ඔහු කළ ක්‍රියාව සමිඳාණන් වහන්සේට අප්‍රසන්න වූ හෙයින්, උන් වහන්සේ ඔහු ද මැරෙන්නට සැලැසූ සේක.
ගණන් කථාව 11:1 - Sinhala New Revised Version 2018 සෙනඟ දුක් ගැනවිලි ගැන කොඳුරන්නට පටන්ගත් විට සමිඳාණන් වහන්සේ ඒවා අසා, ඒවා ගැන අසතුටු වූයෙන්, උන් වහන්සේගේ උදහස ඇවිළිණි. උන් වහන්සේ සෙනඟ අතරට ගින්න එවූ විට, එය ඔවුන් දවා, කඳවුරේ එක කොණක් වනසාලී ය. Sinhala New Revised Version සෙනඟ දුක් ගැනවිලි ගැන කොඳුරන්නට පටන්ගත් විට සමිඳාණන් වහන්සේ ඒවා අසා, ඒවා ගැන අසතුටු වූයෙන්, උන් වහන්සේගේ උදහස ඇවිළිණි. උන් වහන්සේ සෙනඟ අතරට ගින්න එවූ විට, එය ඔවුන් දවා, කඳවුරේ එක කොණක් වනසාලී ය. Sinhala Revised Old Version සෙනඟ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි කොඳුරන්නන් මෙන් දොස්කියමින් සිටියෝය. ස්වාමීන්වහන්සේට එය ඇසුණු කල උන්වහන්සේගේ උදහස ඇවුළුණේය; ස්වාමීන්වහන්සේගේ ගින්න ඔවුන් අතරේ පත්තුවී කඳවුරු සීමාවෙහි දැවෙමින් ගියේය. |
ඔහු කළ ක්‍රියාව සමිඳාණන් වහන්සේට අප්‍රසන්න වූ හෙයින්, උන් වහන්සේ ඔහු ද මැරෙන්නට සැලැසූ සේක.
වැලපීමේ කාලය නිම වූ විට දාවිත් තමාගේ නිවෙසට ඈ ගෙන්වා ගත්තේ ය. ඔහු ඈ සරණ පාවාගත්තේ ය. ඈ දාවිත්ට දාව පුත්‍රයෙකු ලැබුවා ය. එහෙත්, දාවිත් කළ ක්‍රියාව ගැන සමිඳාණන් වහන්සේ ඉතා අප්‍රසන්න වූ සේක.
එලියා උත්තර දෙමින්, “මම දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයෙක් නම්, අහසින් ගිනි බැස ඔබ ද ඔබේ පනස්දෙනා ද දවාදමා වා”යි ඔවුන්ට කී ය. එවිට අහසින් ගිනි බැස ඔහු ද ඔහුගේ පනස්දෙනා ද දවාදැමී ය.
ඔහු කතා කරමින් සිටියදී ම තවත් කෙනෙක් අවුත්, “අහසින් අකුණක් වැදී බැටළුවන් සහ එඬේරුන් පිට ඇවිළී ඔවුන් දවා දැමී ය. මෙපවත් ඔබට සැළ කිරීමට යම්තම් ඉතිරි වූයේ මා පමණකි”යි කී ය.
සමිඳාණෝ මේවා ඇසූ කල උදහසින් පිරී ගිය සේක. ජාකොබ් පරපුරට විරුද්ධ ව එතුමාණන්ගේ කෝපාග්නිය ඇවිළී, ඉශ්රායෙල් වංශයට විරුද්ධ ව උදහස නැංගේ ය.
උදය කාලයේ දී ඔබ සමිඳාණන් වහන්සේගේ මහිමාලංකාරය දකින්නහු ය. මන්ද, ඔබ සමිඳාණන් වහන්සේට විරුද්ධ ව කී මැසිවිලි උන් වහන්සේ ඇසූ සේක. ඔබ මැසිවිලි කීවේ අපට විරුද්ධ ව නොවේ, අපි එතරම් වැදගත් නොවෙමු”යි කී හ.
