Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 1:53 - Sinhala New Revised Version 2018

53 ඉශ්රායෙල් ජනයා මත මාගේ උදහස නොපැමිණෙන පිණිස, ගිවිසුම් කරඬුව ඇති මණ්ඩපය වටේට ලෙවීවරුන් තමන්ගේ කූඩාරම් ගැසිය යුතු ය. මෙලෙස ඔවුන් එය රැකවල් කළ යුතු වේ.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

53 ඉශ්රායෙල් ජනයා මත මාගේ උදහස නොපැමිණෙන පිණිස, ගිවිසුම් කරඬුව ඇති මණ්ඩපය වටේට ලෙවීවරුන් තමන්ගේ කූඩාරම් ගැසිය යුතු ය. මෙලෙස ඔවුන් එය රැකවල් කළ යුතු වේ.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

53 එහෙත් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ සභාව කෙරෙහි උදහස නොපැමිණෙන පිණිස ලෙවීවරු සාක්ෂි මණ්ඩපය වටකරින් කූඩාරම් ගසා ගන්නෝය. ලෙවීවරුන්ම සාක්ෂි මණ්ඩපයේ සේවය භාරගත යුතුයයි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 1:53
26 හුවමාරු යොමු  

මෝසෙස් ආරොන්ට කතා කොට, “ඔබේ ධූම පාත්‍රය ගෙන, පූජාසනයේ ගින්දර රැගෙන එහි බහා, සුවඳ ද්‍රව්‍ය දමා, කඩිනමින් සෙනඟ අතරට ගොස්, ඔවුන් උදෙසා පව් කමාවේ පිළිවෙත ඉටු කරන්න. සමිඳාණන් වහන්සේ රොස් වී සිටින සේක. වසංගතයක් බෝවේගෙන එන්නේ ය”යි පැවසී ය.


සම්මුඛ මණ්ඩපයේ වත්පිළිවෙත් ද ශුද්ධස්ථානයේ වත්පිළිවෙත් ද සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ සේවය සම්බන්ධයෙන් තම සහෝදරයන් වූ ආරොන්ගේ පුත්‍රයන්ගේ වත්පිළිවෙත් ද බලාගැනීමත් ය.


ඉන්පසු මෝසෙස් ආරොන්ට ද ඔහුගේ පුත්‍රයන් වන එලෙයාසර්ට සහ ඊතාමාර්ට ද කතා කොට, “ඔබ කණගාටුව දැක්වීමට ඔබේ හිසකෙස් අවුල් කර නොගන්න, ඔබේ වස්ත්‍ර ඉරා නොගන්න. ඔබ එසේ කළොත් නසින්නහු ය, සමිඳාණන් වහන්සේ ද මුළු ජනතාව සමඟ කිපෙන සේක. එහෙත්, ඔබේ ඥාතීන් වන මුළු ඉශ්රායෙල් ජනයා නම්, සමිඳාණන් වහන්සේ එවන්නට සැලැසූ ගින්න ගැන වැළපිය යුතු වේ.


ඉශ්රායෙල් ජනයාට වූ මේ කොටසින් ද මෝසෙස් සිරකරුවන් පනස්දෙනෙකුට එක්කෙනා බැගින් ද, සතුන් පනස්දෙනෙකුට එකා බැගින් ද ගෙන, සමිඳාණන් වහන්සේ අණ කළ පරිදි උන් වහන්සේගේ මණ්ඩපය භාර ව සිටි ලෙවීවරුන්ට දුන්නේ ය.


සෙසු ඉශ්රායෙල් ජනයාට දුන් කොටසින් සිරකරුවන්ගෙන් පණහකට එක්කෙනා බැගිනුත් ගව, කොටළු, එළු, බැටළු ආදී නන්වැදෑරුම් සතුන්ගෙන් පණහකට එකෙකු බැගිනුත් ගෙන සමිඳාණන් වහන්සේගේ මණ්ඩපය භාර ව සිටින ලෙවීවරුන්ට දෙන්නැ”යි වදාළ සේක.


ඉශ්රායෙල් ජනයා අතරෙන් තෝරාගත් ලෙවීවරුන් විශේෂ දීමනාවක් මෙන් මම ආරොන්ට සහ ඔහුගේ පුතුන් හට දුනිමි. ඔවුන් ඉශ්රායෙල් ජනයා උදෙසා පව් කමාවේ පිළිවෙත ඉටු කරමින්, සම්මුඛ මණ්ඩපය තුළ ඔවුන් උදෙසා සේවාව ඉටු කළ යුතු ය. එවිට ඉශ්රායෙල් ජනයා ශුද්ධස්ථානයට සමීප වන විට ඔවුන්ට විපත්තියක් නොවනු ඇත.”


දේව වචනය දේශනා කරන්න. කලටත් අකලටත් එහි නිරතව සිටින්න; ඉවසිලිවන්ත ව උගන්වමින් සත්‍යය පහදා දෙන්න. තරවටු කරන්න, දිරි ගන්වන්න.


