එළිදරව් 11:8 - Sinhala New Revised Version 2018 ඔවුන්ගේ මළකඳන්, උපමා අර්ථයෙන් සොදොම් නොහොත් මිසරය යයි කියන, ඔවුන්ගේ සමිඳාණන් වහන්සේ කුරුසියෙහි ඇණ ගැසූ, මහා නුවර වීදියෙහි හෙළනු ලබන්නේ ය. Sinhala New Revised Version ඔවුන්ගේ මළකඳන්, උපමා අර්ථයෙන් සොදොම් නොහොත් මිසරය යයි කියන, ඔවුන්ගේ සමිඳාණන් වහන්සේ කුරුසියෙහි ඇණ ගැසූ, මහා නුවර වීදියෙහි හෙළනු ලබන්නේ ය. සිංහල කාලීන පරිවර්තනය ඔවුන්ගේ මළකඳන්, සොදොම හා ඊජිප්තුව යයි සංකේතව හැඳින්වෙන, ඔවුන්ගේ ස්වාමින්වහන්සේ කුරුසිපත් කරන ලද මහ නගර වීදියෙහි බාවා තිබෙනු ඇත. Sinhala Revised Old Version ඔවුන්ගේ මළකඳන් වනාහි සොදොම සහ මිසරයත්යයි ආත්මික අර්ථයෙන් කියනු ලබන, ඔවුන්ගේ ස්වාමීන්වහන්සේ කුරුසියෙහි ඇණගසනලද මහත් නුවර වීථියේ තිබෙනවා ඇත. |
එවිට සමිඳාණන් වහන්සේ සොදොම් සහ ගොමොරා නගර පිට අහසින් ගෙන්දගම් සහ ගිනි වර්ෂා වහින්න සැලැස්වූ සේක.
සමිඳාණන් වහන්සේ ඔහුට කතා කොට මෙසේ වදාළ සේක: “මිසරයේ සිටින මාගේ සෙනඟගේ දුඃඛිත තත්ත්වය මම දිටිමි. ඔවුන්ගේ විධායකයන්ට විරුද්ධ ව නඟින මොරගැසීමට මම සවන් දුනිමි. ඔවුන්ගේ දුක් වේදනා මම හොඳින් දනිමි.
ඔවුන්ගේ අහංකාර පෙනීම ඔවුන්ට විරුද්ධ ව සාක්ෂි දෙයි; සොදොම් වැසියන් මෙන් ඔව්හු එළිපිට ම පව් කරති; ඔවුන්ට වන විපතක මහත! එය ඔවුන් තමන් විසින් තමන් පිට ම පමුණුවාගෙන ඇත.
ජෙරුසලමේ දිවැසිවරුන් අතරේ ඉතා භයානක දේ මා දැක ඇත. ඔව්හු කාමමිථ්‍යාචාරය කරති; බොරු කියති; නපුර කිරීමෙන් වැළකෙන්නට බැරි පමණට වැරදි කරන්නට සෙනඟ පොළඹවති. ඔවුන් සියල්ලන් ම මට පෙනෙන්නේ සොදොම් හා ගොමොරා වැසියන් මෙනි.
ඔව්හු උරියා මිසරයෙන් ආපසු ගෙනවුත් ජෙහෝයාකිම් රජු ළඟට පැමිණෙවුවෝ ය. රජ ද ඔහු කඩුවෙන් ගසා මරා, ඔහුගේ මළකඳ පොදු ජනයන්ගේ සොහොනක දැමුවේ ය.”
“නුඹේ වැඩිමහල් සහෝදරී වූකලී නුඹට උතුරු පැත්තෙන් සිය දූවරුන් සමඟ වාසය කරන සමාරිය දේශය වේ. නුඹේ බාල සහෝදරී නුඹට දකුණු පසින් සිය දූවරුන් සමඟ වාසය කරන සොදොම් පෙදෙස වේ.
