Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




එසකියෙල් 16:49 - Sinhala New Revised Version 2018

49 නුඹේ සහෝදරී වූ සොදොම්ගේ අපරාධ මෙසේ ය: ඈ සහ ඇගේ දූවරු අහංකාරී ව සිටියහ; අධික ආහාර ද සැප පහසුකම් ද ඇති ව සිටියහ. එහෙත්, ඔවුන් අසරණයන් ද දිළිඳුන් ද සැලකුවේ නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

49 නුඹේ සහෝදරී වූ සොදොම්ගේ අපරාධ මෙසේ ය: ඈ සහ ඇගේ දූවරු අහංකාරී ව සිටියහ; අධික ආහාර ද සැප පහසුකම් ද ඇති ව සිටියහ. එහෙත්, ඔවුන් අසරණයන් ද දිළිඳුන් ද සැලකුවේ නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

49 මෙන්න, නුඹේ සහෝදරීවූ සොදොමේ වරද මෙසේය; උඩඟුකමත් කෑම පූර්ණකමත් නොසැලකිලි නිශ්චලකමත් ඈට සහ ඇගේ දූවරුන්ටත් තිබුණේය; ඈ අසරණයාගේද දිළින්දාගේද අත බලවත් නොකළාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 16:49
43 හුවමාරු යොමු  

ලොත් ද නෙත් ඔසවා ශොවර් දිශා භාගය දක්වා මුළු ජොර්දාන් තැනිතලාව දෙස බැලී ය. එහි හැම තැනට ම, සමිඳාණන් වහන්සේගේ උයනට මෙන් ද, මිසර දේශයට මෙන් ද මැනවින් ජලය සැපයුණු බව දිටී ය. මෙය සමිඳාණන් වහන්සේ සොදොම් සහ ගොමොරා නගරයන් විනාශ කිරීමට පෙර ය.


සොදොම් නුවර වාසීහු සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කළ, නපුරු, මහ අපරාධකාරයෝ වූ හ.


පසුව උන් වහන්සේ කතා කොට, “සොදොම් හා ගොමොරා නුවරවලට විරුද්ධ ව නඟින චෝදනා කෙතරම් දරුණු ද? ඔවුන්ගේ පාපය කෙතරම් බරපතල ද?


එවිට සමිඳාණන් වහන්සේ සොදොම් සහ ගොමොරා නගර පිට අහසින් ගෙන්දගම් සහ ගිනි වර්ෂා වහින්න සැලැස්වූ සේක.


එහෙත් ඔව්හු උත්තර දෙමින්, “මෙතැනින් ඉවතට යව. විජාතිකයෙකු මෙන් ඇවිත් නතර වූ මිනිසා දැන් ලොකු මිනිහෙකු වෙන්න යන හැටි! අර අයටත් වඩා සැර ගිනිගෙඩියක් අපි නුඹට දෙමු”යි කී හ. මෙසේ කියා ඔව්හු ලොත් තදින් තල්ලු කරගෙන අවුත් දොර කැඩීමට කිට්ටු වූවෝ ය.


සමිඳාණෝ උසස් නමුත්, පහත් අය සලකන සේක. එහෙත්, උඩඟු අය දුර සිට ම හැඳිනගන්න සේක.


විපතට පෙරටුවෙන් අහංකාරය ද වැටීමට පෙරටුවෙන් උඩඟුව ද යයි.


උඩඟු සිත් ඇති අය සමිඳුන්ට පිළිකුලකි. ඔවුන්ට දඬුවම සිකුරු ය.


විනාශයට පෙරටුවෙන් උඩඟුකම ඇත; ගෞරවයට පෙරටුවෙන් යටහත්කම ඇත.


දිළිඳා මොරගසන කල, සවන් නොදෙන්නාගේ කන්නලව්වට සවන් දෙන කෙනෙක් නැත.


උඩඟු බැල්ම ද අහංකාර සිත ද යන මේ පව් දුදනන්ගේ චරිත ලක්ෂණ වේ.


