Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 26:23 - Sinhala New Revised Version 2018

23 ඔව්හු උරියා මිසරයෙන් ආපසු ගෙනවුත් ජෙහෝයාකිම් රජු ළඟට පැමිණෙවුවෝ ය. රජ ද ඔහු කඩුවෙන් ගසා මරා, ඔහුගේ මළකඳ පොදු ජනයන්ගේ සොහොනක දැමුවේ ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

23 ඔව්හු උරියා මිසරයෙන් ආපසු ගෙනවුත් ජෙහෝයාකිම් රජු ළඟට පැමිණෙවුවෝ ය. රජ ද ඔහු කඩුවෙන් ගසා මරා, ඔහුගේ මළකඳ පොදු ජනයන්ගේ සොහොනක දැමුවේ ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

23 ඔව්හු උරියා මිසරයෙන් ගෙනැවිත් යෙහෝයාකීම් රජු ළඟට පැමිණෙවුවෝය; රජද ඔහු කඩුවෙන් මරා ඔහුගේ මළකඳ සාමාන්‍ය ජනයන්ගේ සොහොන්වල දැමුවේයයි කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 26:23
13 හුවමාරු යොමු  

මා නුඹලාගේ දරුවන්ට දඬුවම් කළ නමුත්, එයින් යහපතක් නො වී ය. නුඹලා දැනුමැතිකම් පිළිගන්නේත් නැත. වනසාදමන සිංහයෙකු සේ ඔව්හු කඩුවෙන් දිවැසිවරුන් මරාදැමූ හ.


ඔවුන් තමන්ගේ සාක්ෂිය නිම කළ විට පාතාලයෙන් නැඟී එන මෘගයා ඔවුන්ට විරුද්ධ ව සටන් කොට, ඔවුන් පරාජය කර මරාදමන්නේ ය.


ඒ ජුදෙව්වරු ජේසුස් ස්වාමීන් වහන්සේ ද, දිවැසිවරයන් ද මරණයට පත් කර, අප පලවා හැරියහ. ඔව්හු දේව කැමැත්තට පිටුපා සියලු මනුෂ්‍යයන්ට සතුරු ව සිටිති.


කෙනෙකු යවා හිරගෙදර දී ජොහන්ගේ හිස සිඳ වී ය.


ඌ ද සිංහයන් අතරේ ගැවසී, තරුණ සිංහයෙකු වී, ගොදුරු අල්ලන්න ඉගෙනගෙන මිනිසුන් කාදැමී ය.


එබැවින් ස්වාමීන් වන මම ජුදාහි රජු වන ජෙහෝයාකිම් වන නුඹට මෙසේ කියමි. දාවිත්ගේ සිංහාසනයෙහි හිඳගැනීමට කිසි ම කෙනෙක් නුඹේ මතුපරම්පරාවෙන් නොපැමිණෙන්නේ ය. නුඹේ මළකඳ දවාලේ ග්‍රීෂ්මයටත්, රාත්‍රියේ ශීතලයටත් පිටත හෙළාදමනු ලබන්නේ ය.


මේ දේ නම් සහතික ය. ඔබ මා මැරුවොත්, ඔබ හැම ද මේ නුවර සියලු ජනයා ද නිදොස් ලේ වැගිරීම ගැන වරදකාරයෝ වන්නෝ ය. මක්නිසා ද, සැබැවින් ම මේ සියලු දේ ඔබට කියන පිණිස සමිඳාණන් වහන්සේ මා එවූ බැවිනි.”


කොටළුවෙකු වළලන පරිදි ඔහු ජෙරුසලමේ දොරටුවලින් එපිටට ඇදගෙන ගොස් වළට විසි කොට වළලනු ලබනු ඇත.”


ඔව්හු ගල් පහර ලැබූ හ. කියතෙන් දෙකට ඉරනු ලැබූ හ, කඩුවෙන් මරනු ලැබූ හ. ඔව්හු අනාථ ව දුක් පීඩා විඳිමින්, බැටළු හම් හා එළු හම් ඇඳ, ඔබමොබ ගියහ.


ඔහු තමාගේ පියවරුන් කළ සියල්ල ලෙස සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කෙළේ ය.


එහෙත්, නුඹේ නෙතත්, සිතත් ආත්මාර්ථයට පමණක් යොමු වී ඇත. නුඹ අහිංසකයන් මරන්නෙහි ය; සෙනඟට සැහැසිකම් හා පීඩා කරන්නෙහි ය. මෙසේ පවසන්නේ සමිඳාණන් වහන්සේ ය.”


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්