ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගණන් කථාව 25:7 - Sinhala New Revised Version 2018

එවිට පූජක ආරොන්ගේ පුත් එලෙයාසර්ගේ පුත්‍රයා වන පිනෙහාස් මෙය දුටු විට, තම සෙනඟ මැදින් නැඟිට, හෙල්ලයක් අතින් ගෙන

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එවිට පූජක ආරොන්ගේ පුත් එලෙයාසර්ගේ පුත්‍රයා වන පිනෙහාස් මෙය දුටු විට, තම සෙනඟ මැදින් නැඟිට, හෙල්ලයක් අතින් ගෙන

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

එවිට පූජකවූ ආරොන්ගේ පුත්‍රවූ එලෙයාසර්ගේ පුත්‍ර වන පීනෙහාස් ඒ දැක සභා මධ්‍යයෙන් නැගිට හෙල්ලයක් අතින් ගෙන,

පරිච්ඡේදය බලන්න



ගණන් කථාව 25:7
12 හුවමාරු යොමු  

එලෙයාසර්ගේ පුත් පිනෙහාස් පළමු ව ඔවුන් කෙරෙහි අධිපතියා ව සිටියේ ය. සමිඳාණන් වහන්සේ ඔහු සමඟ සිටි සේක.


ඔහු අබිෂුවාගේ පුත්‍රයා ය; ඔහු පිනෙහාස්ගේ පුත්‍රයා ය; ඔහු එලෙයාසර්ගේ පුත්‍රයා ය; ඔහු උත්තම පූජක ආරොන්ගේ පුත්‍රයා ය.


එවිට, පිනෙහාස් නැඟිට ඔවුන් අතරෙන් වරදකරුවන්ට නිසි දඬුවම් දුන්නේ ය. මෙසේ වසංගතය නතර විය.


ලෙවීගේ පුත්‍රයෝ මෝසෙස් දුන් අණ පරිදි එය ඉටු කෙළෙන්, එදින සෙනඟ අතරින් තුන්දාහක් පමණ වැනසුණා හ.


ආරොන්ගේ පුත් එලෙයාසර් පුතියෙල්ගේ දුවක බිරිඳ කොට සරණ පාවාගත්තේ ය. ඈ ඔහුට දාව පිනෙහාස් ලැබුවා ය. මොවුහු තමන්ගේ පෙළපත් අනුව ලෙවී ජාතිකයන්ගේ පිය පෙළපත්වල ප්‍රධානීහු ය.


“මාගේ ගිවිසුමක් මඟින් ඔවුන්ට ජීවිතයත්, සෞභාග්‍යයත් දෙන්නට මම පොරොන්දු වීමි. ඔවුන් මට ගෞරව කරන පිණිස මේ සියල්ල මම ඔවුන්ට දිනිමි. එසේ ඔව්හු බිය ඇති ව මාගේ නාමයට ගරුබිය දැක්වූ හ.


මෝසෙස් මේ සෙනඟ ද පූජක එලෙයාසර්ගේ පුත් පිනෙහාස් ද ශුද්ධ භාජන සහ පිඹීමට හොරණෑ ද අතේ ඇති ව ඔවුන් යුද්ධයට යැවූ හ.


ඉශ්රායෙල් ජනයා ගිලියද් දේශයේ සිටි රූබන් ගෝත්‍රයේ සෙනඟ ගාද් ගෝත්‍රයේ සෙනඟ ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයේ සෙනඟ ද වෙත එලෙයාසර්ගේ පුත් පිනෙහාස් ද


ආරොන්ගේ පුත්‍රයා වන එලෙයාසර්ගේ පුත් පිනෙහාස් ඒ දවස්වල දී ඒ ගිවිසුම් කරඬුව භාර ව සිටියේ ය. ඉශ්රායෙල්වරු කතා කොට, “අප සහෝදරයන් වන බෙන්ජමින්වරුන්ට විරුද්ධ ව අප නැවතත් යුද්ධයට යා යුතු ද නැතහොත් නතර විය යුතු දැ”යි සමිඳාණන් වහන්සේගෙන් ඇසූ හ. සමිඳාණන් වහන්සේ පිළිතුරු දෙමින්, “යන්න, මන්ද, හෙට ඔවුන් නුඹලා අතට පාවා දෙන්නෙමි”යි වදාළ සේක.


දිනක් සාවුල් තමාගේ හෙල්ලය අතේ තබාගෙන නිවෙසේ හිඳින අතර සමිඳාණන් වහන්සේ එවූ දුෂ්ටාත්මයක් ඔහුට ආවේශ විය. දාවිත් තමාගේ වීණාව වාදනය කරමින් සිටියේ ය.