Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ගණන් කථාව 25:8 - Sinhala New Revised Version 2018

8 ඒ ඉශ්රායෙල් ජාතිකයා පසුපස ගොස් කූඩාරමට ඇතුළු වී, ඔහුගේ හා ඒ ස්ත්‍රියගේ බඩ සිදුරු කරගෙන යන ලෙස දෙදෙනාට ම ඇන්නේ ය. එවිට ඉශ්රායෙල් ජනයා අතර පැතිර ගිය වසංගතය නැවතිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 ඒ ඉශ්රායෙල් ජාතිකයා පසුපස ගොස් කූඩාරමට ඇතුළු වී, ඔහුගේ හා ඒ ස්ත්‍රියගේ බඩ සිදුරු කරගෙන යන ලෙස දෙදෙනාට ම ඇන්නේ ය. එවිට ඉශ්රායෙල් ජනයා අතර පැතිර ගිය වසංගතය නැවතිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

8 ඉශ්‍රායෙල් මනුෂ්‍යයා පස්සේ කූඩාරමට ඇතුල්වී ඉශ්‍රායෙල් මනුෂ්‍යයාද ඒ ස්ත්‍රීගේ බඩද සිදුරුවන ලෙස ඒ දෙදෙනාටම ඇන්නේය. එවිට ඉශ්‍රායෙල් පුත්‍රයන් කෙරෙන් වසංගතය නැවතුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 25:8
10 හුවමාරු යොමු  

සාවුල්ගේ ද ඔහුගේ පුත් ජොනතන්ගේ ද ඇටකටු බෙන්ජමින් රටේ ශේලාහි තිබෙන සාවුල්ගේ පිය වූ කිෂ්ගේ සොහොන් ගෙයි තැන්පත් කොට රජු විසින් අණ කරන ලද සියල්ල ඔව්හු කළෝ ය. ඉන්පසු දේශය වෙනුවෙන් කරන ලද කන්නලව්වට දෙවියන් වහන්සේ සවන් දුන් සේක.


එහි දාවිත් සමිඳාණන් වහන්සේට පූජාසනයක් ගොඩනඟා දවන යාග පූජා ද සහභාගිකමේ පූජා ද ඔප්පු කෙළේ ය. එවිට සමිඳාණන් වහන්සේ දේශය ගැන කළ කන්නලව්ව පිළිගත් සේක. ඉශ්රායෙල් දේශයේ වසංගතය පහ ව ගියේ ය.


එවිට දාවිත් කතා කොට, “සෙනඟ අතරෙන් වසංගතය පහවන පිණිස සමිඳාණන් වහන්සේට පූජාසනයක් ගොඩනැඟීමට කමතේ ඉඩම මට දෙන්න. එහි මුළු වටිනාකම අනුව එය මට දෙන්න ඕනෑ ය”යි ඔර්ණාන්ට කීවේ ය.


“මාගේ ගිවිසුමක් මඟින් ඔවුන්ට ජීවිතයත්, සෞභාග්‍යයත් දෙන්නට මම පොරොන්දු වීමි. ඔවුන් මට ගෞරව කරන පිණිස මේ සියල්ල මම ඔවුන්ට දිනිමි. එසේ ඔව්හු බිය ඇති ව මාගේ නාමයට ගරුබිය දැක්වූ හ.


සමිඳාණන් වහන්සේගේ කූඩාරමේ කිසි ම බඩුවක් ළඟට යන්නේ කවරෙක් ද, ඔහුට මරණය නියත ය. අනේ! අපේ අවසානය මෙය දැ”යි ඇසූ හ.


“පූජක ආරොන්ගේ පුත්, එලෙයාසර්ගේ පුත්‍රයා වන පිනෙහාස් මගේ උදහස ඉශ්රායෙල් ජනයා වෙත පැමිණීමෙන් වැළැක්විය. ඔවුන් අතර ඔහු පමණක් මට ඉතා ලැදි ව සිටි බැවින්, ඒ ලැදිකම නිසා ම, මම ඉශ්රායෙල් ජනයා වනසා නොදැමීමි.


එවිට මෝසෙස් ඉශ්රායෙල්වරුන්ගේ නිලධාරීන් අමතා, “පෙයෝර්හි බාල් නම් දෙවියාට කැප වූ තම තමාගේ සියලු මිනිසුන් මරන්නැ”යි අණ කෙළේ ය.


තවද, ඔව්හු මහ ගල් ගොඩක් ඔහු පිට ගොඩ ගැසූ හ. එය අද දක්වා තිබේ. ඒ ස්ථානයට ආකොර් මිටියාවත යයි අද දක්වා කියන්නේ ඒ නිසා ය. ඉන්පසු සමිඳාණන් වහන්සේගේ උදහස සංසිඳුණේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්