Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එස්රා 4:23 - Sinhala New Revised Version 2018

23 අර්තක්ෂස්තා රජුගේ මේ ලිපියේ පිටපත රෙහුම් ද ෂිම්ෂයි ලේකම් ද ඔවුන්ගේ සහකාරයන් ද ඉදිරියෙහි කියෙවූ විගස ම, ඔව්හු ජෙරුසලමෙහි සිටි ජුදෙව්වරුන් වෙත සැණෙකින් ගොස් බලහත්කාරයෙන් ඔවුන්ගේ වැඩ නතර කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

23 අර්තක්ෂස්තා රජුගේ මේ ලිපියේ පිටපත රෙහුම් ද ෂිම්ෂයි ලේකම් ද ඔවුන්ගේ සහකාරයන් ද ඉදිරියෙහි කියෙවූ විගස ම, ඔව්හු ජෙරුසලමෙහි සිටි ජුදෙව්වරුන් වෙත සැණෙකින් ගොස් බලහත්කාරයෙන් ඔවුන්ගේ වැඩ නතර කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

23 අර්තක්ෂස්තා රජුගේ ලියුමේ පිටපත රෙහුම්ද ෂිම්ෂයි ලේකම්ද ඔවුන්ගේ සහකාරයන්ද ඉදිරියෙහි කියෙවූ හැටියේම ඔව්හු යෙරුසලමෙහි සිටි යුදෙව්වරුන් ළඟට ඉක්මනින් ගොස් බලාත්කාරයෙන් හා බලයෙන් ඔවුන් නැවත්තුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එස්රා 4:23
8 හුවමාරු යොමු  

ඔවුන්ගේ පාද ලේ වැගිරීමට යුහුව දුවයි.


සිය යහන්වල වැතිර, නපුරු උපා හිතන මතන අයට වන විපතක මහත! පහන් වූ විට ඔවුන්ගේ අතේ බලය නිසා ඔව්හු ඒවා කරති.


නපුරක් නොකළොත්, දුදනන්ට නින්දක් නැත; යමෙකු පාගා නොදැමුවොත්, ඔවුන්ට නින්දක් නැත.


එවිට රජතුමා මේ පිළිතුර යැවී ය: “රෙහුම් ආණ්ඩුකාරයාටත්, ෂිම්ෂයි ලේකම්ටත්, සමාරියේ වාසය කරන ඔවුන්ගේ සෙසු සහකාරයන්ටත්, යුප්‍රටීස් ගඟින් එගොඩ සිටින සෙසු අයටත් සෙත් වේ වා!


තවද, අර්තක්ෂස්තා රජු දවස, බිෂ්ලාම් ද මිතේදාත් ද ටබෙයෙල් ද ඔවුන්ගේ සෙසු සහකාරයෝ ද පර්සියාවේ රජු වූ අර්තක්ෂස්තාට ලියුමක් ලියා යැවූ හ. ඒ ලියුම අරමීය භාෂාවෙන් අරමීය අකුරුවලින් ලියන ලද්දේ ය.


රජුට අලාභ හානි වන විධියේ අනතුරු වැඩි වන්නට ඉඩ නොහරින පිණිස අප්‍රමාද ව මෙය කරන ලෙස වගබලාගන්න.”


එකල ජෙරුසලමෙහි තිබෙන දෙවියන් වහන්සේගේ මාලිගාවේ වැඩ නැවතුණේ ය; පර්සියාවේ රජ වූ දාරියුස්ගේ රාජ පාලනයේ දෙ වන අවුරුද්ද දක්වා එය නැවතී තිබිණි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්