“මා නුඹ කුසෙහි පිළිසිඳගැනීම ඇති කරන්නටත් පෙර පටන් මම නුඹ හඳුනාගතිමි. නුඹේ උපතට පෙර, මම නුඹ කැප කෙළෙමි; ජාතීන් හට දිවැසිවරයෙකු ලෙස මම නුඹ පත් කෙළෙමි.”
ක්‍රියා 9:15 - Sinhala New Revised Version 2018 එහෙත් සමිඳාණන් වහන්සේ ඔහුට කතා කොට, “යන්න, මන්ද, ඔහු මාගේ නාමය විජාතීන් ද රජුන් ද ඉශ්රායෙල් පුත්‍රයන් ද වෙත ගෙනයාමට මා විසින් තෝරාගත් භාජනයකි. Sinhala New Revised Version එහෙත් සමිඳාණන් වහන්සේ ඔහුට කතා කොට, “යන්න, මන්ද, ඔහු මාගේ නාමය විජාතීන් ද රජුන් ද ඉශ්රායෙල් පුත්‍රයන් ද වෙත ගෙනයාමට මා විසින් තෝරාගත් භාජනයකි. සිංහල කාලීන පරිවර්තනය එහෙත් ස්වාමින්වහන්සේ ඔහු අමතමින්, “යන්න! මේ මනුෂ්‍යයා අන්‍ය-ජාතීන් ද රජුන් ද ඉශ්‍රායෙල් ජනයා ද වෙත මාගේ නාමය ගෙන යෑමට තෝරා ගන්නා ලද මාගේ උපකරණයකි; Sinhala Revised Old Version නුමුත් ස්වාමීන්වහන්සේ ඔහුට කථාකොට: යන්න, මක්නිසාද ඔහු මාගේ නාමය අන්‍යජාතීන්ද රජුන්ද ඉශ්‍රායෙල් පුත්‍රයන්ද ඉදිරියට ගෙනයන්ට මා විසින් තෝරාගන්නාලද භාජනයක්ය. |
“මා නුඹ කුසෙහි පිළිසිඳගැනීම ඇති කරන්නටත් පෙර පටන් මම නුඹ හඳුනාගතිමි. නුඹේ උපතට පෙර, මම නුඹ කැප කෙළෙමි; ජාතීන් හට දිවැසිවරයෙකු ලෙස මම නුඹ පත් කෙළෙමි.”
එහෙත්, සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: “නුඹ බාලයෙක් යයි නොකියන්න. මා නුඹ යවන සියල්ලන් වෙත යන්න. මා නුඹට අණ කරන සියල්ල පවසන්න.
ඔවුන්ට හා විජාතීන්ට සාක්ෂියක් පිණිස ඔබ මා නිසා ආණ්ඩුකාරයන් ද රජුන් ද ඉදිරියට ගෙනයනු ලබනු ඇත.
ඔබ මා තෝරාගත්තේ නැත. මම ඔබ තෝරාගෙන පත් කෙළෙමි. එසේ කෙළේ ඔබ ගොස් බොහෝ පල දරන පිණිසත්, ඔබේ පල පවතින පිණිසත්, මාගේ නාමයෙන් ඔබ පියාණන් වහන්සේගෙන් ඉල්ලන කවර දෙයක් වුව ද උන් වහන්සේ ඔබට දෙන පිණිසත් ය.
ඔවුන් සමිඳාණන් වහන්සේට සේවය කරමින් උපවාසයේ යෙදී සිටි විට ශුද්ධාත්මයාණන් වහන්සේ කතා කොට, “මා විසින් බාර්ණබස් ද සාවුල් ද කැඳවනු ලැබූ සේවය සඳහා ඔවුන් මට වෙන් කරන්නැ”යි වදාළ සේක.
ඔහු ඔවුන්ට ආචාර කොට, තමාගේ සේවය මඟින් දෙවියන් වහන්සේ විජාතීන් අතර සිදු කළ දේ ගැන සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කෙළේ ය.
ඔහු කතා කොට, ‘අපේ පියවරුන්ගේ දෙවියන් වහන්සේ තමන් වහන්සේගේ කැමැත්ත දැනගන්නටත්, ධර්මිෂ්ඨයාණන් දකින්නටත්, උන් වහන්සේගේ මුඛයෙන් වචනය අසන්නටත් ඔබ තෝරා ගත් සේක.
එවිට උන් වහන්සේ මට කතා කොට, ‘යන්න, මම ඔබ බොහෝ ඈත, විජාතීන් වෙත යවන්නෙමි’යි වදාළ සේකැ”යි පැවසී ය.
එවිට අග්‍රිපා: “මමත් ඒ මනුෂ්‍යයා කතා කරනවා අසන්නට කැමැත්තෙමි”යි ෆෙස්තුස්ට කී ය. “හෙට ඔබට අසන්නට ලැබේ ය”යි ඔහු පිළිතුරු දුනි.
එවිට අග්‍රිපා රජු, “ඔබේ නිදහසට කරුණු කීමට දැන් අවසර තිබේ ය”යි පාවුලුට කී ය. එකල පාවුලු අත දිගු කොට තමාගේ නිදහසට මෙසේ කරුණු කියා පෑවේ ය:
අග්‍රිපා තෙමේ ෆෙස්තුස්ට කතා කොට, “මේ මිනිසා සීසර් අධිරාජයාගේ විනිශ්චය නොඉල්ලුවා නම් ඔහු මුදා හැරීමට හැකි ව තිබුණේ ය”යි කී ය.
