Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




යොෂුවා 22:13 - Sinhala New Revised Version 2018

13 ඉශ්රායෙල් ජනයා ගිලියද් දේශයේ සිටි රූබන් ගෝත්‍රයේ සෙනඟ ගාද් ගෝත්‍රයේ සෙනඟ ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයේ සෙනඟ ද වෙත එලෙයාසර්ගේ පුත් පිනෙහාස් ද

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 ඉශ්රායෙල් ජනයා ගිලියද් දේශයේ සිටි රූබන් ගෝත්‍රයේ සෙනඟ ගාද් ගෝත්‍රයේ සෙනඟ ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයේ සෙනඟ ද වෙත එලෙයාසර්ගේ පුත් පිනෙහාස් ද

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

13 ඉශ්‍රායෙල් පුත්‍රයෝ ගිලියද් දේශයේ සිටි රූබෙන් පුත්‍රයන්ද ගාද් පුත්‍රයන්ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයද වෙතට පූජකවූ එලෙයාසර්ගේ පුත්‍රයා වන පීනෙහාස්ද,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 22:13
15 හුවමාරු යොමු  

එලෙයාසර්ගේ පුත් පිනෙහාස් පළමු ව ඔවුන් කෙරෙහි අධිපතියා ව සිටියේ ය. සමිඳාණන් වහන්සේ ඔහු සමඟ සිටි සේක.


ඔහු අබිෂුවාගේ පුත්‍රයා ය; ඔහු පිනෙහාස්ගේ පුත්‍රයා ය; ඔහු එලෙයාසර්ගේ පුත්‍රයා ය; ඔහු උත්තම පූජක ආරොන්ගේ පුත්‍රයා ය.


ආරොන්ගේ පුත් එලෙයාසර් පුතියෙල්ගේ දුවක බිරිඳ කොට සරණ පාවාගත්තේ ය. ඈ ඔහුට දාව පිනෙහාස් ලැබුවා ය. මොවුහු තමන්ගේ පෙළපත් අනුව ලෙවී ජාතිකයන්ගේ පිය පෙළපත්වල ප්‍රධානීහු ය.


හොඳ අවවාද ඇති විට ඔබට සඵලය ඇත; සියුම් සැලසුම නැති ව රණබිමට නොයන්න.


එවිට පූජක ආරොන්ගේ පුත් එලෙයාසර්ගේ පුත්‍රයා වන පිනෙහාස් මෙය දුටු විට, තම සෙනඟ මැදින් නැඟිට, හෙල්ලයක් අතින් ගෙන


මෝසෙස් මේ සෙනඟ ද පූජක එලෙයාසර්ගේ පුත් පිනෙහාස් ද ශුද්ධ භාජන සහ පිඹීමට හොරණෑ ද අතේ ඇති ව ඔවුන් යුද්ධයට යැවූ හ.


රූබන්ගේ පෙළපතේ අයට සහ ගාද්ගේ පෙළපතේ අයට ගවයෝ ඉතා විශාල ගණනක් සිටියහ. ජාශර් දේශය සහ ගිලියද් දේශය ගවයන්ට කෙතරම් සුදුසු ද කියා දුටු විට


“ඔබගේ සහෝදරයා ඔබට විරුද්ධ ව පව් කළොත්, පෞද්ගලික ව ඔහු හමු වී ඔහුගේ වරද පෙන්වා දෙන්න. ඔබ කියන දේ ඔහු පිළිගත්තොත්, ඔබ ඔබේ සහෝදරයා දිනාගත්තෙහි ය.


ඔබ ඒ ගැන විමසා සොයා බලා, හොඳින් තතු දැනගෙන, මෙබඳු පිළිකුල් දෙයක් ඔබ අතර ඇත්තට ම කිසි සැකයක් නැතුව ම සිදු වී යයි ඒත්තු ගියහොත්,


ආරොන්ගේ පුත් එලෙයාසර් ද මියගියේ ය. ඔව්හු, ඔහුගේ පුත් පිනෙහාස්ට එප්‍රායිම් කඳු රටෙහි දෙන ලද ගිබියා නගරයේ ඔහු තැන්පත් කළෝ ය.


ඉශ්රායෙල් ගෝත්‍රවල සෙනඟ බෙන්ජමින් ගෝත්‍රයේ සෑම තැන්වලට පණිවුඩකාරයන් යවමින්, “ඔබ අතරේ කර තිබෙන මේ දුෂ්ටකම කුමක් ද?


ආරොන්ගේ පුත්‍රයා වන එලෙයාසර්ගේ පුත් පිනෙහාස් ඒ දවස්වල දී ඒ ගිවිසුම් කරඬුව භාර ව සිටියේ ය. ඉශ්රායෙල්වරු කතා කොට, “අප සහෝදරයන් වන බෙන්ජමින්වරුන්ට විරුද්ධ ව අප නැවතත් යුද්ධයට යා යුතු ද නැතහොත් නතර විය යුතු දැ”යි සමිඳාණන් වහන්සේගෙන් ඇසූ හ. සමිඳාණන් වහන්සේ පිළිතුරු දෙමින්, “යන්න, මන්ද, හෙට ඔවුන් නුඹලා අතට පාවා දෙන්නෙමි”යි වදාළ සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්