Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එස්රා 8:33 - Sinhala Revised Old Version

33 සතරවෙනිදා ඒ රිදීද රන්ද බඩුද සියල්ලම ගණන හා බර ප්‍රකාරයට, පූජකයාවූ උරියාගේ පුත්‍රවූ මෙරේමොත් අතට අපේ දෙවියන්වහන්සේගේ ගෘහයේදී කිරා දෙනලද්දේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

33 සතර වන දා ඒ රිදී ද රන් ද භාජන ද පූජක උරියාගේ පුත් මෙරේමොත් අතට අපේ දෙවියන් වහන්සේගේ මාලිගාව තුළ දී කිරා දෙන ලද්දේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

33 සතර වන දා ඒ රිදී ද රන් ද භාජන ද පූජක උරියාගේ පුත් මෙරේමොත් අතට අපේ දෙවියන් වහන්සේගේ මාලිගාව තුළ දී කිරා දෙන ලද්දේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එස්රා 8:33
16 හුවමාරු යොමු  

ඔවුන් ගාව හක්කොශ්ගේ පුත්‍රවූ උරියාගේ පුත්‍රයා වන මෙරේමොත් අලුත්වැඩියාකෙළේය. ඔවුන් ගාව මෙෂේසබෙල්ගේ පුත්‍රවූ බෙරෙකියාගේ පුත්‍රයා වන මෙෂුල්ලාම් අලුත්වැඩියාකෙළේය. ඔවුන් ගාව බානාගේ පුත්‍රවූ ශාදොක් අලුත්වාඩියාකෙළේය.


ඔහු ගාව හක්කෝශ්ගේ පුත්‍රවූ උරියාගේ පුත්‍රයා වන මෙරේමොත් එලියාෂීබ්ගේ ගෙයි දොරකඩ පටන් එලියාෂීබ්ගේ ගෙයි කෙළවර දක්වා තව කොටසක් අලුත්වැඩියාකෙළේය.


මෙසේ පූජකයොත් ලෙවීවරුත් කිරනලද ඒ රිදීද රන්ද භාණ්ඩද යෙරුසලමේ අපේ දෙවියන්වහන්සේගේ ගෘහයට ගෙනෙන පිණිස භාරගත්තෝය.


ලෙවීවරු වන අසනියාගේ පුත්‍රවූ යේෂුවාද හෙනාදාද්ගේ පුත්‍රයන්ගෙන් එක්කෙනෙක්වූ බින්නුයිද කද්මීයෙල්ද;


හාරීම්ද මෙරේමොත්ද ඔබදියාද;


තවද යේෂුවාද බානීද ෂේරෙබියාද යාමීන්ද අක්කූබ්ද ෂබ්බෙතයිද හෝදියාද මයසේයාද කෙලීටාද අසරියාද යෝසාබාද්ද හානාන්ද පෙලායාද ලෙවීවරුද ව්‍යවස්ථාව සෙනඟට තේරුම්කරදුන්නෝය. සෙනඟ තමුන්ගේ ස්ථානයෙහි සිටියෝය.


ඔහු ගාව හෙනාදාද්ගේ පුත්‍රවූ බින්නුයි අසරියාගේ ගෙය පටන් පවුරේ හැරෙන තැන සහ කොන දක්වාත් තව කොටසක් අලුත්වැඩියාකෙළේය.


රිදී තලෙන්ත හසිය පනහකුත් රිදී භාණ්ඩ තලෙන්ත සියයකුත්; රන් තලෙන්ත සියයකුත්;


රජුද ඔහුගේ මන්ත්‍රීවරුන්ද අධිපතීන්ද එහි සිටි සියලු ඉශ්‍රායෙල්වරුන්ද විසින් අපේ දෙවියන්වහන්සේගේ ගෘහය උදෙසා ඔප්පුකළ පඬුර වන රිදීද රන්ද භාණ්ඩද ඔවුන්ට කිරා භාරදුනිමි.


යෙරුසලමෙහි ස්වාමීන්වහන්සේගේ ගෘහයේ ඇතුල් ගෙවල්වලදී නුඹලා ප්‍රධාන පූජකයන් සහ ලෙවීවරුන්ද ඉශ්‍රායෙල් පියවංශවල අධිපතීන්ද ඉදිරිපිටදී කිරන තුරු මුර කරමින්, මේවා ප්‍රවේසම්කරගන්නැයි කීමි.


ඒ මුළු බරද ඒ කාලයෙහි ලියන්ට යෙදුණේය. ඔහු සමඟ පීනෙහාස්ගේ පුත්‍රවූ එලෙයාසර් සිටියේය; ඔවුන් සමඟ යේෂුවාගේ පුත්‍රවූ යෝසාබාද්ද බින්නුයිගේ පුත්‍රවූ නොවදියාද යන ලෙවීවරුත් සිටියෝය.


ලෙවීවරු නම්: හෝදවියාගේ පුත්‍රයන්ගෙන්වූ යේෂුවාගේද කද්මීයෙල්ගේද පුත්‍රයෝ හැත්තෑ හතර දෙනෙක්ය.


ලෙවීරුන්ගෙන් යෝසාබාද්, ෂිමෙයි, කේලායා (එනම් කෙලීටා), පෙතහියා, යූදා සහ එලීයෙසෙර්ය.


ඔවුන්ගේ සහෝදරයෝවූ ෂෙබනියාද හෝදියාද කෙලීටාද පෙලායාද හානාන්ද;


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්