Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ගණන් කථාව 11:32 - Sinhala New Revised Version 2018

32 සෙනඟ එදින මුළු රෑ සහ දවල් ද, ඊට පසු දින ද වටුවන් එකතු කිරීමෙහි යෙදී සිටියහ. ඉතා අඩුවෙන් ම එකතු කරගත් තැනැත්තා ඒවායින් කිලෝග්‍රෑම් දහසක් එකතු කරගත්තේ ය. ඉන්පසු ඔව්හු කඳවුර වටේට ම උන් ඇතුරුවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

32 සෙනඟ එදින මුළු රෑ සහ දවල් ද, ඊට පසු දින ද වටුවන් එකතු කිරීමෙහි යෙදී සිටියහ. ඉතා අඩුවෙන් ම එකතු කරගත් තැනැත්තා ඒවායින් කිලෝග්‍රෑම් දහසක් එකතු කරගත්තේ ය. ඉන්පසු ඔව්හු කඳවුර වටේට ම උන් ඇතුරුවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

32 සෙනඟ ඒ දවස මුළුල්ලෙහිත් රෑ මුළුල්ලෙහිත් පසුවදා මුළුල්ලෙහිත් නැගිට සිට වටුවන් එකතුකළෝය. ඉතාම ස්වල්ප වශයෙන් එකතුකළ තැනැත්තේ හෝමෙර දසයක් එකතුකරගත්තේය. ඔව්හු කඳවුර හාත්පස උන් තමුන්ටම අතුරා තබාගත්තෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 11:32
3 හුවමාරු යොමු  

ඒ කාලයේ භාවිත කළ මිම්ම ලීටර් විස්සකට සමාන ය.


“බාත් එකකට හෝමෙර් දසයෙන් කොටසක් ද ඒපාවට හෝමෙර් දසයෙන් කොටසක් ද හෝමෙර් එකක් ලීටර් එකසිය හැත්තෑපහක් ද අල්ලන පිණිස ඒපාව හා බාත් එක ප්‍රමාණය වන්නේ ය. ඒවායේ ප්‍රමාණය හෝමෙර්ට හරි ව තිබේ වා.


ඔවුන් ඒ මස් කටට ගෙන, එය විකන්නටත් පෙර සෙනඟට විරුද්ධ ව සමිඳාණන් වහන්සේගේ උදහස ඇවිළී යෑමෙන්, උන් වහන්සේ මහා වසංගතයකින් සෙනඟට පීඩා කළ සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්