ඉක්බිති මෝසෙස් ආරොන්ට කතා කොට, “මුළු ඉශ්රායෙල් ජනතාව අමතා, ‘සමිඳාණන් වහන්සේ වෙත පැමිණෙන්න; උන් වහන්සේ නුඹලාගේ මැසිවිලි ඇසූ සේක’ කියා කියන්නැ”යි පැවසී ය.
ඉශ්රායෙල්ගේ ආලෝකය වන දෙවිඳාණෝ ගින්නක් වන සේක. ඉශ්රායෙල්ගේ ශුද්ධ දෙවිඳාණෝ ගිනි දැල්ලක් මෙන් වී කටු ගස් ද ගොකටු ද එක දවසක දී ම විනාශ කර දමන සේක.
මීට කලකට පෙර අසිරියාවේ රජ්ජුරුවන් පුළුස්සාදමන මහා ගින්නක් ඇති තැනක් සූදානම්කර තිබුණේ ය. එය ඉතා ගැඹුරු ය, පළල් ය. එහි උසට දර ගොඩ ගසා ඇත. එහි ගිනි දල්වන පිණිස සමිඳාණන් වහන්සේ ගිනි වැනි හුස්මක් ඒ පිට හෙළන සේක.
සියොන්හි පව්කාරයෝ බියෙන් වෙවුළති; අභක්තිකයෝ භීතියෙන් ඇලළී යති. මේ දැවෙන ගින්නෙහි අප අතරෙන් කවරෙකුට ජීවත් විය හැකි ද? මේ සදා ගින්නෙන් කෙසේ ගැළවෙන්න ද?
මිසර දේශයේ පාළුකරයේ දී මම නුඹලාගේ පියවරුන් විනිශ්චය කළාක් මෙන් නුඹලා ද විනිශ්චයට පමුණුවන්නෙමි”යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.
එවිට සමිඳාණන් වහන්සේගෙන් ගින්නක් නික්ම, ඔවුන් දවා හැරියෙන් ඔව්හු උන් වහන්සේ ඉදිරියෙහි මළහ.
උන් වහන්සේ ඉදිරියෙහි කඳු දෙදරා යයි; හෙල් දිය වී යයි; උන් වහන්සේ ඉදිරියෙහි පොළොව ද ලොව ද එහි වැසි සියල්ලෝ ද වෙවුලති.
මෙසේ ඔව්හු සමිඳාණන් වහන්සේගේ කන්දෙන් නික්ම දවස් තුනක් ගමන් කළහ. සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ද ඔවුන්ට කඳවුරු බැඳීමට සුදුසු ස්ථානයක් සොයනු පිණිස ඔවුන්ට පෙරටුව, තුන් දිනක් ගමනෙහි යෙදිණි.
සෙනඟට කතා කොට මෙසේ කියන්න: එනම්, ‘නුඹලා හෙට දවස සඳහා පවිත්‍ර වන්න. නුඹලාට මස් කෑමට ලැබෙනු ඇත.’ ‘අපට කන්න මස් දෙන්නේ කවුරු ද? මිසරයේ දී නම් අපට සැප තිබුණා නොවේ ද?’ කියා නුඹලා සමිඳාණන් වහන්සේගේ කනට ඇසෙන්නට හැඬුවහු ය. එබැවින් උන් වහන්සේ නුඹලාට කෑමට මස් දෙන සේක. නුඹලා එය කනු ඇත.
“සමිඳාණන් වහන්සේ කතා කෙළේ මෝසෙස් මඟින් පමණක් ද? උන් වහන්සේ අප මඟින් පවා කතා නොකරන සේක් දැ”යි ඔව්හු කීවෝ ය. සමිඳාණන් වහන්සේට එය ඇසිණි.
ඉශ්රායෙල් ජනයා, මෝසෙස්ට හා ආරොන්ට විරුද්ධ ව මැසිවිලි කී හ. මුළු ජනතාව ම ඔවුන්ට කතා කොට, “මිසර දේශයේ අපි මැරී ගියෙමු නම් කොතරම් හොඳ ද! එසේ නැත් නම් පාළුකරයේ මිය ගියෙමු නම් කොතරම් හොඳ ද!
