Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 29:35 - Sinhala New Revised Version 2018

35 සහභාගිකමේ පූජාවල තෙලත්, දවන යාග සඳහා වූ පාන පූජාවලුත් ඇතුළු ව දවන යාග පූජා බොහෝ සෙයින් තිබිණි. මෙසේ සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ මෙහෙය පිළිවෙළට නැවත සිදු කරන ලද්දේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

35 සහභාගිකමේ පූජාවල තෙලත්, දවන යාග සඳහා වූ පාන පූජාවලුත් ඇතුළු ව දවන යාග පූජා බොහෝ සෙයින් තිබිණි. මෙසේ සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ මෙහෙය පිළිවෙළට නැවත සිදු කරන ලද්දේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

35 ශාන්ති පූජාවල තෙලත් දවන යාග සඳහාවූ පාන පූජාවලුත් ඇතුළුව දවන පූජා බොහෝසෙයින් තිබුණේය. මෙසේ ස්වාමීන්වහන්සේගේ ගෘහයේ මෙහෙය පිළිවෙළට යොදනලද්දේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 29:35
11 හුවමාරු යොමු  

අතුණු වසා ඇති තෙල ද අක්මාව පිට ඇති තෙල් පිඬ ද වකුගඩු දෙක හා එහි ඇති තෙල ද ගෙන පූජාසනය මත පිළිස්සිය යුතු ය.


ඒ සමඟ ම තෙලින් මිශ්‍ර සිහින් පිටි කිලෝග්‍රෑම් දෙකක් ධාන්‍ය පූජාවක් වශයෙන් සමිඳාණන් වහන්සේ වෙත නඟින සුමිහිරි සුවඳක් වන ලෙස ගින්නෙන් දවා උන් වහන්සේට පූජා කළ යුතු ය. තවද, මුද්‍රික පානය ලීටර එකක් ගෙන එය ද පානීය පූජාවක් ලෙස ඔප්පු කළ යුතු ය.


ඉන්පසු ජාකොබ් උන් වහන්සේ සමඟ කතා කළ ස්ථානයෙහි සිහිවටනයක්, එනම්, ගලින් කළ සිහිවටනයක් ඉදිකොට, එය මත පානීය පූජාව ඔප්පු කොට තෙල් ද වත් කෙළේ ය.


සියල්ල විනීත ව ද විධිමත් ව ද කළ යුතු ය.


මෝසෙස්ගේ ව්‍යවස්ථා පොතේ නියම කර තිබෙන ප්‍රකාරයට ඔව්හු තමන්ගේ පූජකයන් ඔවුන්ගේ කොට්ඨාශවල හැටියටත්, ලෙවීවරුන් ඔවුන්ගේ කාණ්ඩවල හැටියටත් ජෙරුසලමෙහි දෙවියන් වහන්සේගේ මාලිගාවේ සේවය පිණිස පත් කළෝ ය.


සභාව ගෙනා දවන යාග පූජාවල ගණන ගොනුන් හැත්තෑවකුත්, බැටළුවන් සියයකුත්, බැටළු පැටවුන් දෙසියයකුත් ය. මේ සියල්ල ගෙනාවේ, සමිඳාණන් වහන්සේට දවන යාග පූජා පිණිස ය.


දෙවියන් වහන්සේ සෙනඟ උදෙසා සූදානම් කළ දේ හදිසියෙන් පවත්වන්න සිදු වූ නිසා හෙසකියා ද මුළු සෙනඟ ද ප්‍රීති වූ හ.


නුඹ තෙල වත්, ලෙය වත් කෑමට නොගත යුතු ය. නුඹ වාසය කරන්නේ කොතැනක වේවා, මෙය නුඹේ පෙළපත් තුළ සදහට ම වලංගු නියෝගයකි.”


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්