොමු  

හිමිතුමාණන්ගේ කන්දට නඟින්නට ශුද්ධ කවුරු ද? එතුමාණන්ගේ ශුද්ධ දෙව් මැදුරෙහි නවතින්නට හැකි කාට ද?


පවිටුන් හා සමඟ මා විනාශ නොකළ මැනව; මිනීමරුවන් සමඟ මා පහ නොකළ මැනව.


අහංකාර අයට ඔබ අබිමුවෙහි තැනක් නැත්තේ ය. අපරාධකරුවන්ට ඔබ ද්වේෂ කරන සේක.


සමිඳාණෝ යුක්තිය ඉටු කොට ප්‍රකාශ වූ සේක. කුදිටු දනෝ තමන් හෙළන උපා දැලේ පැටලී සිටිති.


එකල ධර්මිෂ්ඨයා හා දුෂ්ටයා අතරේ ද දෙවියන් වහන්සේට සේවය කරන්නා හා උන් වහන්සේට සේවය නොකරන්නා අතරේ ද ඇති වෙනස නුඹලා දකිනු ඇත.”


යුගාන්තයේ දී එසේ ම වන්නේ ය. දේව දූතයෝ නික්ම අවුත්, දමිටුන් කෙරෙන් අදමිටුන් වෙන් කොට,


එවිට සියලු ජාතීහු උන් වහන්සේ අබිමුවෙහි රැස් කරනු ලබන්නෝ ය. එඬේරෙකු, එළුවන්ගෙන් බැටළුවන් වෙන් කරන්නාක් මෙන් උන් වහන්සේ ද ඔවුන් වෙන් කොට,


“එවිට උන් වහන්සේ වම් පසෙහි සිටින්නන්ට කතා කොට, ‘සාප ලද්දෙනි, මා වෙතින් ඉවත් වී යක්ෂයාට ද ඔහුගේ දූතයන්ට ද සූදානම් කර තිබෙන සදාතන ගින්නට යන්න.


මොවුහු සදාතන දඬුවමට ද, දැහැමියෝ සදාතන ජීවනයට ද යන්නෝ ය.”


එබැවින් ඒ සිදුවන ආපදා සියල්ලෙන් ජයාන්විත ව ගැළවෙන පිණිස ද මනුෂ්‍ය-පුත්‍රයාණන් ඉදිරියෙහි පෙනී සිටින පිණිස ද අයැදිමින්, හැම වේලේ ම අවදි ව සිටින්න.”


එසේ කෙළේ, සියල්ලන් විනිශ්චය කරන පිණිසත්, සියලු අභක්තිකයන් විසින් කරන ලද අභක්තික ක්‍රියා ගැන ද, අභක්තික පව්කාරයන් වන ඔවුන් විසින් උන් වහන්සේට විරුද්ධ ව කියන ලද තද පරුෂ වචන ගැන ද ඔවුන් වරදට පත් කරන පිණිසත් ය”යි කියා ඇත.