Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




නික්මයාම 29:40 - Sinhala New Revised Version 2018

40 එක බැටළු පැටවෙකු සමඟ පිරිසිදු තෙල් ලීටර් එකක් සමඟ ඇනූ සිහින් පිටි කිලෝග්‍රෑම් එකක් ද පානීය පූජාවක් සඳහා මිදිරස ලීටර් එකක් ද ඔප්පු කළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

40 එක බැටළු පැටවෙකු සමඟ පිරිසිදු තෙල් ලීටර් එකක් සමඟ ඇනූ සිහින් පිටි කිලෝග්‍රෑම් එකක් ද පානීය පූජාවක් සඳහා මිදිරස ලීටර් එකක් ද ඔප්පු කළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

40 සිහින් පිටි ඒඵාවකින් දසයෙන් කොටසක් කොටා සිඳගත් තෙල් හිනකින් සතරෙන් කොටසක් සමඟ මිශ්‍රකර, ඒවා සහ පාන පූජාවක් කොට මුද්‍රික පානය හිනකින් සතරෙන් කොටසක්ද එක බැටළු වස්සෙකු සමඟ ඔප්පුකරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 29:40
34 හුවමාරු යොමු  

ඉන්පසු ජාකොබ් උන් වහන්සේ සමඟ කතා කළ ස්ථානයෙහි සිහිවටනයක්, එනම්, ගලින් කළ සිහිවටනයක් ඉදිකොට, එය මත පානීය පූජාව ඔප්පු කොට තෙල් ද වත් කෙළේ ය.


පසු දා උදය පූජාව ඔප්පු කරන වේලාව පමණේ දී ඒදොම් දිශාවෙන් වතුර අවුත් එයින් රට පිරී ගියේ ය.


ඒ කාලයේ භාවිත කළ මිම්ම ලීටර් විස්සකට සමාන ය.


උදයට එකෙකු ද අනිකා සවසට ද පූජා කළ යුතු ය.


තවද, සමිඳාණන් වහන්සේ වන මා වෙත නඟින, ගින්නෙන් දැවූ සුමිහිරි පූජාවක් වනු පිණිස, අනික් බැටළුවා ද සවස් කාලයේ දී, උදය ඔප්පු කළ පරිදි ධාන්‍ය පූජාවක් හා පානීය පූජාවක් සමඟ ඔප්පු කළ යුතු ය.


ශුද්ධස්ථානයේ මිල අනුව කිලෝග්‍රෑම් හයක තලිස් පතුරු ද යන අගනා සුවඳ ද්‍රව්‍ය ද ඔලීව තෙල් ලීටර් හතරක් ද ඔබ ගත යුතු ය.


නමස්කාර කරන පිණිස නුඹලා මිටියාවතේ ගල් ගෙන ඒවාට පාන පූජා වගුරුවා, ආහාර පූජා කරන්නහු ය. නුඹලා මේ දේවල් කරද්දී මම සතුටු වන්නෙම් ද?


ඔවුන්ට දෙන ලෙස මා අත ඔසවා දිවුරුම් දුන් දේශයට මා ඔවුන් පැමිණෙවූ කල, ඔවුන් දුටු සියලු උස් හෙල් ද අතු පතර ඇති සියලු ගස් ද ඉදිරියෙහි ඔව්හු තමන්ගේ පූජා ඔප්පු කළහ; එසේ පඬුරු පිදීමෙන් ඔව්හු මා උදහසට පත් කළහ. එහි ඔව්හු තමන්ගේ සුගන්ධ ද්‍රව්‍ය පතුරුවා එහි ම තමන්ගේ පාන පූජා වැගිරෙවුවෝ ය.


වතුරත් දවසකට කෝප්ප දෙකක් මැන වරින් වර බීමට ගත යුතු ය.


