Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එස්රා 6:13 - Sinhala Revised Old Version

13 එවිට ගඟ මෙගොඩ සිටි දිශාධිපති තැනවූ තත්තෙනයිද ෂෙතර්-බෝසෙනයිද ඔවුන්ගේ සහකාරයෝද දාරියුෂ් රජු විසින් ආඥාව එවූ බැවින් ඉක්මනින් ඒ හැටියට කළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 එවිට යුප්‍රටීස් ගඟින් මෙගොඩ සිටි දිශාධිපති තැන වූ තත්තෙනයි ද ෂෙතර්-බෝසෙනයි ද ඔවුන්ගේ සහකාරයෝ ද දාරියුස් රජු විසින් කරන ලද නියමයන් අකුරට ම ඉටු කළෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 එවිට යුප්‍රටීස් ගඟින් මෙගොඩ සිටි දිශාධිපති තැන වූ තත්තෙනයි ද ෂෙතර්-බෝසෙනයි ද ඔවුන්ගේ සහකාරයෝ ද දාරියුස් රජු විසින් කරන ලද නියමයන් අකුරට ම ඉටු කළෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එස්රා 6:13
9 හුවමාරු යොමු  

එවිට ආණ්ඩුකාරයාවූ රෙහුම්ද ලේකම්වූ ෂිම්ෂයිද ඔවුන්ගේ අනික් සහකාරයෝ වන දිනාවරුද අපර්සත්කාවරුද ටර්පෙලාවරුද අපාර්සාවරුද අර්කෙවාවරුද බබිලෝනිවරුද ෂූෂන්කාවරුද දේහාවරුද ඒලාම්වරුද,


බොහෝදෙනෙක් ආණ්ඩුකාරයාගේ කරුණාව සොයති; එහෙත් මනුෂ්‍යයෙකුගේ යුක්තිය පැමිණෙන්නේ ස්වාමීන්වහන්සේගෙන්ය.


එවිට හාමාන් වස්ත්‍රයද අශ්වයාද රැගෙන මොර්දෙකයි සරසා, ඔහු නුවර වීථි දිගේ අසුපිටින් යන්ට සලස්වා: රජ්ජුරුවන් විසින් ගෞරවකරන්ට කැමති මනුෂ්‍යයාට මෙසේ කරනු ලැබේයයි ඔහුට පෙරටුව ඝෝෂණයකර කීවේය.


ඒ නිසා ගඟ එගොඩ සිටින දිශාධිපති තැන වන තත්තෙනයිද ෂෙතර්-බෝසෙනයිද ගඟ එගොඩ සිටින අපර්සෙකාවරු වන නුඹලාගේ සහකාරයෝද යන නුඹලා එතැනින් ඈත්ව සිටින්න.


ගඟ මෙගොඩ සිටි දිශාධිපති තැනවූ තත්තෙනයිද ෂෙතර්-බෝසෙනයිද ගඟ මෙගොඩ සිටි අපර්සෙකාවරුන්වූ ඔහුගේ සහකාරයන්ද විසින් දාරියුෂ් රජුට යැවූ ලියුම් පිටපතය.


අර්තක්ෂස්තා රජුගේ ලියුමේ පිටපත රෙහුම්ද ෂිම්ෂයි ලේකම්ද ඔවුන්ගේ සහකාරයන්ද ඉදිරියෙහි කියෙවූ හැටියේම ඔව්හු යෙරුසලමෙහි සිටි යුදෙව්වරුන් ළඟට ඉක්මනින් ගොස් බලාත්කාරයෙන් හා බලයෙන් ඔවුන් නැවත්තුවෝය.


ඒ කාලයේදී ගඟ මෙගොඩ සිටි තත්තෙනයි නම් දිශාධිපතියාද ෂෙතර්-බෝසෙනයිද ඔවුන්ගේ සහකාරයෝද ඔවුන් ළඟට ඇවිත් කථාකොට: මේ ගෘහය ගොඩනගන්ටත් මේ පවුර නිමකරන්ටත් නුඹලාට නියෝගයක් කළේ කවුදැයි ඔවුන්ගෙන් ඇසුවෝය.


එසේය, රජුගේ වචනය බල සහිතය; ඔබ මක්කරනවාදැයි ඔහුට කියන්නේ කවුද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්