Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 9:15 - සිංහල කාලීන පරිවර්තනය

15 එහෙත් ස්වාමින්වහන්සේ ඔහු අමතමින්, “යන්න! මේ මනුෂ්‍යයා අන්‍ය-ජාතීන් ද රජුන් ද ඉශ්‍රායෙල් ජනයා ද වෙත මාගේ නාමය ගෙන යෑමට තෝරා ගන්නා ලද මාගේ උපකරණයකි;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 එහෙත් සමිඳාණන් වහන්සේ ඔහුට කතා කොට, “යන්න, මන්ද, ඔහු මාගේ නාමය විජාතීන් ද රජුන් ද ඉශ්රායෙල් පුත්‍රයන් ද වෙත ගෙනයාමට මා විසින් තෝරාගත් භාජනයකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 එහෙත් සමිඳාණන් වහන්සේ ඔහුට කතා කොට, “යන්න, මන්ද, ඔහු මාගේ නාමය විජාතීන් ද රජුන් ද ඉශ්රායෙල් පුත්‍රයන් ද වෙත ගෙනයාමට මා විසින් තෝරාගත් භාජනයකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

15 නුමුත් ස්වාමීන්වහන්සේ ඔහුට කථාකොට: යන්න, මක්නිසාද ඔහු මාගේ නාමය අන්‍යජාතීන්ද රජුන්ද ඉශ්‍රායෙල් පුත්‍රයන්ද ඉදිරියට ගෙනයන්ට මා විසින් තෝරාගන්නාලද භාජනයක්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 9:15
38 හුවමාරු යොමු  

මා දැන් කතා කරන්නේ අන්‍ය-ජාතිකයින් වූ ඔබට ය. මා අන්‍ය-ජාතිකයින්ගේ අපෝස්තුලුවරයා බැවින්, මම මගේ මෙහෙයය උතුම් කොට සලකමි.


උන්වහන්සේ තුළින් අනුග්‍රහයත්, අපෝස්තලික තනතුරත් අප ලබා ඇත්තේ, සියලු ජාතීන් අතරෙහි උන්වහන්සේගේ නාමය උදෙසා ඇදහිල්ලේ කීකරුකමට පැමිණවීම පිණිස ය.


දේශකයකු හා අපෝස්තුලුවරයකු ලෙස හා අන්‍ය-ජාතීන් උදෙසා ඇදහිල්ලේ හා සත්‍යයේ ගුරුවරයකු ලෙස මා පත් කරනු ලැබ ඇත්තේ ඒ සඳහා ය. මා කියන්නේ ඇත්ත ය; මා බොරු කියන්නේ නැත.


තමා බඳවාගත් නිලධාරියා සතුටු කිරීමේ අරමුණ ඇති හේවායකු, සමාජයීය කටයුතුවල පටලැවෙන්නේ නැත.


“එවිට ස්වාමින්වහන්සේ, ‘යන්න; මම අන්‍ය-ජාතීන් වෙත දුර බැහැරට ඔබ යවන්නෙමි’ යි කී සේකැ” යි පැවසී ය.


ඔබ, මා තෝරා ගත්තා නො වේ. ඔබ තෝරා, පත් කළේ මමයි. එසේ කළේ, මාගේ නාමයෙන් පියාණන්වහන්සේගෙන් ඔබ ඉල්ලන කවර දෙයක් වුවත්, උන්වහන්සේ ඔබට දෙන පිණිසත්, ඔබ ගොස් පල දරන පිණිසත්, ඔබේ ඒ පල පවතින පිණිසත් ය.


දේශකයකු, අපෝස්තුලුවරයකු හා ගුරුවරයකු කොට මා පත් කරනු ලැබ සිටින්නේ ඒ ශුභාරංචියට ය.


මිනිසුන් වෙතින් හෝ මිනිසකු මඟින් හෝ නො ව, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ද උන්වහන්සේ මළවුන්ගෙන් නැගිට වූ පියාණන්වහන්සේ වූ දෙවියන්වහන්සේ ද විසින් එවන ලද අපෝස්තුලුවරයකු වූ පාවුල් හා


එහෙත් මා කවර තත්වයක සිටිනවා ද, එසේව සිටින්නේ දෙවියන්වහන්සේගේ අනුග්‍රහයෙනි. මා වෙත වූ උන්වහන්සේගේ අනුග්‍රහය නිෂ්ඵල වූයේ නැත. ඇත්තටම ඒ හැමට වැඩියෙන් මම වෙහෙසී වැඩ කළෙමි. එහෙත්, මා නො ව, මා සමඟ වූ දෙවියන්වහන්සේගේ අනුග්‍රහයයි.


