Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 78:21 - Sinhala New Revised Version 2018

21 සමිඳාණෝ මේවා ඇසූ කල උදහසින් පිරී ගිය සේක. ජාකොබ් පරපුරට විරුද්ධ ව එතුමාණන්ගේ කෝපාග්නිය ඇවිළී, ඉශ්රායෙල් වංශයට විරුද්ධ ව උදහස නැංගේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

21 සමිඳාණෝ මේවා ඇසූ කල උදහසින් පිරී ගිය සේක. ජාකොබ් පරපුරට විරුද්ධ ව එතුමන්ගේ කෝපාග්නිය ඇවිළී, ඉශ්රායෙල් වංශයට විරුද්ධ ව උදහස නැංගේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

21 එබැවින් ස්වාමීන්වහන්සේ අසා උදහස්වූසේක. යාකොබ්ට විරුද්ධව ගින්නක් ඇවුළුණේය, ඉශ්‍රායෙල්ට විරුද්ධව කෝපයද නැංගේය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 78:21
9 හුවමාරු යොමු  

සමිඳාණන් වහන්සේ මිසර දේශයෙන් ඉශ්රායෙල් සෙනඟ මුදා ගෙනැවිත්, ඉන්පසු විශ්වාස නොකළවුන් විනාශ කළ සේක, යන මේ සියල්ල ඔබ දැනගෙන සිටින නමුත්, මම එය යළිත් ඔබට සිහි කර දෙන්නට කැමැත්තෙමි.


මේ සියල්ල ඔවුන්ට සිදු වූයේ පාඩමක් වන පිණිස ය. ඒවා ලියන ලද්දේ යුගාන්තයට පැමිණ සිටින අපට අනතුරු ඇඟවීමක් වශයෙනි.


මන්ද, අපගේ දෙවියන් වහන්සේ වනාහි සියල්ල දවාලන ගින්නකි.


එහෙත් දෙවියන් වහන්සේ ඔවුන්ගෙන් වැඩි දෙනෙකු ප්‍රිය නොකළ සේක. එබැවින් ඔව්හු කාන්තාරයෙහි දී විනාශ වූ හ.


දේව උදහස ඔවුන්ට විරුද්ධ ව ඇවුළුණේ ය. එතුමාණෝ ඔවුන’තර සිටි සවිමත් දනන් නසා ඉශ්රායෙල් වංශයේ හොඳ ම තරුණ පෙළ වනසාදැමූ සේක.


මාගේ කෝපයෙන් ගින්නක් ඇවිළී, පාතාල ලෝකයේ ගැඹුර තෙක් ගොස් දැවී, මිහිතලය අස්වැන්න සමඟ ගිනිබත් වනු ඇත. කඳුවල පදනම් ද දැවෙනු ඇත.


සෙනඟ ද පවුල් වශයෙන්, තම තමන්ගේ කූඩාරම් දොරකඩ සිට හඬනු මෝසෙස්ට ඇසිණි. සමිඳාණන් වහන්සේගේ කෝපය ද ඉමහත් ලෙස දැල්විණි. මෝසෙස් දුකට පත් විය.


එහෙත්, ඔව්හු කැරලි ගසා, උන් වහන්සේගේ ශුද්ධාත්මයට දුක් දුන්නෝ ය. ඒ නිසා, එතුමාණෝ ඔවුන්ට සතුරු වී ඔවුන්ට විරුද්ධ ව සටන් කළ සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්