නුඹේ සහෝදරී වූ සොදොම්ගේ අපරාධ මෙසේ ය: ඈ සහ ඇගේ දූවරු අහංකාරී ව සිටියහ; අධික ආහාර ද සැප පහසුකම් ද ඇති ව සිටියහ. එහෙත්, ඔවුන් අසරණයන් ද දිළිඳුන් ද සැලකුවේ නැත.
එහෙත්, ඈ මිසර දේශයේ දී තරුණ වියේ දී කළ වේශ්‍යාකම් සිහි කරමින් තවතවත් ඇගේ වේශ්‍යාකම් වැඩි කළා ය.
මෙසේ නුඹේ සල්ලාලකම ද නුඹ මිසර දේශයේ දී පටන්ගත් නුඹේ වේශ්‍යාකම ද නුඹෙන් නවත්වන්නෙමි. නුඹ ඔවුන් දෙස තවත් නොබලන්නෙහි ය. මිසරය තවත් සිහි නොකරන්නෙහි ය.
ඔවුන්ගේ යොවුන් වියේ දී ම ඔව්හු මිසරයේ දී වේශ්‍යාකම් කළහ. ඔවුන්ගේ පියයුරු එහි දී මිරිකනු ලැබී ය; එහි දී ඔවුන්ගේ කුමරි වියෙහි තනපුඩු පිරිමදිනු ලැබී ය.
ඈ මිසරයේ දී පටන්ගත් ඇගේ වේශ්‍යාකම අත්හැරියේ නැත; කුමක්නිසා ද, ඇගේ යෞවන වියෙහි දී ඔව්හු ඇය සමඟ සේවනයෙහි යෙදුණාහ. මොවුහු ද ඇගේ කුමරි වියෙහි තනපුඩු පිරිමැද ඔවුන්ගේ කාමාශාවට තෘප්තිය ඇගෙන් ලබාගත්තෝ ය.
එවිට උන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක: “මනුෂ්‍ය පුත්‍රය, මේ ඇටකටු වනාහි මුළු ඉශ්රායෙල් වංශය ය. ‘අපේ ඇටකටු වියළී අපේ බලාපොරොත්තුව නැති වී තිබේ. අපි සහමුලින් ම සිඳ දමනු ලැබීමු’යි ඔව්හු කියති.
“දෙවියන් වහන්සේ වන මම සොදොම් සහ ගොමොරා විනාශ කරදැමුවාක් මෙන්, නුඹලා අතරෙන් සමහරෙකු විනාශ කොටදැමුවෙමි; නුඹලා ගින්නෙන් ඇදගත් ගිනි පෙනෙල්ලක් වැනි ය. එහෙත්, නුඹලා මා වෙත හැරී නාවහු ය”යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.
සැබැවින් ම මම ඔබට කියමි: දේව විනිශ්චය දවසේ දී ඒ නුවරට වඩා සොදොම් සහ ගොමොරා රටට සහනය ලැබෙන්නේ ය.”
ඔහු භ්‍රාන්ත වී බිම වැටුණේ ය. එවිට: “සාවුල්, සාවුල්, ඔබ මට පීඩා කරන්නේ මන්දැ”යි කියන හඬක් ඔහුට ඇසිණි.
එහෙත් ජේසුස් වහන්සේ ද තමන් රුධිරයෙන් සෙනඟ පවිත්‍ර කරන පිණිස වාසල් දොරින් පිටත දී වද වින්දේ ඒ නිසා ය.
ඔවුන් නැවත වැටී ගියොත් නැවත පාපයෙන් හරවාගැනීමට නුපුළුවන, මන්ද ඔව්හු දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන්, නැවතත් කුරුසියේ ඇණ ගසා උන් වහන්සේට ප්‍රසිද්ධියේ නින්දා කරති.
තවද උන් වහන්සේ සොදොම් සහ ගොමොරා නගර විනාශයට තීන්දු කරමින් ගිනිබත් කොට අනාගතයේ දී අභක්තිකයන් ලෙස හැසිරෙන්නන්ට අනතුරු හැඟවීමක් කළ සේක.