අධිපතියාගේ යුතුකම් නම්, ඉශ්රායෙල් වංශයේ සියලු නියම කාලවල මංගල්‍යවලදීත්, නව සඳ පෝදිනවලදීත්, සබත් දවස්වලදීත් දවන යාග පූජා ද ආහාර පූජා ද පාන පූජා ද සපයා දීම ය. ඉශ්රායෙල් වංශය උදෙසා සමඟිකමක් කරන්නට පාප පූජා ද දවන යාග පූජාව ද සහභාගිකමේ පූජාව ද ඔහු පිළියෙළ කළ යුතු ය.”


ඔහු ආහාර පූජාවක් ලෙස ගොනෙකුට පිටි ලීටර් දහහතහමාරක් ද බැටළුවෙකුට ධාන්‍ය ලීටර් දහහතරහමාරක් ද ධාන්‍ය ලීටරයකට තෙල් ලීටර් තුනක් ද බැගින් පිළියෙළ කරන්නේ ය.


මංගල්‍යවල දී ද නියම කාලවල දී ද ඔප්පු කරන ආහාර පූජාව ගොනෙකුටත් බැටළුවෙකුටත් ලීටර් දහහතහමාරකුත් බැටළු පැටවුන්ට ඔහු දෙන පමණකුත් ඒ සමඟ තෙල් ලීටර් තුනකුත් වන්නේ ය.


ඌ සමඟ සෑම උදයක් පාසා ම ආහාර පූජාවක් වන පිටි කිලෝග්‍රෑම් දෙකක් ද සිහින් ධාන්‍ය තෙමන්න තෙල් ලීටරයක් ද සමිඳාණන් වහන්සේට ආහාර පූජාවක් කොට පිළියෙළ කරන්න. ඒක නිරන්තර දවන යාග පූජාවට නියෝගයක් වන්නේ ය.


ආහාර පූජාව නම්, බැටළුවා සමඟ ධාන්‍ය ලීටර් දහහතහමාරකුත්, බැටළු පැටවුන් සමඟ ඔහුට දෙන්න හැකි තෙල් ලීටර් තුනකුත් ය.


ගොනාටත්, බැටළුවාටත් පිටි ලීටර් දහහතහමාරකුත්, බැටළු පැටවුන්ට තමාගේ පුළුවන්කමේ හැටියට තෙල් ලීටර් තුනකුත් පිළියෙළ කරන්නේ ය.


සමිඳාණන් වහන්සේට මිදියුස පුදන්නට වත්, උන් වහන්සේට පුද පූජා කරන්නට වත් ඔවුන්ට නොහැකි වන්නේ ය. ඔවුන්ගේ කෑම මළ ගෙවල කෑම මෙන් ය. ඒවා කන සියලු දෙන අපවිත්‍ර වන්නෝ ය. ඔවුන්ගේ කෑම ඔවුන්ගේ ම කුසගිනි නිවීමට මිස, සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ පිදීමට සුදුසු නොවේ.


“පූජකවරුනි, ගෝණි රෙදි ඔතාගෙන වැලපෙන්න. පුදසුනේ සේවකයෙනි, කෑමොරගසන්න. පූජකවරුනි, ගෝණි රෙදි පොරවාගෙන මුළු රැයක් වැතිර සිටින්න. මන්ද, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ පිදීමට ආහාර පූජාවත්, පානීය පූජාවත් කිසිත් නැත.


දේව මාලිගාවේ ආහාර පූජාව ද පානීය පූජාව ද නැත. පූජකවරු, සමිඳුන්ගේ පූජකවරු, වැලපෙන්නෝ ය.


සමහර විට එතුමාණන් සිය සිත වෙනස් කරගෙන කමා වී අපට ආශීර්වාද කිරීම නිසා, ආහාර පූජා ද පානීය පූජා ද ඔබේ දෙවි සමිඳුන්ට ඔප්පු කරන්නට හැකි වනු ඇද්දැ යි කවරෙක් දනිත් ද?


