සහභාගිකමේ පූජාවල තෙලත්, දවන යාග සඳහා වූ පාන පූජාවලුත් ඇතුළු ව දවන යාග පූජා බොහෝ සෙයින් තිබිණි. මෙසේ සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ මෙහෙය පිළිවෙළට නැවත සිදු කරන ලද්දේ ය.
ගණන් කථාව 15:5 - Sinhala New Revised Version 2018 නුඹලා දවන යාග පූජාවක් වශයෙන් පුදන එක් එක් බැටළු පැටියෙකු සමඟ, පානීය පූජාවක් වශයෙන් මිදියුස ලීටර් එකක් ද පිදිය යුතු ය. Sinhala New Revised Version නුඹලා දවන යාග පූජාවක් වශයෙන් පුදන එක් එක් බැටළු පැටියෙකු සමඟ, පානීය පූජාවක් වශයෙන් මිදියුස ලීටර් එකක් ද පිදිය යුතු ය. Sinhala Revised Old Version පාන පූජාවක් පිණිස මුද්‍රිකපාන හිනකින් සතරෙන් කොටසක් දවන පූජාවට නුමුත් යාග පූජාවට නුමුත් එක එක බැටළු පැටවා සමඟ ඔප්පුකරන්න. |
සහභාගිකමේ පූජාවල තෙලත්, දවන යාග සඳහා වූ පාන පූජාවලුත් ඇතුළු ව දවන යාග පූජා බොහෝ සෙයින් තිබිණි. මෙසේ සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ මෙහෙය පිළිවෙළට නැවත සිදු කරන ලද්දේ ය.
එබැවින් මේ මුදල වැය කළ යුත්තේ, ගොනුන් ද බැටළුවන් ද බැටළු පැටවුන් ද ඒ සමඟ ඕනෑ කරන ආහාර පූජා සහ පානීය පූජා ද ගැනීමට පමණකි. ජෙරුසලමෙහි තිබෙන, ඔබේ දෙවියන් වහන්සේගේ මාලිගාවේ පූජාසනය පිට ඒවා ඔප්පු කරන්න.
එක බැටළු පැටවෙකු සමඟ පිරිසිදු තෙල් ලීටර් එකක් සමඟ ඇනූ සිහින් පිටි කිලෝග්‍රෑම් එකක් ද පානීය පූජාවක් සඳහා මිදිරස ලීටර් එකක් ද ඔප්පු කළ යුතු ය.
මා ඔබ සමඟ ගෙන යන්න; අපි එකට දුවමු. මාගේ රජ තුමෙනි, ඔබේ විමනට මා ගෙන යන්න. එකට සිටීම අපට මහා ප්‍රීතියක් වනු ඇත. අපි ප්‍රේමයෙහි ඇලී ගැලී නෑවී සිටිමු. සියලු කාන්තාවන් ඔබට පෙම් කිරීම පුදුමයක් ද?
“තවද, යමෙක් දවන යාගය සඳහා පට්ටියෙන් ගත් බැටළුවෙකු හෝ එළුවෙකු හෝ පූජාව වශයෙන් ගෙනෙන්නේ නම්, ඌ ද නොකැළැල් පිරිමි සතෙකු විය යුතු ය.
ඒ සමඟ ම තෙලින් මිශ්‍ර සිහින් පිටි කිලෝග්‍රෑම් දෙකක් ධාන්‍ය පූජාවක් වශයෙන් සමිඳාණන් වහන්සේ වෙත නඟින සුමිහිරි සුවඳක් වන ලෙස ගින්නෙන් දවා උන් වහන්සේට පූජා කළ යුතු ය. තවද, මුද්‍රික පානය ලීටර එකක් ගෙන එය ද පානීය පූජාවක් ලෙස ඔප්පු කළ යුතු ය.
“සමිඳාණන් වහන්සේට පුදන සහභාගිකමේ පූජාව පිණිස යමෙක් තම පූජාව එළු බැටළු රැළෙන් ගන්නේ නම්, ඔහු එය සඳහා නොකැළැල් පිරිමි සතෙකු හෝ ගැහැණු සතෙකු හෝ ඔප්පු කළ යුතු ය.
එසේ ය, එය කොපමණ සාරවත්, අලංකාරවත් දේශයක් වන්නේ ද! ධාන්‍යයෙන් එහි වෙසෙන තරුණයෝ ද මිදියුසෙන් එහි වෙසෙන තරුණියෝ ද ශක්ති සම්පන්න වන්නෝ ය.”
නුඹලා පුදන එක් එක් බැටළු වස්සෙකු සමඟ ධාන්‍ය පූජාවක් වශයෙන් තෙල් ලීටර් එකහමාරක් ඇනූ සිහින් පිටි කිලෝග්‍රෑම් දෙකක් ද පිදිය යුතු ය.
පිදිය යුතු පානීය පූජාව නම් එක එක ගොන් වස්සෙකු සමඟ මිදියුස ලීටර් දෙකකි, බැටළු වස්සා සමඟ මිදියුස ලීටර් එකහමාරකි, එක එක බැටළු පැටියා සමඟ මිදියුස ලීටර් එකකි. අවුරුද්දේ සෑම මාසයක ම මේ දවන යාග පූජාව පිදිය යුතු ය.
ඒ බැටළු පැටවා සමඟ පානීය පූජාව වශයෙන්, ශුද්ධස්ථානය තුළ සමිඳාණන් වහන්සේගේ මහිමය සඳහා, සැර මිදියුස ලීටර් එකක් වත් කොට පිදිය යුතු ය.
ඔබගේ ඇදහිල්ල නමැති පූජාවත් සේවයත් මත මා ද පූජාවක් ලෙස ඔප්පු කරනු ලැබුවත් සන්තෝෂ වෙමි. ඔබ හැම සමඟ ප්‍රීති වෙමි.
මා ගැන කියතොත්, මගේ ජීවිතය දැනට ම පානීය පූජාවක් මෙන් පිදීමට සූදානම් ව ඇත. මාගේ වියෝ වීමේ කාලය දැන් පැමිණ තිබේ.
මිදි වැල පිළිතුරු දෙමින්, ‘ඔබ කෙරෙහි රජකම් කරන පිණිස, මා දෙවිවරුන් සහ මනුෂ්‍යයන් ප්‍රීති කරවන මාගේ මිදියුස අත්හැරීම යුතු දැ’යි ඇසී ය.