Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එළිදරව් 14:20 - Sinhala New Revised Version 2018

20 එවිට කිලෝමීටර් තුන් සියයක් පමණ දුරට ද, අශ්වයෙකුගේ කටකලියාව දක්වා උසට ද, ඒ වළෙන් ලේ ගලා ගියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 එවිට කිලෝමීටර් තුන් සියයක් පමණ දුරට ද, අශ්වයෙකුගේ කටකලියාව දක්වා උසට ද, ඒ වළෙන් ලේ ගලා ගියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

20 ඒ මිදි මෝල නගරයෙන් පිටතදී මඩිනු ලැබී ය. එවිට අශ්වයකුගේ කටකලියාවක තරම් උසට, පර්ලොං එක්දහස් හයසියයක් දුරට ඒ මෝලෙන් ලේ ගලා ගියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

20 නුවරින් පිටත මිදිපැස පාගනලද්දේය, එවිට පර්ලොං එක්දහස් හසියයක් පමණ දුර අශ්වයන්ගේ කටකලියා දක්වා මිදිපැසෙන් ලේ පිටවුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එළිදරව් 14:20
12 හුවමාරු යොමු  

මට සිටි මාගේ සියලු බලවත් සෙබළුන් සමිඳාණෝ හෙළාදැමූ සේක. මාගේ යෞවනයන් වනසන පිණිස එතුමාණෝ මට විරුද්ධ ව සේනාවක් කැඳවූ සේක. මිදි යන්ත්‍රයක මිදි පොඩි කරන්නාක් මෙන් සමිඳාණෝ ජුදා සෙනඟ පොඩි කරදැමූ සේක.


ඔවුන්ගේ මළකඳන්, උපමා අර්ථයෙන් සොදොම් නොහොත් මිසරය යයි කියන, ඔවුන්ගේ සමිඳාණන් වහන්සේ කුරුසියෙහි ඇණ ගැසූ, මහා නුවර වීදියෙහි හෙළනු ලබන්නේ ය.


ඔවුන් පිට වී යන විට මට විරුද්ධ ව වරද කළ අයගේ මළකඳන් දකිනු ඇත. ඔවුන් කාදමන පණුවෝ කිසි කලක නොමැරෙති. ඔවුන් දවාලන ගින්න කිසි කලක නොනිවේ. ඔව්හු සියලු දෙනාට පිළිකුලක් වන්නෝ ය. මෙසේ වදාළේ සමිඳාණන් වන මම ය.”


මිදි වැලේ, ඔහු තම කොටළු නාම්බා දිගේලි කරයි, හොඳ ම මිදි වැලේ කොටළු පැටියා දිගේලි කරයි, ඔහු, තම ඇඳුම් මිදිපැනින් ද, තම සළුව මිදියුසින් ද සෝදයි.


දී කිරෙන් හා බැටළු කිරෙන්, බාෂාන්හි එළු බැටළු තෙලින්, හොඳ ම තිරිඟු පිටිවලින්, පැසුණු ඉස්තරම් මිදියුසින්, ඔවුන් පෝෂණය කළ සේක.


නුඹේ ලේ කඳු දක්වා ගලා ගොස් දිය ඇලවල් එයින් පිරෙනු ඇත.


අස්වැන්න පැසී ඇති බැවින් දෑකැත්ත යොදන්න; මිදි යන්ත්‍ර පිරී ඇති බැවින් ඇතුළට ගොස් පාගන්න; ඔවුන්ගේ නපුරුකම් අධික බැවින් බඳුන් උතුරා යයි.”


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්