එම්බා ජෙරුසලම! ඔබේ ප්‍රධානීහු ද සෙනඟ ද සොදොමේ හා ගොමොරාවේ සිටි අය වැනි ය. සමිඳුන් වදාරන දේට සවන් දෙන්න. දෙවිඳුන් උගන්වන දේ සිතට ගන්න.


ජුදාවේ සෙනඟ කතා කරමින්, “මෝවබ් සෙනඟගේ උඩඟුව ද දර්පය ද අහංකාරය ද ගැන අසා ඇත. එහෙත්, ඔවුන්ගේ පාරට්ටුව හිස් ය”යි කියති.


ඔවුන්ගේ අහංකාර පෙනීම ඔවුන්ට විරුද්ධ ව සාක්ෂි දෙයි; සොදොම් වැසියන් මෙන් ඔව්හු එළිපිට ම පව් කරති; ඔවුන්ට වන විපතක මහත! එය ඔවුන් තමන් විසින් තමන් පිට ම පමුණුවාගෙන ඇත.


‘සැප ජීවිකාවට ඇලුම් ව සුරක්ෂිත ව සිටිමි. මට වඩා මහේශාක්‍ය කෙනෙක් නැත; කිසි කලක දරුවන් නැති වී වියෝ දුකට පත් වූ කෙනෙක් හෝ වැන්දඹුවක් හෝ නොවන්නෙමි’යි තමන් තුළ සිතූ බබිලෝනිය, මෙයට සවන් දෙන්න.


සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක: “මෝවබ් ජාතිය මුල් කාලයේ සිට සුරක්ෂිත ව පැවතිණි. කිසි කලක ඒ ජාතිය වහල්කමට ගෙනයනු නොලැබී ය. මෝවබ් වනාහි, භාජනයෙන් භාජනයට වත් නොකරනු ලැබූ, යටට මණ්ඩි බසින තෙක් භාජනයක නිශ්චල ව ඇති මිදියුස වැනි ය. එහි රස අඩු නොවී ඒ තුළ ම පැවැතේ. එහි සුවඳ වෙනස් වී නැත.


“නුඹේ වැඩිමහල් සහෝදරී වූකලී නුඹට උතුරු පැත්තෙන් සිය දූවරුන් සමඟ වාසය කරන සමාරිය දේශය වේ. නුඹේ බාල සහෝදරී නුඹට දකුණු පසින් සිය දූවරුන් සමඟ වාසය කරන සොදොම් පෙදෙස වේ.


අසරණයාට ද දිළින්දාට ද පීඩා කොට කොල්ලකන්නේ ය; ණයට ගත් තැනැත්තාගේ උකස ආපසු නොදෙන්නේ ය; දේව රූප දෙසට නෙත් යොමා,


කිසිවෙකුට පීඩා කරන්නේ නැත; ඔහු ණයට ගත් තැනැත්තාගේ උකස ආපසු දෙන්නේ ය; සොරකම් කරන්නේ නැත; සාගින්නෙන් පෙළෙන්නාට තමාගේ කෑම දෙන්නේ ය; වස්ත්‍ර නැති අයට වස්ත්‍ර දෙන්නේ ය;


කිසිවෙකුට පීඩා කරන්නේ නැත; ඔහු ණයට ගත් තැනැත්තාගේ උකස ආපසු දෙන්නේ ය; සොරකම් නොකරන්නේ ය; සාගින්නේ පෙළෙන්නාට තමාගේ කෑම දෙන්නේ ය, වස්ත්‍ර නැති අයට වස්ත්‍ර දෙන්නේ ය;


එවිට නිදැල්ලේ සිටින සමූහයන්ගේ ප්‍රීති ප්‍රමෝද හඬ ඇසිණි. සාමාන්‍ය ජනයා හැරුණ විට පාළුකරයෙන් ගෙනෙන ලද නිදැල්ලේ වෙසෙන අය ද සිටියෝ ය. ඔව්හු කාන්තාවන්ගේ අත්වල වළලු දමා, ඔවුන්ගේ හිස් පිට අලංකාර ඔටුනු තැබූ හ.


