ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




එසකියෙල් 8:1 - Sinhala New Revised Version 2018

තවද, හය වන අවුරුද්දේ හය වන මාසයේ පස් වන දින මා මාගේ ගෙදර ද ජුදාහි ප්‍රජා මූලිකයන් මා ඉදිරියෙහි හිඳගෙන ද සිටින කල මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේගේ බලය එහි දී මා කෙරෙහි පැමිණියේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

තවද, හය වන අවුරුද්දේ හය වන මාසයේ පස් වන දින මා මාගේ ගෙදර ද ජුදාහි ප්‍රජා මූලිකයන් මා ඉදිරියෙහි හිඳගෙන ද සිටින කල මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේගේ බලය එහි දී මා කෙරෙහි පැමිණියේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

තවද හවෙනි අවුරුද්දේ හවෙනි මාසයේ පස්වෙනිදා මා මාගේ ගෙදරද, යූදාහි වැඩිමහල්ලන් මා ඉදිරියෙහිද හිඳගනඋන් කල, ස්වාමිවූ දෙවියන්වහන්සේගේ හස්තය එහිදී මා පිටට පැමුණුණේය.

පරිච්ඡේදය බලන්න



එසකියෙල් 8:1
24 හුවමාරු යොමු  

එලිෂා ප්‍රජා මූලිකයන් සමඟ තමාගේ ගෙදර වාඩි වී සිටියේ ය. එවිට රජ තමා වෙතින් මනුෂ්‍යයෙකු යැවී ය. එහෙත්, පණිවුඩකාරයා ඔහු ළඟට එන්න පළමුවෙන් එලිෂා ප්‍රජා මූලිකයන්ට කතා කොට, “අර මිනීමරුවාගේ පුතා මාගේ හිස කපාදමන්න කෙනෙකු එවූ බව ඔබට පෙනේ ද? ඔබ බලා සිට පණිවුඩකාරයා ආ විට, ඔහුට ඇතුළු වන්න ඉඩ නොදී, දොර වසා එය තද කරගෙන සිටින්න. ඔහුට පස්සෙන් එන ඔහුගේ ස්වාමියාගේ අඩි ශබ්දය ඇසෙන්නේ නැද් දැ?”යි ඇසී ය.


එකල්හි ඉශ්රායෙල්වරුන්ගේ ප්‍රජා මූලිකයන්ගෙන් සමහරු මා ළඟට අවුත් මා ඉදිරියෙහි හිඳ ගත්තෝ ය.


“එබැවින් ඔවුන් සමඟ කතා කර ඔවුන්ට කියන්න, ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. දේව රූපවලට සිය සිත් යොමු කරගත්, ඔවුන්ගේ වැටීමට හේතු වන පාපිෂ්ඨ දෙයට නෙත් යොමු කරගත් යම් ඉශ්රායෙල් ජාතිකයෙකු දිවැසිවරයා වෙත පැමිණියහොත්, ඔහුගේ දේව රූප බහුල වීම නිසා ස්වාමීන් වන මම ම ඔහුට පිළිතුරු දෙන්නෙමි.


සත් වන අවුරුද්දේ පස් වන මාසයේ දස වන දින ඉශ්රායෙල් ප්‍රජා මූලිකයන්ගෙන් සමහරෙක් සමිඳාණන් වහන්සේගේ කැමැත්ත ගැන විමසන පිණිස අවුත් මා ඉදිරියෙහි හිඳගත්තෝ ය.


නව වන අවුරුද්දේ දස වන මාසයේ දස වන දා සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක:


එකොළොස් වන අවුරුද්දේ මාසේ පළමු වන දවසේ දී සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක:


දස වන අවුරුද්දේ දස වන මාසයේ දොළොස් වන දින සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක:


තවද, විසිහත් වන අවුරුද්දේ පළමු වන මාසයේ පළමු වන දා සමිඳාණන් වහන්සේ කතා කොට මෙසේ වදාළ සේක:


එවිට ආත්මයාණෝ මා ඔසවාගත්හ. “ස්වකීය වාසස්ථානයේ සිටින සමිඳාණන් වහන්සේගේ මහිමයට ප්‍රශංසා වේ වා!”යි කියන භූමි කම්පාවක් වැනි ඝෝෂාවක් මා පිටුපසින් මට ඇසුණේ ය.


