Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 15:4 - Sinhala New Revised Version 2018

4 තවද, එවැන්නක් සමිඳාණන් වහන්සේට පුදන තැනැත්තේ, තෙල් ලීටර් එකක් සමඟ ඇනූ පිටි කිලෝග්‍රෑම් දෙකක් ධාන්‍ය පූජාවක් වශයෙන් ගෙනා යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 තවද, එවැන්නක් සමිඳාණන් වහන්සේට පුදන තැනැත්තේ, තෙල් ලීටර් එකක් සමඟ ඇනූ පිටි කිලෝග්‍රෑම් දෙකක් ධාන්‍ය පූජාවක් වශයෙන් ගෙනා යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

4 එසේ තමාගේ පූජාව ස්වාමීන්වහන්සේට ඔප්පුකරන්නා ආහාර පූජාවක් පිණිස තෙල් හිනකින් සතරෙන් කොටසක් සමඟ සිහින් පිටි ඒඵාවකින් දසයෙන් කොටසක් මිශ්‍රකර ඔප්පුකෙරේවා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 15:4
21 හුවමාරු යොමු  

එක බැටළු පැටවෙකු සමඟ පිරිසිදු තෙල් ලීටර් එකක් සමඟ ඇනූ සිහින් පිටි කිලෝග්‍රෑම් එකක් ද පානීය පූජාවක් සඳහා මිදිරස ලීටර් එකක් ද ඔප්පු කළ යුතු ය.


ඒ සමඟ ම තෙලින් මිශ්‍ර සිහින් පිටි කිලෝග්‍රෑම් දෙකක් ධාන්‍ය පූජාවක් වශයෙන් සමිඳාණන් වහන්සේ වෙත නඟින සුමිහිරි සුවඳක් වන ලෙස ගින්නෙන් දවා උන් වහන්සේට පූජා කළ යුතු ය. තවද, මුද්‍රික පානය ලීටර එකක් ගෙන එය ද පානීය පූජාවක් ලෙස ඔප්පු කළ යුතු ය.


“ධාන්‍ය පූජාව පිළිබඳ නීතිය මෙය ය: ආරොන්ගේ පුත්‍රයන්ගෙන් කෙනෙකු පූජාසනය ඉදිරියෙහි සමිඳාණන් වහන්සේට එය පුද කළ යුතු ය.


“යමෙක් සමිඳාණන් වහන්සේට ධාන්‍ය පූජාවක් ඔප්පු කරන්නේ නම්, ඔහුගේ පූජාව සිහින් පිටිවලින් විය යුතු ය. තවද, එහි තෙල් වත් කොට එය මත තුවරලා ද දැමිය යුතු ය.


“අට වන දින ඔහු කැළැල් රහිත බැටළු වස්සන් දෙදෙනකු ද කැළැල් රහිත අවුරුද්දක් වයසැති බැටළු වැස්සියක ද තෙල් මිශ්‍ර සිහින් පිටි කිලෝග්‍රෑම් තුනක් ද තෙල් ලීටර් එකකින් තුනෙන් පංගුවක් ද ධාන්‍ය පූජාවක් වශයෙන් ගත යුතු ය.


යහපත කිරීමට ද, ඔබ සතු දෙය අනුන් සමඟ බෙදාහදා ගැනීමට ද අමතක නොකරන්න. එවැනි පූජාවලට දෙවියන් වහන්සේ ප්‍රසන්න වන සේක.


එසේ ලියන්නේ, විජාතීන් උදෙසා ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ සේවකයෙකු වීමට දෙවියන් වහන්සේ මට දෙවා වදාළ වරප්‍රසාදය නිසා ය. ඒ පූජක සේවය, විජාතීන් ශුද්ධාත්මයාණන් විසින් කැප කරනු ලැබ, දෙවියන් වහන්සේට ප්‍රියමනාප පූජාවක් වන අයුරින් සුබ අස්න දේශනා කිරීම ය.


ඉර උදා වන තැන් පටන් ඉර බැස යන තැන් දක්වා සියලු ජාතීහු මාගේ නාමයට ගෞරව කරති. ඔව්හු සෑම තැන ම සුවඳ දුම් ද පිරිසිදු පූජා ද මට ඔප්පු කරති. සියලු ජාතීහු මාගේ නාමයට ගෞරව කරති’යි සියලු බලැති සමිඳාණන් වහන්සේ වදාරන සේක.


