එලිෂා ප්‍රජා මූලිකයන් සමඟ තමාගේ ගෙදර වාඩි වී සිටියේ ය. එවිට රජ තමා වෙතින් මනුෂ්‍යයෙකු යැවී ය. එහෙත්, පණිවුඩකාරයා ඔහු ළඟට එන්න පළමුවෙන් එලිෂා ප්‍රජා මූලිකයන්ට කතා කොට, “අර මිනීමරුවාගේ පුතා මාගේ හිස කපාදමන්න කෙනෙකු එවූ බව ඔබට පෙනේ ද? ඔබ බලා සිට පණිවුඩකාරයා ආ විට, ඔහුට ඇතුළු වන්න ඉඩ නොදී, දොර වසා එය තද කරගෙන සිටින්න. ඔහුට පස්සෙන් එන ඔහුගේ ස්වාමියාගේ අඩි ශබ්දය ඇසෙන්නේ නැද් දැ?”යි ඇසී ය.