‘ඒ මුළු සෙනඟ මාගේ මහිමාලංකාරය හා මිසරයේ සහ පාළුකරයේ මා කළ හාස්කම් දැක දැකත්, දස වාරයකට වඩා මා පරීක්ෂා කොට, මා හඬට සවන් නුදුන් බැවින්
“මට විරුද්ධ ව මැසිවිලි කියන මේ නපුරු ජනතාව ගැන මම කොපමණ කල් ඉවසම් ද? ඉශ්රායෙල් ජනයා මට විරුද්ධ ව කී මැසිවිලි මා අසා ඇත.
එබැවින් ඔබ ඔවුන් අමතා මෙසේ කියන්න: ‘නුඹලා මාගේ කනට ඇසෙන සේ කී ලෙස මා නුඹලාට කරන බවට, මම දිවුරමි’යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.
එබැවින් ඔබත්, ඔබේ මුළු පිරිසත් පෙරමුණු බැඳ ඇත්තේ සමිඳාණන් වහන්සේට විරුද්ධ ව බව දැනගන්න. ආරොන්ට විරුද්ධ ව මැසිවිලි කීමට තරම් ඔහු කවරෙක් දැ”යි ඇසී ය.
මම යමෙකු තෝරාගන්නෙම් ද ඔහුගේ සැරයටියෙහි දලු ලියලන්නේ ය. නුඹට විරුද්ධ ව මැසිවිලි දොඩවන ඉශ්රායෙල් ජනයාගේ මැසිවිලි මා වෙත පැමිණීම මම මෙයින් නවතාලන්නෙමි”යි වදාළ සේක.
සෙනඟ දෙවියන් වහන්සේට සහ මෝසෙස්ට විරුද්ධ ව කතා කරමින්, “මේ පාළුකරයේ අප මැරෙන්නට ඇරීමට ඔබ අප මිසරයෙන් පිටතට ගෙනාවේ මන් ද? අපට කන්නත් නැත, බොන්නත් නැත. අපට ලැබෙන මේ සිල්ලර කෑම අපට දැන් තිත්ත වී ඇතැ”යි පැවසූ හ.
ඔවුන්ගෙන් සමහරෙකු මැසිවිලි කීවාක් මෙන් මැසිවිලි නොකියන්න. මැසිවිලි කීමෙන් ඔව්හු මාර දූතයා විසින් විනාශ කරනු ලැබූ හ.
ඔවුන් දෙවියන් වහන්සේට ගරුබිය නොපෙන්වූ බැවින්, මාර්ගයේ දී ඔවුන් ඔබට හමු වී, ඔබ ක්ලාන්ත ව වෙහෙස මහන්සි වී සිටිය දී, ඔබට පිටුපසින් පැමිණ දුබල අයට ඔවුන් පහර දුන් හැටි සිහි කරන්න.
මාගේ කෝපයෙන් ගින්නක් ඇවිළී, පාතාල ලෝකයේ ගැඹුර තෙක් ගොස් දැවී, මිහිතලය අස්වැන්න සමඟ ගිනිබත් වනු ඇත. කඳුවල පදනම් ද දැවෙනු ඇත.
“තවද, ඔබ තාබෙරා, මස්සා සහ කිබ්‍රොත්-හත්තාවා යන ස්ථානවල දී සමිඳාණන් වහන්සේ කුපිත කළහු ය.
බලන්න, ඔබගේ කෙත් වතුවල අස්වැන්න නෙළූ ගොවීන්ට නොගෙවා ඔබ වංචා කරගත් ඔවුන්ගේ කුලිය ඔබට විරුද්ධ ව මොරගසයි. ගොවීන්ගේ මොරගැසීම සේනාවල සමිඳාණන් වහන්සේගේ කන්වල වැටෙන්නේ ය.
මොවුහු මැසිවිලි කියති, කොඳුරති, සිය තෘෂ්ණා අනුව හැසිරෙති. ඔවුන්ගේ මුඛයෙන් අහංකාර වචන ගලා එයි; සිය වාසිය තකා අනුන්ට චාටුවෙන් ප්‍රශංසා කරති.