Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 11:31 - Sinhala Revised Old Version

31 එවිට ස්වාමීන්වහන්සේ කෙරෙන් සුළඟක් නික්ම ගොස් වටුවන් මුහුදෙන් පමුණුවා කඳවුර ළඟ මෙහායින් දවසක ගමන් පමණද එහායින් දවසක ගමන් පමණද දුරටත් පොළොව මතුපිට දෙරියනක් පමණ උසටත් කඳවුර හාත්පසින් උන් වැටෙන්ට සැලැස්විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

31 සමිඳාණන් වහන්සේ මුහුදින් සුළඟක් හමන්නට සැලැසූ සේක. ඒ සුළඟ වටුවන් ගසාගෙන අවුත් කඳවුර සමීපයෙහි ඔවුන් හෙළී ය. කඳවුර වටේට දවසක ගමනක් පමණ දුරට ද පොළොවෙන් මීටරයක් පමණ ඉහළට ද ඔවුන් වැටී තිබිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

31 සමිඳාණන් වහන්සේ මුහුදින් සුළඟක් හමන්නට සැලැසූ සේක. ඒ සුළඟ වටුවන් ගසාගෙන අවුත් කඳවුර සමීපයෙහි ඔවුන් හෙළී ය. කඳවුර වටේට දවසක ගමනක් පමණ දුරට ද පොළොවෙන් මීටරයක් පමණ ඉහළට ද ඔවුන් වැටී තිබිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 11:31
9 හුවමාරු යොමු  

ඒ හැටියට සවස වටුවෝ අවුත් අන්දායම් වසාගත්තෝය. උදය කඳවුර හාත්පස පිනි තිබුණේය.


ඔව්හු ඉල්ලුවෝය, උන්වහන්සේ වටුවන් එවූසේක, ස්වර්ගීය භෝජනයෙන් ඔවුන් තෘප්තියට පැමිණවූසේක.


උන්වහන්සේ පොළෝ කෙළවරින් වලාකුල් නංවනසේක; වර්ෂාවට විදුලි සාදනසේක; ස්වකීය ගබඩාවලින් හුළඟ නික්මවනසේක.


ඔබ ස්වකීය හුස්ම පිඹලූසේක, එවිට මුහුද ඔවුන් වසාගත්තේය. ඔව්හු මහත් ජලයෙහි ඊයම් මෙන් කිඳුණෝය.


ස්වාමීන්වහන්සේ ඉතා බලවත් හුළඟක් බස්නාහිරින් හැමවූසේක, පළඟැටියෝ ගහගන ගොස්, රතු මුහුදේ හෙළන ලද්දෝය; මිසරයේ මුළු සීමාව තුළ එක පළඟැටියෙක්වත් ඉතුරුනොවීය.


මෝසෙස් තමාගේ සැරයටිය මිසර දේශය කෙරෙහි දිගුකෙළේය, ස්වාමීන්වහන්සේද ඒ දවසේ දවාල හා රාත්‍රිය මුළුල්ලෙහි ඒ දේශය පිටට පෙරදිග සුළඟක් පැමිණෙවුසේක; පහන්වුණු කල පෙරදිග සුළඟින් පළඟැටියෝ ගෙනෙන ලද්දෝය.


පසුව මෝසෙස්ද ඉශ්‍රායෙල් වැඩිමහල්ලෝද කඳවුර ඇතුළට ගියෝය.


උන්වහන්සේ ඔවුන්ගේ ඉල්ලීම ඉෂ්ටකළසේක; නුමුත් ඔවුන්ගේ ආත්මය කෘශභාවයට පැමිණවූසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්