‘පාවුලු බිය නොවන්න; ඔබ අධිරාජයා ඉදිරියෙහි සිටින්නට ම ඕනෑ ය. මෙන්න, ඔබ සමඟ නැවෙන් යන සියල්ලන්ගේ ද ආරක්ෂාව දෙවියන් වහන්සේ ඔබට දුන් සේකැ’යි කී ය.
තුන් දවසකට පසු පාවුලු ජුදෙව් ප්‍රධානියන් රැස් කරවාගත්තේ ය. ඔවුන් රැස් වූ කල ඔහු ඔවුන්ට කතා කොට: “සහෝදරයෙනි, මම සෙනඟට වත් අපේ පරම්පරාගත සිරිත්විරිත් වලට වත් විරුද්ධ ව කිසි දෙයක් නොකෙළෙමි. එහෙත් හිරකරුවෙකු මෙන් ජෙරුසලමෙන් රෝමවරුන්ගේ අත්වලට භාර දෙනු ලැබීමි.
පාවුලු තවදුරටත් කතා කරමින්: “එහෙයින් දෙවියන් වහන්සේගේ මේ ගැළවීම විජාතීන් වෙත යවන ලද බව තේරුම්ගන්න. ඔවුන් එයට සවන් දෙනු ඇතැ”යි කියා කතාව නිම කෙළේ ය.
ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ දාසයෙකු වන, උන් වහන්සේගේ සුබ අස්න දේශනා කිරීම පිණිස අපෝස්තුළුවරයෙකු වීමට දේව වරමින් කැඳවීම ලත්, පාවුලු වෙතිනි.
සියලු ජාතීන් ඇදහිල්ලට පමුණුවන පිණිස ක්‍රිස්තුන් වහන්සේගේ නාමයෙන් අපෝස්තුළුවරයෙකු වීමේ වරම මම උන් වහන්සේ අතින් ලදිමි.
දැන් මා කතා කරන්නේ විජාතීන් වන ඔබට ය. විජාතීන්ට අපෝස්තුළුවරයෙකු ව සිටින බැවින් මම මාගේ මෙහෙය උසස් කොට සලකමි.
එහෙත් මම යම් තත්ත්වයකට පැමිණ සිටිම් ද, එසේ පැමිණ සිටින්නේ දෙවියන් වහන්සේගේ වරප්‍රසාදයෙන් ය. උන් වහන්සේ මට දුන් වරප්‍රසාදය නිෂ්ඵල නො වී ය. ඇත්තට ම මම ඔවුන් සියල්ලන්ට ම වඩා බොහෝ සෙයින් වැඩ කෙළෙමි. එහෙත් එසේ කෙළේ මා නොව මා තුළ වූ දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය ය.
මා සුබ අස්න දේශනා කරන නමුත් එය පාරට්ටු කරගැනීමට කාරණයක් නොවේ. මන්ද, සුබ අස්න දේශනා කිරීමට මම බැඳී සිටිමි. සුබ අස්න දේශනා නොකළොත් මම මහා කාලකණ්ණියෙක් වෙමි.
මිනිසුන් කෙරෙන් වත්, මිනිසෙකු මඟින් වත් නොව, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගෙන් හා උන් වහන්සේ උත්ථාන කොට වදාළ දෙවි පියාණන් වහන්සේගෙන් අපෝස්තුළුවරයෙකු වීමේ කැඳවීම ලත් පාවුලු නම් මම මෙසේ ලියා එවමි.
මේ කාරණය නිසා ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ හිරකාරයෙකු වන පාවුලු නම් මම, විජාතීන් වූ ඔබ උදෙසා යාච්ඤා කරමි.
ඒ පිළිබඳ දේශනාකාරයෙකු ද අපෝස්තුළුවරයෙකු ද ලෙස මා පත් කරනු ලැබුවේ විජාතීන්ට සත්‍ය ඇදහිල්ල උගන්වන පිණිස ය. මා මේ කියන්නේ බොරුවක් නොව සත්‍යයක් ම ය.
ඒ සුබ අස්න පිළිබඳ දේශනාකරුවෙකු ද අපෝස්තුළුවරයෙකු ද, ගුරුවරයෙකු ද ලෙස මම පත් කරනු ලැබුවෙමි.
ඕනෑ ම හේවායෙක් ජන සමාජයේ කටයුතුවල පැටලෙන්නේ නැති ව, තමා බඳවාගත් තැනැත්තා සතුටු කරන්නට බලයි.
මොවුහු බැටළු පෝතකයාණන්ට විරුද්ධ ව යුද්ධ කරන්නාහ. එහෙත් බැටළු පෝතකයාණෝ ඔවුන් පරාජය කරන සේක. මන්ද, උන් වහන්සේ ස්වාමිවරුන්ගේ ස්වාමීන් වහන්සේ ය; රජවරුන්ගේ රජාණෝ ය. උන් වහන්සේ සමඟ සිටින, කැඳවාගත් තෝරාගත් විශ්වාස තැනැත්තෝ ද, ඒ ජයග්‍රහණයට පංගුකාරයෝ වන්නාහ.”