ඔවුන් ස්වාමින්වහන්සේට නමස්කාර කරමින්, නිරාහාරව සිටි අවස්ථාවක, ශුද්ධාත්මයාණන්වහන්සේ ඔවුන් අමතමින්, “මා විසින් කැඳවනු ලැබූ සේවාව සඳහා බාර්ණබස් හා සාවුල් යන දෙදෙන මට වෙන් කරන්නැ” යි කී සේක.


මා නිසා ආණ්ඩුකාරයින් හා රජුන් ඉදිරියට ඔබ ඇදගෙන යනු ඇත. ඒ, ඔවුන්ටත්, විජාතිකයින්ටත් සාක්ෂි දරන පිණිසයි.


ඔවුන් බැටළු පැටවාණන්ට එරෙහිව යුද්ධ කරනු ඇත. එහෙත්, බැටළු පැටවාණෝ ඔවුන්ගෙන් ජය ගන්නාහ. මන්ද උන්වහන්සේ ස්වාමිවරුන්ගේ ස්වාමියාණෝ ය; රජවරුන්ගේ රජ්ජුරුවෝ ය. උන්වහන්සේ සමඟ සිටින්නේ කැඳවුම් ලැබූ, තෝරාගනු ලැබූ, විශ්වාසනීයයන් යැ” යි පැවසී ය.


‘පාවුල් බය නො වන්න! ඔබ සීසර් ඉදිරියේ පෙනී සිටිය යුතුයි. ඔන්න! ඔබ සමඟ යාත්‍රා කරන සියලු දෙනාගේ ජීවිත, දෙවියන්වහන්සේ ඔබට ප්‍රදාන කර ඇතැ’ යි කීවා.


“සීසර්ගේ විනිශ්චය නො ඉල්ලුවේ නම් මේ මිනිසා නිදහස් කර හරින්නට තිබිණැ” යි අග්‍රිපා පෙස්තුස්ට පැවසී ය.


එවිට අග්‍රිපා පෙස්තුස් අමතමින්, “ඒ මනුෂ්‍යයා කතා කරනවා අහන්නට මාත් කැමති” යි කීවේ ය. “හෙටම, ඔබ ඔහුට සවන් දෙනු ඇතැ” යි ඔහු කීවේ ය.


පාවුල් ඔවුන්ට ආචාර කර ඔවුන් අමතමින්, තම සේවය මඟින් දෙවියන්වහන්සේ අන්‍ය-ජාතීන් අතරේ කරන ලද දෑ විස්තර සහිතව දැන්වී ය.


තුන් දිනකට පසු පාවුල් යුදෙව් නායකයින් කැඳවා යැවී ය. ඔවුන් රැස් වූ කල ඔවුන් ඇමතූ පාවුල් “මා සහෝදරයිනි, අප ජනයාට හෝ අපේ පියවරුන්ගේ චාරිත්‍රවලට එරෙහිව මා කිසි වරදක් නො කළ නමුත් යෙරුසලමේදී මා අත්අඩංගුවට ගෙන රෝමවරුන් අතට මා පත් කරනු ලැබුවා.


“එවිට ඔහු, ‘අපේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ, උන්වහන්සේගේ කැමැත්ත දැනගැනීමටත්, ධාර්මික තැනැත්තාණන් දැක ගැනීමටත්, උන්වහන්සේගේ මුවින් පවසන වචන ඇසීමටත් ඔබ තෝරා ගෙන තියෙනවා;


එවිට අග්‍රිපා රජු පාවුල් අමතමින්, “ඔබ ගැන කරුණු කියන්නට ඔබට අවසර ඇතැ” යි පැවසී ය. එවිට පාවුල් අත ඔසවා මෙසේ තම නිදහසට කරුණු කියන්නට වන්නේ ය:


“එබැවින් දෙවියන්වහන්සේගේ මේ ගැලවීම අන්‍ය-ජාතීන් වෙත ගෙන යනු ලබන වග, දැන ගනිත්වා! ඔවුන් ඊට සවන් දෙනු ඇතැ” යි පැවසී ය.


ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ දාසයකු වූ, අපෝස්තුලුවරයකු වීමට කැඳවීම ලැබූ, දෙවියන්වහන්සේගේ ශුභාරංචියට වෙන් කරන ලද පාවුල් වෙතිනි.


මන්ද මා දේශනා කරන්නේ ශුභාරංචිය නම්, පාරට්ටු කර ගැනීමට පදනමක් මට නැත, මන්ද ඊට මා බැඳී සිටින බැවිනි. මා ශුභාරංචිය දේශනා නො කර සිටියහොත් මට ඛේදයකි.


මේ හේතුව නිසා, අන්‍ය-ජාතික වූ ඔබ උදෙසා ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ සිරකරුවකු වන පාවුල් නම් මම—


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්