ඔවුන් ඉල්ලූ කල එතුමාණෝ වටුවන් එවූ සේක. එතුමාණෝ ඔවුන්ට සුරලොවින් බහුල ව අහර දුන් සේක.
ගණන් කථාව 11:31 - Sinhala New Revised Version 2018 සමිඳාණන් වහන්සේ මුහුදින් සුළඟක් හමන්නට සැලැසූ සේක. ඒ සුළඟ වටුවන් ගසාගෙන අවුත් කඳවුර සමීපයෙහි ඔවුන් හෙළී ය. කඳවුර වටේට දවසක ගමනක් පමණ දුරට ද පොළොවෙන් මීටරයක් පමණ ඉහළට ද ඔවුන් වැටී තිබිණි. Sinhala New Revised Version සමිඳාණන් වහන්සේ මුහුදින් සුළඟක් හමන්නට සැලැසූ සේක. ඒ සුළඟ වටුවන් ගසාගෙන අවුත් කඳවුර සමීපයෙහි ඔවුන් හෙළී ය. කඳවුර වටේට දවසක ගමනක් පමණ දුරට ද පොළොවෙන් මීටරයක් පමණ ඉහළට ද ඔවුන් වැටී තිබිණි. Sinhala Revised Old Version එවිට ස්වාමීන්වහන්සේ කෙරෙන් සුළඟක් නික්ම ගොස් වටුවන් මුහුදෙන් පමුණුවා කඳවුර ළඟ මෙහායින් දවසක ගමන් පමණද එහායින් දවසක ගමන් පමණද දුරටත් පොළොව මතුපිට දෙරියනක් පමණ උසටත් කඳවුර හාත්පසින් උන් වැටෙන්ට සැලැස්විය. |
ඔවුන් ඉල්ලූ කල එතුමාණෝ වටුවන් එවූ සේක. එතුමාණෝ ඔවුන්ට සුරලොවින් බහුල ව අහර දුන් සේක.
එතුමාණෝ දෙරණ සීමාවෙන් වලාකුළු නංවන සේක; වර්ෂාව සඳහා විදුලිය හටගන්වන සේක; සිය ගබඩාවලින් සුළඟ නික්මවන සේක;
මෝසෙස් ද මිසර දේශය දෙස තම සැරයටිය එසවී ය. එවිට සමිඳාණන් වහන්සේ එදින මුළු දිවා රෑ දෙක්හි මිසර දේශය පුරා පෙරදිගින් සුළඟක් හමන්නට සැලැසූ සේක. පහන් වූ විට පෙරදිගින් හැමූ සුළඟ පළඟැටියන් ගෙනාවේ ය.
සමිඳාණන් වහන්සේ අපරදිගින් වේගවත් සුළඟක් හමන්නට සැලැසූ සේක. එය පළඟැටියන් ගසාගෙන ගොස් උන් රතු මුහුදට දැමී ය. ඉන්පසු මිසර දේශය පුරා එක පළඟැටියෙක් වත් ඉතිරි නො වී ය.
ඉන්පසු සවස් කාලයේ දී වටුවන් වර්ගයක් අවුත් කඳවුර වසාගති. උදය කාලයේ දී කඳවුර සිසාරා පිනි තට්ටුවක් විය.