ඌ සමඟ සෑම උදයක් පාසා ම ආහාර පූජාවක් වන පිටි කිලෝග්‍රෑම් දෙකක් ද සිහින් ධාන්‍ය තෙමන්න තෙල් ලීටරයක් ද සමිඳාණන් වහන්සේට ආහාර පූජාවක් කොට පිළියෙළ කරන්න. ඒක නිරන්තර දවන යාග පූජාවට නියෝගයක් වන්නේ ය.


ඔව්හු ඉශ්රායෙල් පුත්‍රයන් සියලු දෙනා ජාතීන් අතරෙන් මට පඬුරක් මෙන් ගෙනෙන්නෝ ය. ඔව්හු, අශ්වයන් පිටින් ද රථවලින් දෝලාවලින් ද අශ්වතරයන් පිටින් ද ඔටුවන් පිටින් ද මාගේ ශුද්ධ කන්ද වන ජෙරුසලමට පිරිසිදු භාජනයක ධාන්‍ය පූජා ගෙනෙනු ලබන සේ ගෙනෙන්නෝ ය.


ඔලීව ගස ඒ වෘක්ෂයන්ට පිළිතුරු දෙමින්, ‘දෙවියන් වහන්සේට ද මනුෂ්‍යයන්ට ද ගෞරව කරන්නට පාවිච්චි කරන මාගේ තෙල් අත්හැර ඔබ කෙරෙහි රජ කරන පිණිස යාම මට යුතු දැ’යි ඇසී ය.


එය මත තෙල් වත් කොට තුවරලා දැමිය යුතු ය. එවිට එය ධාන්‍ය පූජාවක් වනු ඇත.


උගේ අතුණු ද කකුල් ද වතුරෙන් සෝදා, පූජකවරයා ඒ සියල්ල ගෙන පූජාසනය මත දැවිය යුතු ය. ගින්නේ දවා පුදන ලද මේ දවන යාග පූජාව සමිඳාණන් වහන්සේ වෙත නඟින සුමිහිරි සුවඳක් වනු ඇත.


ඔහු පුදන පූජාව බැටළුවෙක් නම්, ඔහු ඒ සතා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පිදිය යුතු ය.


එක බැටළු පැටවකු උදය ද, අනිකා සවස ද ඔප්පු කළ යුතු ය.


එක එක ගොන් වස්සෙකු සමඟ ධාන්‍ය පූජාවක් වශයෙන් සිහින් පිටි කිලෝග්‍රෑම් තුනක් සමඟ තෙල් මිශ්‍ර කර, එක එක බැටළු වස්සා සමඟ ධාන්‍ය පූජාවක් වශයෙන් සිහින් පිටි කිලෝග්‍රෑම් දෙකකට තෙල් මිශ්‍ර කර,


එබැවින් මේ මුදල වැය කළ යුත්තේ, ගොනුන් ද බැටළුවන් ද බැටළු පැටවුන් ද ඒ සමඟ ඕනෑ කරන ආහාර පූජා සහ පානීය පූජා ද ගැනීමට පමණකි. ජෙරුසලමෙහි තිබෙන, ඔබේ දෙවියන් වහන්සේගේ මාලිගාවේ පූජාසනය පිට ඒවා ඔප්පු කරන්න.


ඔහුගේ පඬුරු නම්, කිලෝග්‍රෑම් එකහමාරක් බර ඇති රිදී බඳුනක් සහ ග්‍රෑම් අටසියයක් බර ඇති රිදී තැටියක් විය. මේ දෙක ම ධාන්‍ය පූජාවක් සඳහා තෙල් මිශ්‍ර සිහින් පිටිවලින් පිරී තිබිණි.


මේවා මේ පිළිවෙළට පිදිය යුත්තේ මාසික දවන යාග පූජාවට ද ධාන්‍ය පූජාවට ද දෛනික දවන යාග පූජාවට ද පානීය පූජාවට ද අමතර ව ය. මේවා ගින්නෙන් දවා පිදූ විට සමිඳාණන් වහන්සේ වෙත නඟින සුමිහිරි සුවඳකි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්