Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 10:21 - Sinhala New Revised Version 2018

21 එවිට කොහාත්ගේ දරුපරපුර ශුද්ධස්ථානයේ පූජා භාණ්ඩ උසුලාගෙන නික්ම ගියහ. ඊළඟ කඳවුරට ඔවුන් පැමිණෙන විට මණ්ඩපය යළි ඉදි කොට තිබිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

21 එවිට කොහාත්ගේ දරුපරපුර ශුද්ධස්ථානයේ පූජා භාණ්ඩ උසුලාගෙන නික්ම ගියහ. ඊළඟ කඳවුරට ඔවුන් පැමිණෙන විට මණ්ඩපය යළි ඉදි කොට තිබිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

21 එවිට කොහාත්වරු පිටත්වී ශුද්ධස්ථානය උසුලාගන ගියෝය. ඔවුන් එනතුරු අනික් අය මණ්ඩපය පිහිටෙවුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 10:21
11 හුවමාරු යොමු  

එවිට මණ්ඩපය බාන ලදින්, ගේර්ෂොන්ගේ හා මෙරාරීගේ දරුපරපුර එය උසුලාගෙන පිටත් ව ගියහ.


එහෙත්, ශුද්ධස්ථානයේ සේවාවන්ට අදාළ ව කොහාත්ගේ දරුපරපුරට පැවරී තිබුණේ බඩු භාණ්ඩ කර පිට උසුලාගෙන යාම බැවින් ඔවුන්ට ඔහු කිසිවක් නුදුන්නේ ය.


එවිට දාවිත් කතා කොට, “දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගෙනයන්නටත්, හැම කල්හි ම උන් වහන්සේට සේවය කරන්නටත් සමිඳාණන් වහන්සේ ලෙවීවරුන් තෝරාගත් නිසා උන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගෙනයන්නට ඔවුන්ට මිස වෙන කාට වත් යුතු නැතැ”යි කීවේ ය.


එහෙත්, ඔවුන් මොහොතකට වත් අතිශුද්ධ බඩු භාණ්ඩ බැලීමට ඇතුළු නොවිය යුතු ය. එසේ බැලුවොත් ඔවුන් මැරෙනු ඇතැ”යි වදාළ සේක.


ඉන්පසු කඳවුර මැද සිටින ලෙවීවරුන්ගේ හමුදාව සම්මුඛ මණ්ඩපය උසුලාගෙන ඉදිරියට යා යුතු වේ. ඔවුන් ඉදිරියට යා යුත්තේ, කඳවුරු බැඳගෙන තිබෙන පිළිවෙළට සෑම කෙනෙකු ම තම තමාගේ ගෝත්‍රික ධජය සමීපයෙන් ය.


මණ්ඩපය වෙන තැනකට ගෙන යා යුතු විට, එය ගැලවිය යුත්තෝ ද වෙන තැනක එය සවි කළ යුත්තෝ ද ඔව්හු ය. අන් කිසිවෙකු ඊට ළං වුවහොත් ඔහු මරණයට පත් කළ යුතු ය.


ගාද්ගේ ගෝත්‍රයට අයත් වූවන්ගේ සේනාංකයේ සෙන්පතියා දෙවුයෙල්ගේ පුත් එලියාසාප් විය.


ඔව්හු තමන්ගේ පිය පෙළපත්වල හැටියට, පිය පෙළපත්වල ප්‍රධානියන් වන විසි අවුරුදු වයසේ පටන් ඉන් ඉහළට එක් කෙනෙකු එක් කෙනෙකු පාසා නම් වශයෙන් ගණන් කරන ලද්දා වූ, සමිඳාණන් වහන්සේගේ මාලිගා සේවයේ වැඩ කළා වූ ලෙවීගේ පුත්‍රයෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්