තවද සොදොම් හා ගොමොරා ද, අවට පිහිටි නගර ද සිහි කරන්න. එහි වැසියෝ ඒ දේව දූතයන් මෙන් ම අවකල්ක්‍රියා ද අස්වාභාවික දූෂ්‍යකම් ද කරමින් සදාතන ගින්නේ දඬුවම වින්දෝ ය. එය සියල්ලන්ට ම අනතුරු ඇඟවීමේ ලකුණකි.
ඒ ඇසිල්ලෙහි ම මහා භූමිකම්පාවක් ඇති විය. නුවරෙන් දසයෙන් කොටසක් බිඳ වැටිණි. භූමිකම්පාවෙන් මනුෂ්‍යයෝ සත් දහසක් මළහ. ඉතිරි අය බියෙන් ඇලළී ස්වර්ගයේ දෙවියන් වහන්සේට ගෞරවය පිරිනැමූ හ.
සියලු සෙනඟගෙන් ද ගෝත්‍රයන්ගෙන් ද භාෂාවන්ගෙන් ද ජාතීන්ගෙන් ද මනුෂ්‍යයෝ ඔවුන්ගේ මළකඳන් දෙස දවස් තුනහමාරක් බලා සිටිමින් ඒවා සොහොනක තබන්නට ඉඩ නොදෙති.
එවිට කිලෝමීටර් තුන් සියයක් පමණ දුරට ද, අශ්වයෙකුගේ කටකලියාව දක්වා උසට ද, ඒ වළෙන් ලේ ගලා ගියේ ය.
ඒ දේව දූතයා පසුපසින් ගිය දෙ වන දේව දූතයෙක්: “තදබල කාමරාගය නමැති මද්‍යසාරය සියලු ජාතීන්ට පෙවූ මහා බබිලෝනිය වැටුණා ය, මහා බබිලෝනිය වැටුණා ය, වැටුණා ය”යි කී ය.
ඒ මහා නගරය තුන් කොටසකට කැඩී ගියේ ය. ජාතීන්ගේ නගර ඇද වැටිණි. දෙවියන් වහන්සේ මහා බබිලෝනිය අමතක නොකර, සිය උදහසේ දරුණුකම නමැති මිදියුස පාත්‍රය පානය කිරීමට ඈට දුන් සේක.
පාත්‍ර සත දැරූ දේව දූතයන් සත් දෙනාගෙන් එක් කෙනෙක් අවුත් මට කතා කොට, “මෙහි එන්න, බොහෝ ජල පිට හිඳින මහා වේශ්‍යාවගේ විනිශ්චය ඔබට පෙන්වන්නෙමි.
ඇගේ නළල පිට: “මහා බබිලෝනිය, පොළොවේ වේශ්‍යාවන්ගේ ද පිළිකුල්කම් වල ද මව” යන ගුප්ත නාමයක් ලියා තිබිණි.
ඇගේ වේදනාවට බයින් ඈතින් සිට, “අහෝ! අහෝ! බබිලෝනිය නම් මහා නුවර! බලවත් නුවර! එක පැයකින් තිගේ විනාශය පැමිණියේ ය”යි කියමින් හඬා වැලපෙති.
ඔහු මහ හඬින් මොරගසා, “මහා බබිලෝනිය වැටුණා ය, මහා බබිලෝනිය වැටුණා ය. ඈ දුෂ්ටාත්මයන්ගේ වාසභවනයක් ද, සියලු අශුද්ධාත්මයන්ගේත් සියලු තුච්ඡ පිළිකුල් පක්ෂීන්ගේත් හිරගෙයක් ද වූවා ය.
එවිට බලසම්පන්න දේව දූතයෙක් මහා ඇඹරුම් ගලක් වැනි ගලක් ගෙන, මෙසේ කියමින්, එය මුහුදේ හෙළී ය: “මෙලෙස ඒ මහා නුවර වූ බබිලෝනිය දරුණු අයුරින් හෙළාදමනු ලබන්නේ ය. එය නැත්තට ම නැති වී යයි.
දිවැසිවරයන්ගේ ද සැදැහැවතුන්ගේ ද මිහි පිට මරනු ලැබූ සියල්ලන්ගේ ද ලේ, ඈ තුළ දක්නා ලදී.”