නුඹේ රුව නිසා නුඹේ සිත උඩඟු ව තිබේ. නුඹේ කීර්තිය නිසා නුඹේ ප්‍රඥාව කෙලෙසා ගත්තෙහි ය. මම නුඹ පොළොවට හෙළා, රජවරුන් නුඹ දැක ප්‍රීති වන පිණිස නුඹ ඔවුන් ඉදිරියෙහි හෙළි කෙළෙමි.


“මනුෂ්‍ය පුත්‍රය, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ යි තීර්ගේ අධිපතියාට කියන්න. නුඹ දෙවි කෙනෙකු නොව, මනුෂ්‍යයෙකු වන නමුත්, නුඹේ සිත උඩඟු වී, මම දෙවි කෙනෙක්මි. මුහුද මැද මම දෙවි කෙනෙකුගේ ආසනයේ වැඩහිඳිමි යි කියමින්, නුඹ දෙවිඳුන්ට සමාන ය යි සිතන්නෙහි ය.


නුඹ දෙවි කෙනෙකු නොව, නුඹ සතුරන් අතට අසු වී හුදෙක් මිනිසෙකු ව සිටින නමුත්, නුඹව මරාදමන්නන් ඉදිරියෙහි, ‘මම දෙවි කෙනෙක්මි’යි එවිටත් නුඹ කියා සිටින්නෙහි ද?


නුඹ කතා කොට මෙසේ කියන්න: මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: නයිල් ගඟ මැද ලගින, නයිල් ගඟ මාගේ ම ය කියාත්, මම ම ඒක සාදාගත්තෙමි කියාත් කියන මහ කිඹුලා වන මිසරයේ පාරාවෝ රජුනි, මෙන්න, මම නුඹට විරුද්ධ වෙමි.


ගල් ගුහාවල ජීවත් වන, උස් තැන්හි වාසය කරන, මා බිම හෙළිය හැක්කේ කවරෙකුට දැ යි කියාගන්න නුඹ, සිතේ අහංකාරය නිසා රැවටී සිටින්නෙහි ය.


ලොත්ගේ දවස්වල දී ද එසේ ම විය; ඔව්හු කමින්, බොමින්, වෙළහෙළඳාම් කරමින්, වවමින්, ගෙවල් සාදමින් කල් යැවූ හ:


“ඒ දවස මලපතක් මෙ‍න් හදිසියෙන් ඔබ අසුකර නොගන්නා පිණිස කම්සැපෙන් ද බීමත්කමෙන් ද මේ ජීවිතයේ කරදරවලින් ද ඔබේ සිත් නොවෙහෙසෙන හැටියට බලාගන්න.


ජාකොබ්ගේ පෙළපත කා බී සෑහීමට පත් වූ හ. ඉශ්රායෙල් සෙනඟ තර වී කැරලි ගැසූ හ. තර වී, තරබාරු වී, ස්ථුල වූ හ. තමන් මැවූ දෙවිඳුන් අතහැර, විමුක්ති පර්වතයාණන් වන එතුමන් සුළු කොට සැලකූ හ.


ඔබ මෙලොව කම් සැප විහරණයෙහි ඇලී ගැලී, මරන්නට තර කරන සතුන් මෙන් පුෂ්ටිමත් වෙමින් කල් යැවූවහු ය. ඒ දිනය දැන් පැමිණ ඇත.


තවද, තරුණයෙනි, සභා මූලිකයන්ට යටත් වන්න. ඔබ සියල්ලන් එකිනෙකා කෙරෙහි යටහත්කමින් සැරසී සිටින්න. මන්ද, දෙවියන් වහන්සේ උඩඟු අයට විරුද්ධ ව සිට යටහත් අයට කරුණාව දක්වන සේක.


ඔවුන්ගේ මළකඳන්, උපමා අර්ථයෙන් සොදොම් නොහොත් මිසරය යයි කියන, ඔවුන්ගේ සමිඳාණන් වහන්සේ කුරුසියෙහි ඇණ ගැසූ, මහා නුවර වීදියෙහි හෙළනු ලබන්නේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්