Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 කොරින්ති 9:16 - Sinhala New Revised Version 2018

16 මා සුබ අස්න දේශනා කරන නමුත් එය පාරට්ටු කරගැනීමට කාරණයක් නොවේ. මන්ද, සුබ අස්න දේශනා කිරීමට මම බැඳී සිටිමි. සුබ අස්න දේශනා නොකළොත් මම මහා කාලකණ්ණියෙක් වෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 මා සුබ අස්න දේශනා කරන නමුත් එය පාරට්ටු කරගැනීමට කාරණයක් නොවේ. මන්ද, සුබ අස්න දේශනා කිරීමට මම බැඳී සිටිමි. සුබ අස්න දේශනා නොකළොත් මම මහා කාලකණ්ණියෙක් වෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

16 මන්ද මා දේශනා කරන්නේ ශුභාරංචිය නම්, පාරට්ටු කර ගැනීමට පදනමක් මට නැත, මන්ද ඊට මා බැඳී සිටින බැවිනි. මා ශුභාරංචිය දේශනා නො කර සිටියහොත් මට ඛේදයකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

16 මක්නිසාද මම ශුභාරංචිය දේශනාකරම් නුමුත් පාරට්ටුකරගැනීමට මට කිසිත් නැත; මක්නිසාද එසේ කිරීමට බැඳී සිටිමි; ශුභාරංචිය දේශනා නොකළොත් මට දුක්වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 කොරින්ති 9:16
21 හුවමාරු යොමු  

ග්‍රීකයන් හා අන්‍යයන් ද උගතුන් හා නූගතුන් ද සම්බන්ධයෙන් මට වගකීමක් ඇත.


“සමිඳාණන් වහන්සේ ඔබට පැවරූ සේවය සම්පූර්ණ කිරීමට වගබලාගන්නැ”යි අර්කිපස්ට කියන්න.


‘මම සමිඳාණෝ අමතක කර එතුමාණන්ගේ නාමයෙන් තවත් කතා නොකරන්නෙමි’යි කී විට, ඔබ තුමාණන්ගේ වචනය මාගේ සිතේ ගින්නක් මෙන් ඇවිලෙයි. එය මාගේ ඇටකටු තුළ සැඟවී ඇත. එය සඟවා තබාගැනීමෙන් මම බොහෝ වෙහෙසට පත් වීමි. එහෙත්, තවත් එය තබාගැනීම මට නොකළ හැකි ය.


ජේසුස් වහන්සේ, “නගුලට අත තබා ආපසු බලන කිසිවෙක් දෙවියන් වහන්සේගේ රාජ්‍යයට සුදුසු නැතැ”යි ඔහුට වදාළ සේක.


මන්ද, අප ඇසූ දුටු දේ ගැන කතා නොකර සිටින්නට අපට නොහැකි ම ය”යි කී හ.


සිංහයෙක් ගර්ජනා කරයි; බිය නොවී සිටිය හැක්කේ කවරෙකුට ද? මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ කතා කරන සේක; දිවැස් වැකි නොකියා සිටිය හැක්කේ කවරෙකුට ද?”


ක්‍රිස්තුස් ජේසුස් වහන්සේට අයත් කෙනෙකු ලෙස දේව සේවාව ගැන මම උදන් අනමි.


එහෙත් සමිඳාණන් වහන්සේ ඔහුට කතා කොට, “යන්න, මන්ද, ඔහු මාගේ නාමය විජාතීන් ද රජුන් ද ඉශ්රායෙල් පුත්‍රයන් ද වෙත ගෙනයාමට මා විසින් තෝරාගත් භාජනයකි.


නැඟිට නුවරට ඇතුළු වන්න, ඔබ කළයුතු දේ ඔබට කියනු ලබන්නේ ය”යි ඒ හඬ පැවසී ය.


ආබ්‍රහම් සිය ක්‍රියා නිසා දමිටු බවට පමුණුවනු ලැබුවේ නම්, පාරට්ටු කරගැනීමට හේතුවක් ඔහුට ඇත. එහෙත් දෙවියන් වහන්සේ ඉදිරියෙහි එසේ කිරීමට ඉඩක් නැත.


එහෙත්, සමිඳාණන් වහන්සේ එඬේර රැකියාවෙන් පිටත මා කැඳවා, ‘නුඹ ගොස් මාගේ ඉශ්රායෙල් සෙනඟට දිවැස් වැකි දෙසන්නැ’යි මට නියම කළ සේක.


එවිට මම මෙසේ කීමි: “අහෝ! මා වැනි කාලකණ්ණියෙක්; මට කිසි බලාපොරොත්තුවක් නැත. මන්ද, අපවිත්‍ර තොල් ඇති මිනිසෙකු වන, අපවිත්‍ර තොල් ඇති සෙනඟක් අතරේ ජීවත් වන, මම සියලු බලැති ස්වාමීන් වන රජාණන් වහන්සේ මාගේ දෑසින් ම දිටිමි.”


අහෝ සමිඳුනි! ඔබ තුමාණෝ මා මුළා කළ සේක. මම ද මුළා වීමි. ඔබ තුමාණෝ මට වඩා බලවන්ත ය. ඔබ තුමාණෝ මා පරාජයට පත් කළ සේක. දවස පුරා සියල්ලෝ මට කවටකම් කරති. ඔව්හු මට උසුළු-විසුළු කරති.


ඒ නිසා, නුඹ ධෛර්යවත් වී ගොස් මා නුඹට අණ කරන සියල්ල ඔවුන්ට කියන්න. ඔවුන් ඉදිරියෙහි දී මා නුඹ නොකලඹන පිණිස දැන් ඔවුන් ගැන නොකැළඹී සිටින්න.


ඇරත් මා ඔබ උදෙසා යාච්ඤා නොකර සිටීමේ පාපයෙන් සමිඳාණන් වහන්සේ මා වළක්වන සේක් වා, තවද, මම යහ මඟ ඔබට උගන්වන්නෙමි.


කිතුනු ජීවිතයේ ඔබට දස දහසක් ගුරුවරුන් සිටියත්, පියවරු වැඩි දෙනෙක් නැත. මන්ද, සුබ අස්න දේශනා කිරීමෙන් ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ ඔබගේ පියා වූයේ මම ය.


අනිත් අයට ඔබ කෙරේ මෙවැනි අයිතියක් ඇත්නම් ඊටත් වඩා ලොකු අයිතියක් අපට නැද් ද? එසේ වුව ද මේ අයිතියෙන් ප්‍රයෝජනයක් නොගෙන ක්‍රිස්තුන් වහන්සේගේ සුබ අස්නට කිසිදු බාධාවක් නොවන සේ අපි සියල්ල දරාගනිමු.


එසේ ම සුබ අස්න දේශනා කරන්නන්, ඒ සුබ අස්නේ සේවයෙන් තමන්ගේ දිවි පෙවෙත සලසාගත යුතු ය කියා සමිඳාණන් වහන්සේ නියෝග කර ඇත.


තවද, ක්‍රිස්තුන් වහන්සේගේ සුබ අස්න දේශනා කිරීමට මා ත්‍රෝවසට පැමිණි කල සමිඳාණන් වහන්සේගේ සේවයට දොරක් විවෘත වී තිබුණි.


රිදී කාසි පන්දාහ ලැබූ තැනැත්තේ වහා ම ගොස් එයින් වෙළෙඳාම් කොට තවත් රිදී කාසි පන්දාහක් උපදවා ගත්තේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්