දාවිත්ගේ සිංහාසනයේ වැඩ හිඳින රජු ගැන ද ඔබ සමඟ හිරකරුවන් වශයෙන් ගෙනයනු නොලැබූ ඔබේ සහෝදරයන් වන මේ නගරයේ වාසය කරන මුළු සෙනඟ ගැන ද සියලු බලැති සමිඳාණන් වහන්සේ වදාරන දේට සවන් දෙන්න.
එසකියෙල් 6:1 - Sinhala New Revised Version 2018 සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක: Sinhala New Revised Version සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක: Sinhala Revised Old Version ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ: |
දාවිත්ගේ සිංහාසනයේ වැඩ හිඳින රජු ගැන ද ඔබ සමඟ හිරකරුවන් වශයෙන් ගෙනයනු නොලැබූ ඔබේ සහෝදරයන් වන මේ නගරයේ වාසය කරන මුළු සෙනඟ ගැන ද සියලු බලැති සමිඳාණන් වහන්සේ වදාරන දේට සවන් දෙන්න.
මම නුඹලාට විරුද්ධව සාගතයක් ද වන මෘගයන් ද එවන්නෙමි. එයින් නුඹලාගේ දරුදැරියන් නැති වී යනු ඇත. වසංගතය ද සාගතය ද ජෙරුසලමේ සෑම තැන ම පැතිරී යනු ඇත. නුඹලාට විරුද්ධ ව යුද්ධයක් ඇති කරන්නෙමි. ස්වාමීන් වන මා මෙසේ පවසා ඇත.”
“මනුෂ්‍ය පුත්‍රය, නුඹේ මුහුණ ඉශ්රායෙල්හි කඳු දෙසට හරවාගෙන ඒවාට විරුද්ධ ව මේ දිවැස් වැකිය කියන්න.