“එබැවින් සියලු බලැති ස්වාමීන් වන මම, ජෙරුසලමේ දිවැසිවරුන් ගැන මෙසේ කියමි: මම ඔවුන්ට තිත්ත කදුරු කවන්නෙමි. වස දිය පොවන්නෙමි. මන්ද, දේශය මුළුල්ලේ ම ජෙරුසලමේ දිවැසිවරුන්ගෙන් දූෂණ පැතිර ගොස් ඇත.


දිවැසිවරු සත්‍යය කතා නොකරති; පූජකයෝ සිය මතයෙන් ආණ්ඩු කරති; මාගේ සෙනඟ මේවාට ප්‍රිය කරති. එහෙත්, මේ සියල්ල අවසානයේ දී ඔව්හු කුමක් කරත් ද?”


“එහෙත්, අපේ දෙවියන් වහන්සේ නම්, සමිඳාණන් වහන්සේ ය. අපි උන් වහන්සේ අත් නොහැරියෙමු, සමිඳාණන් වහන්සේට සේවය කරන පූජකයන් වූ ආරොන්ගේ පුත්‍රයෝ ද තමන්ගේ මෙහෙයේ යෙදෙන ලෙවීවරු ද අපට සිටිති.


බෙත්-ෂෙමෙෂ්හි මනුෂ්‍යයන් සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඇර බැලූ නිසා, උන් වහන්සේ සෙනඟගෙන් සැත්තෑදෙනෙකුට පහර දුන් සේක. සමිඳාණන් වහන්සේ සෙනඟ අතරෙහි මේ සා මහත් ඝාතනයක් කළ බැවින් සෙනඟ වැලපුණෝ ය.


මණ්ඩපයේ ඉදිරිපිට සිට එහි පෙරදිගට එනම්, සම්මුඛ මණ්ඩපයෙන් නැගෙනහිර අංශයට කූඩාරම් ගැසිය යුත්තෝ නම් මෝසෙස්, ආරොන් සහ ඔහුගේ පුත්‍රයෝ වෙති. මොවුන් ඉශ්රායෙල් ජනයා උදෙසා ශුද්ධස්ථානයේ පවත්වන මෙහෙයයන් පිළිබඳ වගකීම දැරිය යුතු ය. අන් කිසිවෙකු ළඟා වුවහොත් ඔහු මරණයට පත් කරනු ලැබේ.


තවද, නුඹ ගිවිසුම් කරඬුව තබා ඇති මණ්ඩපය ද එහි ඇති සියලු බඳුන් හා භාණ්ඩ ද පිළිබඳ ව වගකීම ඔවුන්ට බාර දිය යුතු ය. මණ්ඩපයත්, එහි ඇති බඳුන් සියල්ලත් උසුලාගෙන යා යුත්තෝ ඔව්හු ය. ඔවුන් එය තුළ පූජක සේවාව ඉටු කරමින්, එය වටේට කඳවුරු බැඳිය යුතු ය.


සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ දුන් පරිදි ඉශ්රායෙල් ජනයා ද සියල්ල ඉටු කළහ.


ඉන්පසු කඳවුර මැද සිටින ලෙවීවරුන්ගේ හමුදාව සම්මුඛ මණ්ඩපය උසුලාගෙන ඉදිරියට යා යුතු වේ. ඔවුන් ඉදිරියට යා යුත්තේ, කඳවුරු බැඳගෙන තිබෙන පිළිවෙළට සෑම කෙනෙකු ම තම තමාගේ ගෝත්‍රික ධජය සමීපයෙන් ය.


මොවුන් මණ්ඩපයෙන් බටහිර දිශාවට තමන්ගේ කූඩාරම් ගැසිය යුතු වේ.


මොවුන් මණ්ඩපයෙන් දකුණු දිශාවට තමන්ගේ කූඩාරම් ගැසිය යුතු ය.


තවද, මොවුන්ගේ ප්‍රධානියා අබිහයිල්ගේ පුත් ශුරියෙල් ය. මොවුන් මණ්ඩපයෙන් උතුරු දිශාවට තමන්ගේ කූඩාරම් ගැසිය යුතු ය.


ඉන්පසු මෝසෙස් ගිවිසුම් කරඬුව තැබූ සම්මුඛ මණ්ඩපය තුළ සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඒවා තැබී ය.


සමිඳාණන් වහන්සේගේ මණ්ඩපයේ සේවය කරමින් තමන් වහන්සේ ළඟට ඔබ හැම ළඟා කරගැනීමටත්, පූජකයන් වශයෙන් කටයුතු කරමින්, ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේ මුළු ඉශ්රායෙල් ජනයා අතරෙන් ඔබ හැම වෙන් කොට ගැනීම ඔබ සුළු කොට සලකන්නහු ද?


ඔව්හු සමිඳාණන් වහන්සේට හැම උදය ද හැම සවස ද දවන යාග පූජා ද සුවඳ දුම් ද ඔප්පු කරති. පිදීමේ පූප රන් මේසය උඩ පිළිවෙළට තබති. රන් පහන් රුක සමඟ එහි පහන් හැම සවස ම දල්වති. මන්ද, අපි අපේ දෙවි සමිඳාණන් වහන්සේගේ ආගමික වත්පිළිවෙත් පවත්වමු. එහෙත්, ඔබ හැම උන් වහන්සේ අත්හැරියහු ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්