ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




එස්රා 8:33 - Sinhala New Revised Version 2018

සතර වන දා ඒ රිදී ද රන් ද භාජන ද පූජක උරියාගේ පුත් මෙරේමොත් අතට අපේ දෙවියන් වහන්සේගේ මාලිගාව තුළ දී කිරා දෙන ලද්දේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

සතර වන දා ඒ රිදී ද රන් ද භාජන ද පූජක උරියාගේ පුත් මෙරේමොත් අතට අපේ දෙවියන් වහන්සේගේ මාලිගාව තුළ දී කිරා දෙන ලද්දේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

සතරවෙනිදා ඒ රිදීද රන්ද බඩුද සියල්ලම ගණන හා බර ප්‍රකාරයට, පූජකයාවූ උරියාගේ පුත්‍රවූ මෙරේමොත් අතට අපේ දෙවියන්වහන්සේගේ ගෘහයේදී කිරා දෙනලද්දේය.

පරිච්ඡේදය බලන්න



එස්රා 8:33
16 හුවමාරු යොමු  

ලෙවීවරුන්ගෙන් ජෝසාබාද්, ෂිමෙයි, කේලායා එනම්, කෙලීටා, පෙතහියා, ජුදා සහ එලියෙසෙර් ය.


ලෙවීවරු නම්: හෝදවියාගේ පුත්‍රයන්ගෙන් වූ ජේෂුවාගේ ද කද්මියෙල්ගේ ද පුත්‍රයෝ හැත්තෑහතරදෙනෙක් ය.


රජු ද ඔහුගේ උපදේශකයන් ද අධිපතීන් ද එහි සිටි සියලු ඉශ්රායෙල්වරුන් ද විසින් අපේ දෙවියන් වහන්සේගේ මාලිගාව උදෙසා දෙන ලද පඬුරු වන රිදී ද රන් ද භාණ්ඩ ද කිරා ඔවුන්ට භාර දිනිමි.


රිදී මෙට්රික් ටොන් විසිදෙකකුත්, කිලෝග්‍රෑම් හැත්තෑවක් බර ඇති රිදී භාණ්ඩ සියයකුත්, රන් කිලෝග්‍රෑම් තුන්දහස් හාරසියයකුත්,


ජෙරුසලමෙහි සමිඳාණන් වහන්සේගේ ගෘහයේ ඇතුළු ගෙවල්වල දී ප්‍රධාන පූජකයන් සහ ලෙවීවරුන් ද ඉශ්රායෙල් පිය වංශවල අධිපතීන් ද ඉදිරිපිට දී ඒවා කිරන තුරු, ඒවා මුර කරමින් ප්‍රවේසම් කරගන්නැ’යි කීමි.


මෙසේ පූජකයෝත්, ලෙවීවරුත් කිරන ලද ඒ රිදී ද රන් ද භාණ්ඩ ද ජෙරුසලමේ අපේ දෙවියන් වහන්සේගේ මාලිගාවට ගෙනෙන පිණිස භාරගත්හ.”


ඒ සියල්ල ගණන් කරනු ලැබී ය. ඒවායේ මුළු බර ලියා සටහන් කරන ලදී. ඔහු සමඟ පිනෙහාස්ගේ පුත් එලෙයාසර් සිටියේ ය. ඔවුන් සමඟ ජේෂුවාගේ පුත් ජෝසාබාද් ද බින්නුයිගේ පුත් නොවදියා ද යන ලෙවීවරුත් සිටියෝ ය.


ඔවුන්ගේ සහෝදරයන් වන ෂෙබනියා ද හෝදියා ද කෙලීටා ද පෙලායා ද හානාන් ද;


හාරීම් ද මෙරේමොත් ද ඔබදියා ද;


ලෙවීවරුන් වන අශනියාගේ පුත් ජේෂුවා ද හෙනාදාද්ගේ පුත්‍රයන්ගෙන් එක් කෙනෙකු වන බීන්නුයි ද කද්මියෙල් ද;


ඔහුට පසු ව හක්කොශ්ගේ පුත් උරියාගේ පුත්‍රයා වන මෙරේමොත් එලියාෂිබ්ගේ ගෙයි දොරකඩ පටන් එලියාෂිබ්ගේ ගෙයි කෙළවර දක්වා තව කොටසක් අලුත්වැඩියා කෙළේ ය.


ඔහුට පසු ව හෙනාදාද්ගේ පුත් බින්නුයි අශරියාගේ ගෙය පටන් පවුර හැරෙන තැන සහ කොත දක්වාත් තව කොටසක් අලුත්වැඩියා කෙළේ ය.


ඔවුන්ට පසු ව හක්කොශ්ගේ පුත් උරියාගේ පුත්‍රයා වන මෙරේමොත් පවුර අලුත්වැඩියා කිරීමේ වැඩ කෙළේ ය. ඔහුට පසු ව මෙෂේශබෙල්ගේ පුත් බෙරෙකියාගේ පුත්‍රයා වන මෙෂුල්ලාම් එය අලුත්වැඩියා කිරීමේ වැඩ කෙළේ ය. ඔහුට පසු ව බානාගේ පුත්‍ර ශාදොක් අලුත්වැඩියා කිරීමේ වැඩ කෙළේ ය.


තවද, ජේෂුවා ද බානී ද ෂෙරෙබියා ද ජාමීන් ද අක්කුබ් ද ෂබ්බෙතයි ද හෝදියා ද මයසේයා ද කෙලීටා ද අශරියා ද ජොශාබාද් ද හානාන් ද පෙලායා ද යන ලෙවීවරු ද සෙනඟ ඔවුන් සිටි තැන්වල නැවතී සිටිය දී ම ඔවුන්ට ව්‍යවස්ථාව තේරුම් කර දුන්හ.