ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගණන් කථාව 1:50 - Sinhala New Revised Version 2018

තවද, නුඹ ගිවිසුම් කරඬුව තබා ඇති මණ්ඩපය ද එහි ඇති සියලු බඳුන් හා භාණ්ඩ ද පිළිබඳ ව වගකීම ඔවුන්ට බාර දිය යුතු ය. මණ්ඩපයත්, එහි ඇති බඳුන් සියල්ලත් උසුලාගෙන යා යුත්තෝ ඔව්හු ය. ඔවුන් එය තුළ පූජක සේවාව ඉටු කරමින්, එය වටේට කඳවුරු බැඳිය යුතු ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

තවද, නුඹ ගිවිසුම් කරඬුව තබා ඇති මණ්ඩපය ද එහි ඇති සියලු බඳුන් හා භාණ්ඩ ද පිළිබඳ ව වගකීම ඔවුන්ට බාර දිය යුතු ය. මණ්ඩපයත්, එහි ඇති බඳුන් සියල්ලත් උසුලාගෙන යා යුත්තෝ ඔව්හු ය. ඔවුන් එය තුළ පූජක සේවාව ඉටු කරමින්, එය වටේට කඳවුරු බැඳිය යුතු ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

එහෙත් ලෙවීවරුන් සාක්ෂි මණ්ඩපය කෙරෙහිද එහි සියලුම භාණ්ඩ කෙරෙහිද ඊට අඩංගු සියල්ල කෙරෙහිද පත්කරන්න. ඔව්හු මණ්ඩපයද එහි සියලු භාණ්ඩද උස්සා ගෙන යන්නෝය; ඔව්හු එහි මෙහෙය කරමින් මණ්ඩපය හාත්පස කූඩාරම් ගසාගෙන සිටින්නෝය.

පරිච්ඡේදය බලන්න



ගණන් කථාව 1:50
30 හුවමාරු යොමු  

එවිට රජ තෙම ප්‍රධානියා වන ජෙහෝයාදා කැඳවා, “සමිඳාණන් වහන්සේගේ මෙහෙකරු වූ මෝසෙස් ද ඉශ්රායෙල් සභාව ද විසින් සම්මුඛ මණ්ඩපය උදෙසා නියම කරන ලද බදු මිල ලෙවීවරුන් විසින් ජුදා දේශයෙන් සහ ජෙරුසලමෙන් එකතු කර ගෙනෙනු ලබන හැටියට ඔබ වග බලා නොගත්තේ මන්දැ”යි ඇසී ය.


එලියාෂිබ්ගේ ද ජෝයාදාගේ ද ජෝහානාන්ගේ ද ජද්දුවාගේ ද දවස්වල ලෙවීවරුන්ගේ පිය පෙළපත් ප්‍රධානියෝ ලියාපදිංචි කරනු ලැබුවෝ ය. පූජකයෝත් පර්සියාවේ දාරියුස්ගේ රජ කාලය දක්වා එසේ වූ හ.


සියලු ම ඉශ්රායෙල්වරු ද සෙරුබ්බාබෙල්ගේ දවස්වලත්, නෙහෙමියාගේ දවස්වලත් දිනපතා ගායකයන්ගේත්, දොරටු පාලකයන්ගේත් කොටස් සහ ලෙවීවරුන්ට කැප කළ යුතු දේත් දුන්හ. ලෙවීවරු ද ආරොන්ගේ පුත්‍රයන්ට කැප කළ යුතු දේ දුන්හ.


තවද, ලෙවීවරු නම්: ජේෂුවා, බින්නුයි, කද්මියෙල්, ෂේරෙබියා, ජුදා සහ මත්තනියා ය. ඔවුහුත්, ඔවුන්ගේ සහෝදරයෝත් ස්තුති ගායනා කණ්ඩායම්වලට පත් ව සිටියෝ ය.


තවද, සබත් දවස ශුද්ධ ලෙස පවත්වන පිණිස පිරිසිදු වී අවුත්, දොරටු රැකවල් කරන ලෙස මම ලෙවීවරුන්ට අණ කෙළෙමි. “මාගේ දෙවියන් වහන්ස, මේ නිසාත් මා සිහි කර ඔබේ ඉමහත් කරුණාව පරිද්දෙන් මට දයා වී වදාළ මැනව.”


ඔහු ටෝබියාට විශාල කාමරයක් සකස් කර දී තිබිණි. කලින් ඒ කාමරයේ ආහාර පූජා ද තුවරලා ද භාණ්ඩ ද ලෙවීවරුන්ගේත්, ගීතිකාකාරයන්ගේත්, දොරටු පාලකයන්ගේත් නියම කොටස වූ ධාන්‍යයෙන් සහ මිදි යුසෙනුත්, තෙලිනුත් දසයෙන් කොටස ද පූජකයන්ට ලැබෙන පිළිගැන්වීමේ පූජා ද තැන්පත් කර තිබිණි.


ඉශ්රායෙල් සෙනඟට නියම කළ ලෙස ගෝත්‍රයෝ, සමිඳාණන් වහන්සේගේ ගෝත්‍රයෝ, එතුමාණෝ නමට තුති දෙන පිණිස මෙම නගරය වෙත පැමිණෙති.


