Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 40:1 - Sinhala New Revised Version 2018

1 නගරය සතුරන්ට අසු වීමෙන් පසු, දසසතර වන අවුරුද්දේ අප විප්‍රවාසයට ගෙන ගොස් විසිපස් වන වසර පටන්ගැන්මේ දී මාසයේ දස වන දින සමිඳාණන් වහන්සේගේ බලය මා පිට පැමිණියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 නගරය සතුරන්ට අසු වීමෙන් පසු, දසසතර වන අවුරුද්දේ අප විප්‍රවාසයට ගෙන ගොස් විසිපස් වන වසර පටන්ගැන්මේ දී මාසයේ දස වන දින සමිඳාණන් වහන්සේගේ බලය මා පිට පැමිණියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

1 අපේ වහල්කමේ විසිපස්වෙනි අවුරුද්ද වන නුවර අසුවීමෙන් පසු දහතරවෙනි අවුරුද්දේ පටන්ගැන්මේදී මාසයේ දසවෙනිදා ස්වාමීන්වහන්සේගේ හස්තය මා පිටට පැමිණ උන්වහන්සේ එතනට මා ගෙනාසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 40:1
17 හුවමාරු යොමු  

අපේ වහල්කමේ දොළොස් වන අවුරුද්දේ දස වන මාසයේ පස් වන දින ජෙරුසලමෙන් ගැළවී ආ කෙනෙක් මා ළඟට අවුත්, “නුවර සතුරන්ට අත්පත් වී ය”යි කී ය.


සමිඳාණන් වහන්සේගේ හස්තය මා පිට පැමිණියේ ය. උන් වහන්සේ සිය ආත්මානුභාවයෙන් මා පිටතට පමුණුවා ඇටකටුවලින් පිරී තිබුණ මිටියාවතක් මැද මා සිටෙවු සේක.


තවද, දොළොස් වන අවුරුද්දේ පළමු වන මාසයේ පහළොස් වන දා සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක:


තවද, දොළොස් වන අවුරුද්දේ දොළොස් වන මාසයේ පළමු වන දා සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක:


එවිට, සමිඳාණන් වහන්සේගේ බලය එහි දී මා පිට පැමිණියේ ය. උන් වහන්සේ කතා කොට, “නැඟිට මිටියාවතට යන්න. එහි දී නුඹ සමඟ කතා කරන්නෙමි”යි මට වදාළ සේක.


මෙලෙස ආත්මානුභාවයාණෝ මා ඔසවාගෙන ගියහ. දුකින් හා උදහසින් පිරුණු සිතකින් මම පිටත් ව ගියෙමි. සමිඳාණන් වහන්සේගේ බලය මා කෙරෙහි බලවත් ලෙස පැමිණියේ ය.


සමිඳාණන් වහන්සේගේ දවසේ දී මම ආත්මයාණන් වහන්සේ තුළ සිටියෙමි. එවිට හොරණෑ හඬක් වැනි මහත් ශබ්දයක් මා පිටුපසින් ඇසිණි.


තවද, විසිහත් වන අවුරුද්දේ පළමු වන මාසයේ පළමු වන දා සමිඳාණන් වහන්සේ කතා කොට මෙසේ වදාළ සේක:


එවිට ආත්මානුභාවය මා ඔසවා කල්දියාවෙහි විප්‍රවාසගත ව සිටින අය වෙත පැමිණෙව්වේ ය. මේ සියල්ල සිදු වූයේ දේවාත්මානුභාවය විසින් එවන ලද දර්ශනයක් මඟිනි. මෙසේ මා දුටු දර්ශනය මා වෙතින් පහ ව ගියේ ය.


තවද, හය වන අවුරුද්දේ හය වන මාසයේ පස් වන දින මා මාගේ ගෙදර ද ජුදාහි ප්‍රජා මූලිකයන් මා ඉදිරියෙහි හිඳගෙන ද සිටින කල මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේගේ බලය එහි දී මා කෙරෙහි පැමිණියේ ය.


මෙසේ අවුරුදු හාරසිය තිහක් අවසාන වූ දිනයෙහි ම සමිඳාණන් වහන්සේගේ සියලු සේනාවෝ මිසර දේශයෙන් නික්ම ගියෝ ය.


නුඹලා මුළු ඉශ්රායෙල් ජනතාව අමතා, මෙසේ නිවේදනය කළ යුතු ය. ‘මේ මාසයේ දස වන දින, හැම මිනිසෙක් ම එක් ගෙදරකට බැටළු පැටවෙකු බැගින් පවුලකට බැටළු පැටවෙකු සපයාගත යුතු ය.


“පළමු වන මාසයේ පළමු වන දින දී මණ්ඩපයේ සම්මුඛ මණ්ඩපය සාදා,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්