Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 26:1 - Sinhala New Revised Version 2018

1 එවිට අග්‍රිපා රජු, “ඔබේ නිදහසට කරුණු කීමට දැන් අවසර තිබේ ය”යි පාවුලුට කී ය. එකල පාවුලු අත දිගු කොට තමාගේ නිදහසට මෙසේ කරුණු කියා පෑවේ ය:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 එවිට අග්‍රිපා රජු, “ඔබේ නිදහසට කරුණු කීමට දැන් අවසර තිබේ ය”යි පාවුලුට කී ය. එකල පාවුලු අත දිගු කොට තමාගේ නිදහසට මෙසේ කරුණු කියා පෑවේ ය:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

1 එවිට අග්‍රිපා රජු පාවුල් අමතමින්, “ඔබ ගැන කරුණු කියන්නට ඔබට අවසර ඇතැ” යි පැවසී ය. එවිට පාවුල් අත ඔසවා මෙසේ තම නිදහසට කරුණු කියන්නට වන්නේ ය:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

1 එවිට අග්‍රිපා තෙමේ: නුඹ ගැන උත්තරදෙන්ට නුඹට අවසර තිබේයයි පාවුල්ට කීවේය. එකල පාවුල් අත දිගුකොට තමා ගැන මෙසේ උත්තරදුන්නේය–

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 26:1
12 හුවමාරු යොමු  

එහෙත් සමිඳාණන් වහන්සේ ඔහුට කතා කොට, “යන්න, මන්ද, ඔහු මාගේ නාමය විජාතීන් ද රජුන් ද ඉශ්රායෙල් පුත්‍රයන් ද වෙත ගෙනයාමට මා විසින් තෝරාගත් භාජනයකි.


“අග්‍රිපා රජතුමෙනි, ජුදෙව්වරුන් විසින් මට විරුද්ධ ව නඟන හැම චෝදනා ගැන ම අද ඔබ ඉදිරියේ උත්තර දීමට මා සිටින බැවින් මම භාග්‍යවන්තයෙකැ යි සිතමි.


“පළමුකොට යම් මිනිසකුගෙන් කරුණු නොවිමසා, ඔහු කරන්නේ කුමක් දැ යි තේරුම් නොගෙන, අපේ ව්‍යවස්ථාව අනුව ඔහු විනිශ්චය කළ හැකි දැ”යි ඔවුන්ගෙන් ඇසී ය.


මම හඬගැසුවෙමි; ඔබ සවන් දුන්නේ නැත. මම ආයාචනා කෙළෙමි; ඔබ සැලකුවේ නැත.


එහෙත් ඔහු ඉශ්රායෙල් ජනතාව ගැන කතා කොට: “අකීකරු, කැරලිකාර සෙනඟක් දෙසට දවස මුලුල්ලේ ම මාගේ අත් දිගු කෙළෙමි”යි කියයි.


මම ඔවුන්ට පිළිතුරු දෙමින්, ‘පැමිණිලිකරුවන් ඉදිරියෙහි තම චෝදනා ගැන උත්තර දීම හා තම නිදහසට කරුණු ඉදිරිපත් කිරීමක් නැති ව, කිසි ම වරදකරුවෙකු පාවා දීම රෝමවරුන්ගේ සම්ප්‍රදායයක් නොවේ ය’යි කීවෙමි.


“සහෝදරයෙනි, පියවරුනි, දැන් ඉතින් මාගේ නිදහසට මා කියන කරුණුවලට සවන් දෙන්නැ”යි කී ය.


උසාවියේ දී විත්තිය හරස් ප්‍රශ්න අසන තුරු පැමිණිල්ල සාධාරණ යයි පෙනේ.


පිළිතුරු දීමට පෙර සවන් දෙන්න; නැත්නම් ඔබ මෝඩ නින්දිත කෙනෙක් වනු ඇත.


“ ‘එබැවින් මම මාගේ අත නුඹට විරුද්ධ ව දිගු කොට, නුඹේ කෑම කොටස අඩු කර, නුඹට වෛර වන, නුඹේ සල්ලාල ජීවිතය ගැන ලජ්ජාවට පත් ව සිටින, පිලිස්තිවරුන්ගේ කාන්තාවන්ගේ ආශාවට නුඹ භාර දිනිමි.


රජුන් ඉදිරියෙහිත් ඔබේ ශික්ෂා පද ගැන කතා කරමි; ලජ්ජාවට පත් නොවන්නෙමි.


සිරකරුට විරුද්ධ ව ඇති චෝදනා නොදන්වා ඔහු යැවීම අනුවණ ක්‍රියාවක් බව මට පෙනේ ය”යි කී ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්