මෙලෙස ආත්මානුභාවයාණෝ මා ඔසවාගෙන ගියහ. දුකින් හා උදහසින් පිරුණු සිතකින් මම පිටත් ව ගියෙමි. සමිඳාණන් වහන්සේගේ බලය මා කෙරෙහි බලවත් ලෙස පැමිණියේ ය.


එවිට, සමිඳාණන් වහන්සේගේ බලය එහි දී මා පිට පැමිණියේ ය. උන් වහන්සේ කතා කොට, “නැඟිට මිටියාවතට යන්න. එහි දී නුඹ සමඟ කතා කරන්නෙමි”යි මට වදාළ සේක.


තවද, එකොළොස් වන අවුරුද්දේ පළමු වන මාසයේ සත් වන දා සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක:


තවද, එකොළොස් වන අවුරුද්දේ තුන් වන මාසයේ පළමු වන දින සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක:


තවද, දොළොස් වන අවුරුද්දේ දොළොස් වන මාසයේ පළමු වන දා සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක:


තවද, දොළොස් වන අවුරුද්දේ පළමු වන මාසයේ පහළොස් වන දා සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක:


ගැළවී ආ තැනැත්තා එන්නට පෙර දා සවස සමිඳාණන් වහන්සේගේ බලය මා පිට පැමිණ තිබුණේ ය. ඒ මිනිසා පසු දින උදේ මා වෙත එන විට උන් වහන්සේ කතා ශක්තිය මට දී තිබුණේ ය. මාගේ මුඛය ඇරී, මම තවත් ගොළු ව නොසිටියෙමි.


එසේ ඔව්හු සෙනඟක් එන්නාක් මෙන් නුඹ ළඟට අවුත්, මාගේ සෙනඟ මෙන් නුඹ ඉදිරියෙහි හිඳගෙන නුඹේ වචන අසති. එහෙත්, ඔව්හු ඒවා නොපිළිපදිති, මක්නිසා ද, තමන්ගේ වචනයකින් ඔව්හු බොහෝ ආදරය පෙන්වති; එහෙත්, ඔවුන්ගේ සිතින් ඔව්හු සිය ලාභය සොයති.


සමිඳාණන් වහන්සේගේ හස්තය මා පිට පැමිණියේ ය. උන් වහන්සේ සිය ආත්මානුභාවයෙන් මා පිටතට පමුණුවා ඇටකටුවලින් පිරී තිබුණ මිටියාවතක් මැද මා සිටෙවු සේක.


නගරය සතුරන්ට අසු වීමෙන් පසු, දසසතර වන අවුරුද්දේ අප විප්‍රවාසයට ගෙන ගොස් විසිපස් වන වසර පටන්ගැන්මේ දී මාසයේ දස වන දින සමිඳාණන් වහන්සේගේ බලය මා පිට පැමිණියේ ය.


රජතුමා වැලපෙන්නේ ය. අධිපතියා ශෝකයෙන් කලකිරෙන්නේ ය. දේශයේ සෙනඟගේ අත් පණ නැති වන්නේ ය. මම ඔවුන්ගේ කල්ක්‍රියාව අනුව ඔවුන්ට දඬුවම් කරන්නෙමි. ඔවුන්ගේ ම විනිශ්චයයන් අනුව ඔවුන් විනිශ්චය කරන්නෙමි. මෙසේ මා සමිඳාණන් වහන්සේ බව ඔවුන් දැනගනු ඇත.”


මා බැලූ විට ගිනිගත් මනුෂ්‍ය රූපයක් වැනි යමක් දිටිමි. එහි ඉඟටිය මෙන් පෙනුණ කොටස ගින්නෙන් වෙළී තිබිණි. එයින් ඉහළ කොටස කාන්තියෙන් දිළිසෙන ලෝකඩ මෙන් බැබළෙන පෙනීමක් ද තිබිණි.


දෙවියන් වහන්සේ පිළිබඳ සත්‍ය ඥානය දීම හා ඉගැන්වීම පූජකයන්ගේ යුතුකම් ය. ඔවුන් සියලු බලැති සමිඳාණන් වහන්සේගේ දූතයන් වන බැවින් මාගේ කැමැත්ත පිළිබඳ ව ඉගෙනගැනීම සඳහා සෙනඟ ඔවුන් වෙත යා යුතු ය.


මම කාගේ වත් රන් රිදීයට හෝ ඇඳුම් පැළඳුම්වලට හෝ ආශාවක් නොදැක්වීමි.