එස්රා 8:34 - Sinhala New Revised Version 201834 ඒ සියල්ල ගණන් කරනු ලැබී ය. ඒවායේ මුළු බර ලියා සටහන් කරන ලදී. ඔහු සමඟ පිනෙහාස්ගේ පුත් එලෙයාසර් සිටියේ ය. ඔවුන් සමඟ ජේෂුවාගේ පුත් ජෝසාබාද් ද බින්නුයිගේ පුත් නොවදියා ද යන ලෙවීවරුත් සිටියෝ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version34 ඒ සියල්ල ගණන් කරනු ලැබී ය. ඒවායේ මුළු බර ලියා සටහන් කරන ලදී. ඔහු සමඟ පිනෙහාස්ගේ පුත් එලෙයාසර් සිටියේ ය. ඔවුන් සමඟ ජේෂුවාගේ පුත් ජෝසාබාද් ද බින්නුයිගේ පුත් නොවදියා ද යන ලෙවීවරුත් සිටියෝ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version34 ඒ මුළු බරද ඒ කාලයෙහි ලියන්ට යෙදුණේය. ඔහු සමඟ පීනෙහාස්ගේ පුත්‍රවූ එලෙයාසර් සිටියේය; ඔවුන් සමඟ යේෂුවාගේ පුත්‍රවූ යෝසාබාද්ද බින්නුයිගේ පුත්‍රවූ නොවදියාද යන ලෙවීවරුත් සිටියෝය. පරිච්ඡේදය බලන්න |
ඒ අවස්ථාවේ දී, විප්‍රවාසයෙන් මිදී ආපසු පැමිණි අය ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේට දවන යාග පූජා පිණිස සියලු ඉශ්රායෙල්වරුන් උදෙසා ගොනුන් දොළොස්දෙනෙකු ද බැටළුවන් අනූහයදෙනෙකු ද බැටළු පැටවුන් හැත්තෑහත්දෙනෙකු ද පාප පූජාවක් පිණිස එළුවන් දොළොස්දෙනෙකු ද ඔප්පු කළෝ ය. ඒ සියල්ල සමිඳාණන් වහන්සේට ඔප්පු කළ මහා දවන පූජාවක් විය.