අර්තක්ෂස්තා රජුගේ මේ ලිපියේ පිටපත රෙහුම් ද ෂිම්ෂයි ලේකම් ද ඔවුන්ගේ සහකාරයන් ද ඉදිරියෙහි කියෙවූ විගස ම, ඔව්හු ජෙරුසලමෙහි සිටි ජුදෙව්වරුන් වෙත සැණෙකින් ගොස් බලහත්කාරයෙන් ඔවුන්ගේ වැඩ නතර කළහ.
එස්රා 6:13 - Sinhala New Revised Version 2018 එවිට යුප්‍රටීස් ගඟින් මෙගොඩ සිටි දිශාධිපති තැන වූ තත්තෙනයි ද ෂෙතර්-බෝසෙනයි ද ඔවුන්ගේ සහකාරයෝ ද දාරියුස් රජු විසින් කරන ලද නියමයන් අකුරට ම ඉටු කළෝ ය. Sinhala New Revised Version එවිට යුප්‍රටීස් ගඟින් මෙගොඩ සිටි දිශාධිපති තැන වූ තත්තෙනයි ද ෂෙතර්-බෝසෙනයි ද ඔවුන්ගේ සහකාරයෝ ද දාරියුස් රජු විසින් කරන ලද නියමයන් අකුරට ම ඉටු කළෝ ය. Sinhala Revised Old Version එවිට ගඟ මෙගොඩ සිටි දිශාධිපති තැනවූ තත්තෙනයිද ෂෙතර්-බෝසෙනයිද ඔවුන්ගේ සහකාරයෝද දාරියුෂ් රජු විසින් ආඥාව එවූ බැවින් ඉක්මනින් ඒ හැටියට කළෝය. |
අර්තක්ෂස්තා රජුගේ මේ ලිපියේ පිටපත රෙහුම් ද ෂිම්ෂයි ලේකම් ද ඔවුන්ගේ සහකාරයන් ද ඉදිරියෙහි කියෙවූ විගස ම, ඔව්හු ජෙරුසලමෙහි සිටි ජුදෙව්වරුන් වෙත සැණෙකින් ගොස් බලහත්කාරයෙන් ඔවුන්ගේ වැඩ නතර කළහ.
ආණ්ඩුකාර වූ රෙහුම් ද ලේකම් වූ ෂිම්ෂයි ද ඔවුන්ගේ සෙසු සහකාරයෝ ද විනිශ්චයකරුවෝ ද තානාපතියෝ ද පර්සියානු නිලධාරීහු ද උරුක් හා බබිලෝනි වැසියෝ ද සූසාහි ඒලාම්වරු ද
ඒ කාලයේ දී යුප්‍රටීස් ගඟින් එගොඩ සිටි තත්තෙනයි නම් දිශාධිපතියා ද ෂෙතර්-බෝසෙනයි ද ඔවුන්ගේ සහකාරයෝ ද ඔවුන් වෙත අවුත්, කතා කොට, “මේ මාලිගාව ගොඩනැඟීමට, ප්‍රතිසංස්කරණය කිරීමට ඔබට නියෝග කෙළේ කවරෙක් දැ”යි ඔවුන්ගෙන් ඇසූ හ.
යුප්‍රටීස් ගඟින් එගොඩ සිටි දිශාධිපති තැන වූ තත්තෙනයි ද ෂෙතර්-බෝසෙනයි ද යුප්‍රටීස් ගඟින් එගොඩ සිටි පර්සියානු නිලධාරීන් වූ ඔහුගේ සහකාරයන් ද විසින් දාරියුස් රජුට යැවුණු ලිපියේ පිටපත මතු දැක්වේ.
දාරියුස් රජ මේ නියෝගය නිකුත් කෙළේ ය: “මේ නිසා යුප්‍රටීස් ගඟින් එගොඩ සිටින දිශාධිපති තැන වන තත්තෙනයි ද ෂෙතර්-බෝසෙනයි ද යුප්‍රටීස් ගඟින් එගොඩ සිටින පර්සියාවේ නිලධාරීන් ද ඔබේ සහකාරයන් ද යන ඔබ හැම දෙන ම එතැනින් ඈත් ව සිටින්න.
රජු සිය ආධිපත්‍යය ඇති ව ක්‍රියා කරයි. ඔහු කුමක් කරන්නේ දැ යි ප්‍රශ්න කිරීමට කෙනෙක් නැත.