ඒ සමඟ ම තෙලින් මිශ්‍ර සිහින් පිටි කිලෝග්‍රෑම් දෙකක් ධාන්‍ය පූජාවක් වශයෙන් සමිඳාණන් වහන්සේ වෙත නඟින සුමිහිරි සුවඳක් වන ලෙස ගින්නෙන් දවා උන් වහන්සේට පූජා කළ යුතු ය. තවද, මුද්‍රික පානය ලීටර එකක් ගෙන එය ද පානීය පූජාවක් ලෙස ඔප්පු කළ යුතු ය.


ගිනි ද පූජාසනය මත නිවෙන්නට නොහැර නිතර ම දැල්වෙමින් තිබිය යුතු ය.”


එසේ වූයේ ජනතාවට නොදැනුවත්කමින් නම්, මුළු ජනතාව ම සමිඳාණන් වහන්සේ වෙත නඟින සුමිහිරි සුවඳැති දවන යාග පූජාවක් වශයෙන් එක ගොන් වස්සෙකු ඔප්පු කළ යුතු ය. එය සමඟ සිරිත් පරිදි ධාන්‍ය පූජාවක් සහ පානීය පූජාවක් ද, පාප පූජාවක් සඳහා එළුවෙකු ද ඔප්පු කළ යුතු ය.


තවද, පානීය පූජාවක් වශයෙන් මිදියුස ලීටර් එකහමාරක් පිදිය යුතු ය. මේවා සමිඳාණන් වහන්සේ වෙත නඟින සුමිහිරි සුවඳක් වනු ඇත.


නිරන්තර දවන යාග පූජාව සහ ඊට අදාළ පානීය පූජාවට අමතර ව, ඒ ඒ සබත් දින පුද කළ යුතු දවන යාග පූජාව මෙය වේ.”


මෙලෙස දවස් හතක් තුළ හැම දා ම ඔප්පු කළ යුතු ය. ගින්නෙන් දවා පුදන මේ ධාන්‍ය පූජා සුමිහිරි සුවඳක් සේ සමිඳාණන් වහන්සේට ප්‍රසන්න ය. නිරන්තර දවන යාග පූජාවට හා ඊට අදාළ පානීය පූජාවට අමතර ව එය ඔප්පු කළ යුතු ය.


සිහින් පිටි කිලෝග්‍රෑම් එකක් ධාන්‍ය පූජාවක් වශයෙන් ගෙන, ඊට ඉස්තරම් තෙල් ලීටර් එකක් මිශ්‍ර කර එක එක බැටළු පැටවා සමඟ ඔප්පු කළ යුතු වේ.


නිරන්තර දවන යාග පූජාවට ද පානීය පූජාවට ද ධාන්‍ය පූජාවට ද අමතර ව, පාප පූජාව සඳහා එළුවෙකු ද පිදිය යුතු ය.


“පූජක ආරොන්ගේ පුත්‍ර එලෙයාසර්ට පැවරෙන වගකීම පහනට උවමනා තෙල් ද සුවඳ ද්‍රව්‍ය ද දිනපතා පුදන ධාන්‍ය පූජාව සහ ආලේප තෛලය ද බලාගැනීමත්, කූඩාරම මුළුමනින් ම ද ශුද්ධස්ථානයේ ඇති සියල්ල හා එහි බඩු භාණ්ඩ ද බලාගැනීමත් වනු ඇත.”


යාග පඬුරුවල තෙල වැළඳූ, පානීය පූජාවල මිදියුස පානය කළ, ඔවුන්ගේ දෙවිදේවතාවෝ කොතැන ද?’ ඔව්හු නැඟිට සිට උපකාර කරත් වා! රැකවරණය සලසත් වා!


ඔබගේ ඇදහිල්ල නමැති පූජාවත් සේවයත් මත මා ද පූජාවක් ලෙස ඔප්පු කරනු ලැබුවත් සන්තෝෂ වෙමි. ඔබ හැම සමඟ ප්‍රීති වෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්