උන් වහන්සේ සීනයි කන්ද මත මෝසෙස් සමඟ කතා කොට නිම කළ පසු, දේව ඇඟිල්ලෙන් ලියන ලද ගල් පුවරු වන ගිවිසුම් පුවරු දෙක ඔහුට දුන් සේක.


සාක්ෂි ගිවිසුම් කරඬුව තැබූ මණ්ඩපය සෑදීමට ගත් ලෝහ වර්ගවල ප්‍රමාණය මෙසේ විය. මේ ලැයිස්තුව මෝසෙස් විසින් අණ කරන ලදු ව, ආරොන්ගේ පුත් ඊතාමාර් යටතේ වැඩ කළ ලෙවීවරුන් විසින් පිළියෙළ කරන ලදී.


ඉශ්රායෙල් ජනයා මත මාගේ උදහස නොපැමිණෙන පිණිස, ගිවිසුම් කරඬුව ඇති මණ්ඩපය වටේට ලෙවීවරුන් තමන්ගේ කූඩාරම් ගැසිය යුතු ය. මෙලෙස ඔවුන් එය රැකවල් කළ යුතු වේ.”


එවිට කොහාත්ගේ දරුපරපුර ශුද්ධස්ථානයේ පූජා භාණ්ඩ උසුලාගෙන නික්ම ගියහ. ඊළඟ කඳවුරට ඔවුන් පැමිණෙන විට මණ්ඩපය යළි ඉදි කොට තිබිණි.


ඉන්පසු මෝසෙස් ගිවිසුම් කරඬුව තැබූ සම්මුඛ මණ්ඩපය තුළ සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඒවා තැබී ය.


නුඹලා ශුද්ධස්ථානය හා පූජාසනය පිළිබඳ වගකීම භාරගත යුතු ය. එවිට ඉශ්රායෙල් ජනයාට විරුද්ධ ව මින්මතු මම රොස් නොවන්නෙමි.


ඉන්පසු කඳවුර මැද සිටින ලෙවීවරුන්ගේ හමුදාව සම්මුඛ මණ්ඩපය උසුලාගෙන ඉදිරියට යා යුතු වේ. ඔවුන් ඉදිරියට යා යුත්තේ, කඳවුරු බැඳගෙන තිබෙන පිළිවෙළට සෑම කෙනෙකු ම තම තමාගේ ගෝත්‍රික ධජය සමීපයෙන් ය.


ඔහු අත ඔසවා, සැරයටියෙන් පර්වතයට දෙවරක් ගැසී ය. මහා ජලධාරාවක් පිටාර ගැලී ය, ජනතාව සහ ඔවුන්ගේ සත්තු එයින් බීවෝ ය.


“මෙලෙස කඳවුර ගලවා ඉදිරියට යන අවස්ථාවක, ආරොන් සහ ඔහුගේ පුතුන් ශුද්ධස්ථානය හා එහි සියලු බඩු භාණ්ඩ වසා නිම කළ පසු කොහාත්ගේ දරුපරපුර පැමිණ එය උසුලාගෙන යා යුතු ය. එහෙත්, ඔවුන් ශුද්ධ වූ කිසි ම භාණ්ඩයකට අත නොතැබිය යුතු ය. එසේ කළොත් ඔවුන් මිය යනු ඇත. සම්මුඛ මණ්ඩපය පිළිබඳ කොහාත්ගේ දරුපරපුරට පැවරෙන වගකීම මෙය වේ.


අවුරුදු තිහේ සිට පණහ දක්වා වයසැති, හමුදාවේ සේවය කළ හැකි සියල්ලන් සම්මුඛ මණ්ඩපයේ සේවය සඳහා ලියාපදිංචි කරන්න.


ඉශ්රායෙල් ජනයා අතරෙන් තෝරාගත් ලෙවීවරුන් විශේෂ දීමනාවක් මෙන් මම ආරොන්ට සහ ඔහුගේ පුතුන් හට දුනිමි. ඔවුන් ඉශ්රායෙල් ජනයා උදෙසා පව් කමාවේ පිළිවෙත ඉටු කරමින්, සම්මුඛ මණ්ඩපය තුළ ඔවුන් උදෙසා සේවාව ඉටු කළ යුතු ය. එවිට ඉශ්රායෙල් ජනයා ශුද්ධස්ථානයට සමීප වන විට ඔවුන්ට විපත්තියක් නොවනු ඇත.”


මෙලෙස ලෙවීවරුන් සම්බන්ධ ව සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ සියල්ල ම, ඔහු ද, ආරොන් සහ මුළු ඉශ්රායෙල් ජනතාව ද ඔවුන් වෙත ඉටු කළහ.


ඉන්පසු ලෙවීවරු, ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් යටතේ සම්මුඛ මණ්ඩපය තුළ සේවාවන් ඉටු කිරීමට සුදුස්සෝ වූ හ. මෙසේ සමිඳාණන් වහන්සේ ලෙවීවරුන් ගැන මෝසෙස්ට අණ කළ ලෙස ඔව්හු ලෙවීවරුන්ට කළෝ ය.


ඉන්පසු ස්වර්ගයෙහි තිබෙන සාක්ෂි මණ්ඩපය වන ඇතුළු ශුද්ධස්ථානය ඇරී,